ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w14 10/1 16 පි.
  • පැනයට පිළිතුර බයිබලයෙන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පැනයට පිළිතුර බයිබලයෙන්
  • 2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දේවරාජ්‍යය කියන්නේ මොකද්ද?
    සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!
  • දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • දේවරාජ්‍යය යනු කුමක්ද?
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
තව තොරතුරු
2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w14 10/1 16 පි.

පැනයට පිළිතුර බයිබලයෙන්

දේවරාජ්‍යය ඒවා කියලා යාච්ඤා කරන්න ඕන ඇයි?

යේසුස් අසු පිට නැඟී යන්නේ දේවරාජ්‍යයට විරුද්ධව ඉන්න සතුරන්ව පරාජය කරන්නයි

දේවරාජ්‍යය ගැනත් ඒකෙන් ඉටු කරන දේ ගැනත් තව දැනගන්න ඔබ කැමතිද?

දේවරාජ්‍යය කියන්නේ ස්වර්ගයේ තියෙන ආණ්ඩුවක්. පොළොවේ තියෙන හැම දුෂ්ටකමක්ම අයින් කරලා සාමය ගේන්න පුළුවන් ඒ ආණ්ඩුවට විතරයි. දේවරාජ්‍යය ඉල්ලලා යාච්ඤා කරන්න කියලා යේසුස් ගෝලයන්ට කිව්වේ ඒ නිසයි. ඒ රාජ්‍යය මගින් දුෂ්ටකම්, අයුක්තිය හා අසනීප තුරන් කරනවා. කිසිම මිනිස් ආණ්ඩුවකට ඒක කරන්න බැහැ. යෙහෝවා දෙවියන් දේවරාජ්‍යයේ රජු හැටියට පත් කරලා තියෙන්නේ යේසුස්වයි. යේසුස්ගේ හවුල් පාලකයන් වෙන්න ඔහුගේ අනුගාමිකයන්ගෙන් කීපදෙනෙක්ව දෙවියන් තෝරගෙන තියෙනවා.—ලූක් 11:2; 22:28-30 කියවන්න.

දේවරාජ්‍යයේ පාලනයට විරුද්ධ වෙන අයව දෙවියන් ඉවත් කරනවා. දේවරාජ්‍යය ඒවා කියලා ඉල්ලන එකෙන් කරන්නේ මිනිස් ආණ්ඩු වෙනුවට දේවආණ්ඩුව පිහිටුවන්න කියලා කියන එකයි.—දානියෙල් 7:13, 14; එළිදරව් 11:15, 18 කියවන්න.

දේවරාජ්‍යය මිනිසුන්ට සහනයක් වෙන්නේ ඇයි?

යේසුස් දයානුකම්පාවෙන් පිරුණු රජ කෙනෙක්. දෙවියන්ගේ උපකාරය ඉල්ලන හැමෝටම උපකාර කරන්න ඔහුගේ පුත්‍රයා වන යේසුස්ට බලය තියෙනවා.—ගීතාවලිය 72:8, 12-14 කියවන්න.

දේවරාජ්‍යය ඉල්ලලා මුළු හිතින්ම යාච්ඤා කරන අයට වගේම දෙවියන්ට කීකරු වෙන අයටත් දේවරාජ්‍යයේ ආශීර්වාද භුක්ති විඳින්න ලැබෙනවා. දේවරාජ්‍යය ගැන බයිබලයේ කියන දේ දැනගන්න එක නිෂ්ඵල දෙයක් වෙන්නේ නැහැ.—ලූක් 18:16, 17; යොහන් 4:23 කියවන්න.

වැඩි විස්තර දැනගන්න බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 8වෙනි පරිච්ඡේදය බලන්න. මෙය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්

www.pr418.com/si වෙබ් අඩවියෙත් තිබෙනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න