ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w14 8/1 16 පි.
  • පැනයට පිළිතුර බයිබලයෙන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පැනයට පිළිතුර බයිබලයෙන්
  • 2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • සැබෑ දෙවියන් පිළිගන්නේ කාගේ නමස්කාරයද?
    සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!
  • ආගම් ගැන දෙවියන් පවසන්නේ මොනවාද?
    සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!
  • සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගත හැක්කේ කෙසේද?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවි පිළිගන්නා නමස්කාරය
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
තව තොරතුරු
2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w14 8/1 16 පි.
නමස්කාර මධ්‍යස්ථානයක රැස් වී සිටින විවිධ ජාතීන්ට අයත් සාක්ෂිකරුවන්

පැනයට පිළිතුර බයිබලයෙන්

හැම ආගමකින්ම දෙවියන්ට ගෞරවය ලැබෙනවාද?

ආගමේ නාමයෙන් දුෂ්ට දේවල් කරනවා කියලා සමහරවිට ලෝක ප්‍රවෘත්තිවලින් අහලා ඇති. හැම ආගමක්ම ඇති වෙලා තියෙන්නේ සැබෑ දෙවියන්ගෙන් නෙමෙයි. (මතෙව් 7:15) අද හුඟදෙනෙක් නොමඟ ගිහින් තියෙන්නේ ඒ නිසයි.—1 යොහන් 5:19 කියවන්න.

කොහොමවුණත් යහපතට හා සත්‍යයට අවංකව ඇලුම් කරන අය ගැන දෙවියන් සැලකිලිමත් වෙනවා. (යොහන් 4:23) ඒ වගේ අයට බයිබලයේ තියෙන සත්‍යයන් ඉගෙනගන්න කියලා දෙවියන් ආරාධනා කරනවා.—1 තිමෝති 2:3-5 කියවන්න.

සැබෑ ආගම හඳුනාගන්නේ කොහොමද?

යෙහෝවා දෙවියන් විවිධ ආගමික පසුබිම්වල ඉන්න අයට සත්‍යයත් එකිනෙකාට ප්‍රේමය පෙන්වන විදිහත් උගන්වලා ඔවුන්ව එක්සත් කරනවා. (මීකා 4:2, 3) එකිනෙකාට සලකන විදිහෙන් සැබෑ ආගම අදහන්නේ කවුද කියලා හඳුනාගන්න පුළුවන්.—යොහන් 13:35 කියවන්න.

සැබෑ නමස්කාරය මගින් යෙහෝවා දෙවියන් හැම ජාතීන්වම එක්සත් කරනවා.—ගීතාවලිය 133:1

සැබෑ නමස්කාරකයන් ජීවිතේට මඟ පෙන්වීම් ලබාගන්නෙත් තම විශ්වාසයන් ගොඩ නඟාගෙන තියෙන්නෙත් බයිබලයෙන්. (2 තිමෝති 3:16) ඔවුන් දෙවියන්ගේ නමටත් ගෞරව කරනවා. (ගීතාවලිය 83:18) මිනිස්සුන්ට තියෙන එකම බලාපොරොත්තුව දේවරාජ්‍යය කියලා හැමෝටම කියනවා. (දානියෙල් 2:44) ඔවුන් අසල්වැසියන්ට යහපත්කම් කරනවා. ඒ විදිහට ‘ආලෝකය විහිදුවමින්’ යේසුස්ව අනුගමනය කරනවා. (මතෙව් 5:16) ඒ නිසා දේවරාජ්‍යය ගැන ගෙවල්වලට ගිහින් ශුභාරංචිය කියන අය සැබෑ ක්‍රිස්තියානීන් කියලා හඳුනාගන්න පුළුවන්.—මතෙව් 24:14; ක්‍රියා 5:42; 20:20 කියවන්න.

වැඩි විස්තර දැනගන්න බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 15වෙනි පරිච්ඡේදය බලන්න. මෙය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්

www.pr418.com/si වෙබ් අඩවියෙත් තිබෙනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න