ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w13 10/1 16 පි.
  • පැනයට පිළිතුර බයිබලයෙන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පැනයට පිළිතුර බයිබලයෙන්
  • 2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • මිය ගිය අයට යළි ජීවිතය ලැබෙයිද?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පැනයට පිළිතුර බයිබලයෙන්
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මිය ගිය අයට නැවත ජීවිතය ලැබෙයිද?
    සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!
  • නැවත නැඟිටීම කියන්නේ මොකක්ද?
    බයිබලයෙන් උත්තර
තව තොරතුරු
2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w13 10/1 16 පි.

පැනයට පිළිතුර බයිබලයෙන්

මිය ගිය අයට ආපහු ජීවිතය ලැබෙයිද?

තද නින්දක ඉන්න කෙනෙක්ට කිසිම දෙයක් දැනෙන්නෙවත් කිසිම දෙයක් කරන්නවත් බැහැ. මරණයත් හරියට ඒ වගේ. ඒත් මිනිසුන්ව නිර්මාණය කරපු දෙවියන්ට පුළුවන් මිය ගිය අයට ආපහු ජීවිතය දෙන්න. යේසුස් මේ පොළොවේ ඉද්දී මිය ගිය කිහිපදෙනෙක්වම දෙවියන්ගේ බලයෙන් නැවත නැඟිටවපු එකෙන් ඒක තහවුරු වුණා.—දේශනාකාරයා 9:5; යොහන් 11:11, 43, 44 කියවන්න.

මරණය නින්දකට සමාන වෙන්නේ කොහොමද?

දෙවියන්ගේ මතකයේ ඉන්න මිය ගිය අයව නැවත නැඟිටුවලා ඒ අයට පාරාදීස පොළොවක ජීවිතය දෙන්න දෙවියන් පොරොන්දු වෙනවා. ඒක කරන්න දෙවියන්ට නියමිත කාලයක් තියෙනවා. ඒ කාලයේදී සියලු බලය හිමි දෙවියන් මිය ගිය අයව නැවත නැඟිටුවන්න බලාගෙන ඉන්නේ හරිම ආශාවෙන්.—යෝබ් 14:14, 15 කියවන්න.

මිය ගිය අයට ලැබෙන්නේ මොන වගේ ජීවිතයක්ද?

කෙනෙක් මිය ගියාම එයාගේ ශරීරය දිරාපත් වෙනවා. ඒත් දෙවියන්ට පුළුවන් අලුත් ශරීරයක් දීලා ඒ කෙනාවම නැවත නැඟිටුවන්න. ඒ නිසා නැවත නැඟිටින අයට තමන්වම අඳුරගන්න පුළුවන් වෙනවා වගේම මිතුරන්ට හා පවුලේ අයටත් එයාලව අඳුරගන්න පුළුවන් වෙනවා.—1 කොරින්ති 15:35, 38 කියවන්න.

දෙවියන් ටිකදෙනෙකුව නැවත නැඟිටුවන්නේ ස්වර්ගයේ ජීවත් වෙන්නයි. (එළිදරව් 20:6) හැබැයි හුඟදෙනෙක්ව නැවත නැඟිටුවන්නේ මේ පොළොවේම ජීවත් වෙන්නයි. ඒ අය පාරාදීස පොළොවක සදහටම ජීවත් වීමේ බලාපොරොත්තුව ඇතුව අලුතෙන්ම ජීවිතේ පටන්ගන්නවා.—ගීතාවලිය 37:29; ක්‍රියා 24:15 කියවන්න.

වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ නමැති පොතේ 6වෙනි හා 7වෙනි පරිච්ඡේද බලන්න. මෙය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්

www.pr418.com/si වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කරගන්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න