මුල් පිටුවෙන් | මිනිසුන්ව දෙවියන්ගෙන් ඈත් කරන අසත්‍ය ඉගැන්වීම්
දෙවියන්ට නමක් නැහැ කියන අසත්‍ය ඉගැන්වීම
වැඩිදෙනාගේ මතය: මහාචාර්යවරයෙක් මෙහෙම කියලා තියෙනවා.
“දෙවියන්ට නමක් තියෙනවාද කියලවත් දෙවියන්ගේ නම මොකක්ද කියලවත් අපි තාම එකඟතාවකට ඇවිල්ලා නැහැ.”—Theological Studies.
බයිබලයේ කියන දේ:
“මාගේ නාමය යෙහෝවාය” කියලා දෙවියන්ම කියලා තියෙනවා. (යෙසායා 42:8) යෙහෝවා කියන නම හෙබ්‍රෙව් භාෂාවේ නමක්. ඒකේ තේරුම ‘තමන් අරමුණු කරන දේ ඉටු කිරීමට ඉතා ක්‍රියාශීලීව කටයුතු කරන තැනැත්තා’ කියන එකයි.—‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය,’ 2049වෙනි පිටුවේ 1වෙනි ඡේදය බලන්න.
අපි යාච්ඤා කරද්දී දෙවියන්ගේ නම පාවිච්චි කරනවාටත් ඒ නම අනිත් අයට කියලා දෙනවාටත් දෙවියන් කැමතියි. ඒ නිසයි බයිබලයේ කියන්නේ “ඔහුගේ නම කියා අයැදින්න. ඔහු කළ දේවල් ගැන ජනයාට දන්වන්න. ඔහුගේ නාමය මොන තරම් ශ්‍රේෂ්ඨද කියා ජනයාට පවසන්න” කියලා.—යෙසායා 12:4.
දෙවියන්ගේ නම යේසුස් ගෝලයන්ට කියලා දුන්නා. ඔහු දැනගෙන හිටියා දෙවි පියාණන්ට ප්‍රේම කරන්න නම් දෙවියන්ගේ නම දැනගන්න එක කොච්චර වැදගත්ද කියලා. “ඔබ මට දැක්වූ ප්‍රේමය ඔවුන් තුළ තිබීමටත් මා ඔවුන් සමඟ එකට බැඳී සිටීම සඳහාත් මම ඔබේ නාමය ගැන ඔවුන්ට දැනුම් දුන්නා. ඒ ගැන ඉදිරියටත් දැනුම් දෙනවා” කියලා යේසුස් කිව්වේ ඒ නිසයි.—යොහන් 17:26.
සත්‍යය දැනගන්න එක වැදගත්:
ආගම දහම පිළිබඳ විද්වතෙක් වන වෝල්ටර් ලෝරි මෙහෙම කියලා තියෙනවා. ‘කෙනෙක් දෙවියන්ගේ නම දන්නේ නැත්නම් දෙවියන්ව අඳුරන්නේ නැහැ. දෙවියන් බලයක් විතරයි කියලා හිතන කෙනෙක්ට දෙවියන්ට ප්‍රේම කරන්නත් බැහැ.’
දෙවියන්ගේ නම වසං කිරීම හෝ ඒ වෙනුවට වෙනත් යෙදුම් භාවිත කිරීම බයිබලයෙන් ඔහුගේ නම සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා හා සමානයි
වික්ටර් සතිපතා පල්ලි ගියත් එයාට දෙවියන් ගැන ඒ තරම් අවබෝධයක් තිබුණේ නැහැ. ඒත් පස්සේ දෙවියන්ගේ නම යෙහෝවා කියලා දැනගත්ත වික්ටර් කිව්වේ මෙහෙමයි. “මම මෙච්චර කල් අදහපු දෙවියන් කවුද කියලා දැනගෙන ඔහුට ළං වෙන්න මට පුළුවන් වුණේ දෙවියන්ගේ නම දැනගත්තට පස්සෙයි.”
අපි දෙවියන්ගේ නම පාවිච්චි කරද්දී ඔහු අපිට ළං වෙනවා. ‘තම නාමය සිහි කරන’ අයට ඔහු පොරොන්දු වෙන්නේ “පියෙක් තමාට කීකරු වන පුත්‍රයෙකුට දයාව පෙන්වන්නාක් මෙන් මමත් ඔවුන්ට දයාව පෙන්වන්නෙමි” කියලයි. (මලාකි 3:16, 17) ඒ වගේම “යෙහෝවා යන දෙවිගේ නාමය කියා අයැදින සියලුදෙනාවම ගලවනු ලබන්නේය” කියලත් බයිබලයේ කියනවා.—රෝම 10:13.