ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w15 11/1 16 පි.
  • පැනයට පිළිතුර බයිබලයෙන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පැනයට පිළිතුර බයිබලයෙන්
  • 2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • පැනයට පිළිතුර බයිබලයෙන්
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පැනයට පිළිතුර බයිබලයෙන්
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මැරුණු අයට ආයෙත් ජීවිතය ලැබෙයිද?
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • නැවත නැඟිටීම කියන්නේ මොකක්ද?
    බයිබලයෙන් උත්තර
තව තොරතුරු
2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w15 11/1 16 පි.

පැනයට පිළිතුර බයිබලයෙන්

මැරුණ අය ආයෙත් ජීවත් වෙයිද?

පාරාදීසයේදී නැවත නැඟිටුණ අයව සතුටෙන් පිළිගන්නවා

සියල්ලේ නිර්මාතෘට නැවත ජීවනය ලබා දෙන්න හැකියාව තියෙනවා

යෙහෝවා දෙවියන් ජීවිතයේ උල්පතයි. (ගීතාවලිය 36:9) එහෙමනම් මැරුණ අයට නැවත ජීවනය දෙන්න දෙවියන්ට පුළුවන් කියලා හිතන එක සාධාරණ නැද්ද? අනාගතයේදී දෙවියන් එහෙම කරනවා කියලා බයිබලයේ සහතික කරනවා. (ක්‍රියා 24:15 කියවන්න.) ඔහු ඒ පොරොන්දුව දීලා තියෙන්නේ ඇයි?

දෙවියන්ගේ අරමුණ වුණේ මිනිසුන් සදහටම පොළොවේ ජීවත් වෙනවා දකින්නයි. (උත්පත්ති 1:31; 2:15-17) ඔහුගේ අරමුණ වෙනස් වෙලා නැහැ. අද අපි අද්දකින දුක් කරදර ගැනත් අපේ ජීවිත කොච්චර කෙටිද කියන එක ගැනත් දෙවියන් දුක් වෙනවා.—යෝබ් 14:1, 14, 15 කියවන්න.

නැවත නැඟිටින අය ජීවත් වෙන්නේ කොහෙද?

දෙවියන් මිනිසුන්ව නිර්මාණය කෙරුවේ ස්වර්ගයේ ජීවත් වෙන්නද? නැහැ. ස්වර්ගයේ ජීවත් වෙන්න නිර්මාණය කෙරුවේ දේවදූතයන්වයි. මිනිසුන්ව නිර්මාණය කෙරුවේ පොළොවේ ජීවත් වෙන්නයි. (උත්පත්ති 1:28; යෝබ් 38:4, 7) යේසුස් කරපු නැවත නැඟිටීම් ගැන ටිකක් හිතලා බලන්න. ඔහු මිනිසුන්ව නැවත නැඟිට්ටෙව්වේ පොළොවේ ජීවත් වෙන්නයි. ඉතින් අනාගතයේදී නැවත නැඟිටින අයගෙන් වැඩිහරියක් ජීවත් වෙන්නේ මේ පොළොවෙමයි.—යොහන් 5:28, 29; 11:44 කියවන්න.

ඒත් දෙවියන් ස්වර්ගයේ ජීවත් වෙන්න පුළුවන් විදිහට කීපදෙනෙක්ව නැවත නැඟිටුවන්න තෝරගෙන තියෙනවා. (ලූක් 12:32; 1 කොරින්ති 15:49, 50) ඒ අය ස්වර්ගයට ගියාට පස්සේ යේසුස් ක්‍රිස්තුස් එක්ක රජවරුන් හැටියට පොළොව පාලනය කරනවා.—එළිදරව් 5:9, 10 කියවන්න.

වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ නමැති පොතේ 7වෙනි පරිච්ඡේදය බලන්න. මෙය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්

www.pr418.com/si වෙබ් අඩවියෙත් තිබෙනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න