ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w13 9/15 32 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • යේසුස් ඉක්මන් වුණේ නැහැ
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මිය ගොස් සිටින අය ගැන අපට බලාපොරොත්තුවක්
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • යේසුස් ලාසරුස්ව නැවත නැඟිට්ටවයි
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • මැරුණට පස්සේ අපිට වෙන්නේ මොනවද?
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
තව තොරතුරු
2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w13 9/15 32 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

යොහන් 11:35හි සඳහන් වෙන විදිහට ලාසරුස්ව මරණයෙන් නැවත නැඟිටුවන්න කලින් යේසුස් ඇඬුවේ ඇයි?

අපි ආදරය කරපු කෙනෙක් මිය ගියාම අපේ ඇස්වලට කඳුළු එන එක සාමාන්‍ය දෙයක්. ඒත් ලාසරුස් මිය ගිය වෙලාවේ යේසුස් ඇඬුවේ ඔහු මිය ගිය දුකට නෙවෙයි. යේසුස් ඇඬුවේ ලාසරුස්ගේ පවුලේ අය ගැන ඔහුට දැනුණ අනුකම්පාව නිසයි. ඒ වාර්තාව කියවද්දී ඒක පැහැදිලි වෙනවා.—යොහ. 11:36.

වාර්තාවේ සඳහන් වෙන්නේ ‘ලාසරුස් අසනීපයෙන් සිටින බව යේසුස්ට ආරංචි වුණත් ඔහු තමන් සිටි ස්ථානයේ දවස් දෙකක්ම නැවතී හිටියා’ කියලයි. (යොහ. 11:6) යේසුස් ඉක්මනින්ම ඇවිත් ලාසරුස්ව සුව කරන්නේ නැතුව පරක්කු වුණේ ඇයි? ඒකට හේතුවක් තිබුණා. ඒ ගැන යේසුස් කිව්වේ “මේ අසනීපයේ අවසාන ප්‍රතිඵලය මරණය නොවෙයි. එයින් දෙවිට මහත් ගෞරවයක් ගෙන දෙයි. එසේම මනුෂ්‍ය පුත්‍රයාටත් ගෞරවය ලැබෙයි” කියලයි. (යොහ. 11:4) ලාසරුස්ගේ මරණයෙන් දෙවිට ගෞරවයක් ලැබෙන්නේ කොහොමද? එය සිදු වෙන්නේ යේසුස්, ලාසරුස්ව ආශ්චර්යවත් විදිහට නැවත නැඟිටුවන නිසයි.

ඒ වෙලාවේ යේසුස් ගෝලයන්ට කිව්වේ මෙහෙමයි. ‘මම දැන් යන්නේ ලාසරුස්ව නින්දෙන් අවදි කරන්නයි.’ (යොහ. 11:11) යේසුස් එතනදී මරණය සමාන කළේ නින්දකටයි. මිය ගිහින් හිටපු ලාසරුස්ව නැවත නැඟිටුවන එක යේසුස්ට හරියට නිදාගෙන ඉන්න පුංචි දරුවෙක්ව අවදි කරනවා වගේ සුළු දෙයක්. ඒ නිසා ලාසරුස් මිය ගිය එක ගැන දුක් වෙලා අඬන්න යේසුස්ට හේතුවක් තිබුණේ නැහැ.

එහෙමනම් යේසුස් ඇඬුවේ ඇයි? යේසුස්ට, ලාසරුස්ගේ සහෝදරිය වුණ මරියාව හමු වුණ වෙලාවේදී ඔහු දැක්කා ඇයත් ඇය ළඟ හිටපු අයත් අඬනවා. ඒක දැකලා යේසුස්ට ‘මහත් ශෝකයක් හා මහත් වේදනාවක්’ දැනුණා. ඒ නිසයි “යේසුස්ගේ දෑස් කඳුළින් පිරී ගියේ.”—යොහ. 11:33, 35.

ඒ වාර්තාව කියවද්දී අපිට ඉගෙනගන්න පුළුවන් කාරණා තුනක් තියෙනවා. පළවෙනි එක, මිය ගිය අයව හොඳ ශරීර සෞඛ්‍යයකින් නැවත නැඟිටුවන්න යේසුස්ට බලය හා හැකියාව තියෙනවා කියන එක. දෙවෙනි එක, අපි ආදරය කරපු කෙනෙක් මිය ගියාම අපිට දැනෙන දුක වේදනාව යේසුස්ටත් දැනෙනවා කියන එක. තුන්වෙනි එක, තමන් ආදරය කරපු කෙනෙක්ගේ මරණය නිසා දුක් වෙන අයගේ දුක අපිටත් දැනෙන්න ඕනෙ කියන එක.

තමන් ලාසරුස්ව නැවත නැඟිටුවනවා කියලා යේසුස් හොඳින්ම දැනගෙන හිටියා. ඒත් තමන්ගේ මිත්‍රයන් දුක් වෙද්දී යේසුස්ටත් ඒ දුක දැනිලා ඇඬුණා. ඒ වගේ අනිත් අය ගැන අපිට තියෙන අනුකම්පාව නිසා ‘හඬන අය සමඟ හඬන්න’ අපි තුළත් පෙලඹීමක් ඇති වෙන්න පුළුවන්. (රෝම 12:15) එහෙම වුණා කියලා නැවත නැඟිටීම ගැන අපිට තියෙන විශ්වාසයේ අඩුවක් තියෙනවා කියලා ඒකෙන් අදහස් කරන්නේ නැහැ. තමන් ලාසරුස්ව නැවත නැඟිටුවනවා කියලා දැනදැනත් ඔහුගේ මිත්‍රයන් ගැන අනුකම්පාවක් ඇති වෙලා කඳුළු සැලීමෙන් යේසුස් තැබුවේ මොන තරම් කදිම ආදර්ශයක්ද!

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න