ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w13 11/1 16 පි.
  • පැනයට පිළිතුර බයිබලයෙන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පැනයට පිළිතුර බයිබලයෙන්
  • 2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • පැනයට පිළිතුර බයිබලයෙන්
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සියලුම හොඳ මිනිසුන් ස්වර්ගයට යනවාද?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සියලුම හොඳ අය ස්වර්ගයට යනවාද?
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දේවරාජ්‍යය යනු කුමක්ද?
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
තව තොරතුරු
2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w13 11/1 16 පි.

පැනයට පිළිතුර බයිබලයෙන්

ස්වර්ගයට යන්නේ කවුද? යන්නේ ඇයි?

හුඟක් අය කැමැත්තෙන් ඉන්නවා මිය ගියාට පස්සේ ස්වර්ගයට යන්න. යේසුස් තම මුල් ගෝලයන්ට ස්වර්ගයට යන්න ලැබෙනවා කියලා කිව්වා. ඔවුන් වෙනුවෙන් ස්වර්ගයේ ස්ථානයක් සූදානම් කරනවා කියලා යේසුස් පොරොන්දු වුණේ ඒ නිසයි.—යොහන් 14:2 කියවන්න.

ඔවුන් ස්වර්ගයට යන්නේ ඇයි? යේසුස් කිව්වේ ඒ අය ස්වර්ගයේ රජවරුන් වෙනවා කියලයි. රජවරුන් විදිහට ඔවුන් පොළොව පාලනය කරනවා.—ලූක් 22:28-30; එළිදරව් 5:10 කියවන්න.

හැම හොඳ කෙනෙක්ම ස්වර්ගයට යනවාද?

සාමාන්‍යයෙන් රටක් පාලනය කරන්න තෝරගන්නේ ටිකදෙනෙකුවයි. ඒ හා සමානව පොළොව පාලනය කරන්න ස්වර්ගයට ගන්නෙත් ටිකදෙනෙකුවයි. (ලූක් 12:32) ඔවුන් යේසුස් එක්ක ස්වර්ගයේ පාලනයට හවුල් වෙනවා. කීදෙනෙක් පාලනයට හවුල් වෙනවාද කියලා බයිබලයේ පැහැදිලිවම කියලා තියෙනවා.—එළිදරව් 14:1 කියවන්න.

යේසුස් කිව්වා ඔහුගේ සමහර අනුගාමිකයන්ට ස්වර්ගයේ ස්ථානයක් සූදානම් කරනවා කියලා. ඒ අය ස්වර්ගයට ගිහින් කරන්නේ මොකක්ද?

ස්වර්ගයට නොයන අයට ලැබෙන ආශීර්වාදය මොකක්ද? යේසුස්ගේ පාලනයට යටත් වෙන ඔවුන්ට පාරාදීස පොළොවේ සදාකාලයටම ජීවත් වෙන්න ලැබෙනවා. (යොහන් 3:16) පාරාදීස පොළොවේ ජීවත් වෙන සමහර අය මේ දුෂ්ට සමාජයේ විනාශයෙන් බේරන අයයි. අනිත් අය මරණයෙන් නැවත නැඟිටින අයයි.—ගීතාවලිය 37:29; යොහන් 5:28, 29 කියවන්න.

වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ නමැති පොතේ 8වෙනි පරිච්ඡේදය බලන්න. මෙය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්

www.pr418.com/si වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කරගන්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න