ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w14 11/1 6-7 පි.
  • අපි යක්ෂයාට බය වෙන්න ඕනද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපි යක්ෂයාට බය වෙන්න ඕනද?
  • 2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • යක්ෂයා කියලා කෙනෙක් ඉන්නවාද?
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යක්ෂයා කියන්නේ කවුද?
    දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?
  • යක්ෂයා
    2013 පිබිදෙව්!
  • යක්ෂයාටත් ඔහුගේ කපටි ක්‍රියාවලටත් විරුද්ධව සිටිමු
    “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
තව තොරතුරු
2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w14 11/1 6-7 පි.

මුල් පිටුවෙන් | යක්ෂයා ඇත්තටම ඉන්නවාද?

අපි යක්ෂයාට බය වෙන්න ඕනද?

සැමියා සහ බිරිඳ විෂ වායුව පිරුණු නිවසෙන් එළියට යනවා

කාබන් මොනොක්සයිඩ් වායුව පේන්නේ නැහැ භයානකයි. සාතනුත් ඒ වගෙයි

ගඳක් සුවඳක්, පාටක් නැති කාබන් මොනොක්සයිඩ් වායුව විෂ වායුවක්. විෂ ශරීරගත වීම නිසා මැරෙන අයගෙන් අඩකටත් වඩා මැරෙන්නේ ඒ වායුවට ගොදුරු වෙන නිසයි. ඒත් බය වෙන්න අවශ්‍ය නැහැ. මොකද කාබන් මොනොක්සයිඩ් වායුව තියෙනවද නැද්ද කියලා දැනගන්න උපකරණ හදලා තියෙනවා. ඒ උපකරණ පාවිච්චියට ගන්න හුඟදෙනෙක්ට ආරක්ෂා වෙන්න පුළුවන් වෙලා තියෙනවා.

කාබන් මොනොක්සයිඩ් වායුව වගේ යක්ෂයාවත් අපිට පේන්නේ නැහැ. ඔහු ඉන්නවද කියලා තේරුම්ගන්නත් ලේසි නැහැ. ඔහු හරිම භයානකයි. ඒත් යෙහෝවා දෙවියන් යක්ෂයාගෙන් ආරක්ෂා වෙන්න අපිට උපකාර ලබා දෙනවා. ඒ උපකාරවලින් ප්‍රයෝජන ගන්නවා නම් යක්ෂයාට බය වෙන්න අවශ්‍ය නැහැ. ඒ උපකාර නම් . . .

තීරණ ගන්න තියෙන හැකියාව. බයිබලයේ කියන්නේ මෙහෙමයි. “යක්ෂයාට විරුද්ධ වන්න. එවිට ඔහු ඔබ වෙතින් පලා යයි.” (යාකොබ් 4:7) සාතන් බලවත් පුද්ගලයෙක් වුණත් අපි අකමැති දෙයක් කරන්න කියලා බල කරන්න ඔහුට හැකියාවක් නැහැ. තීරණය තියෙන්නේ අපේ අතෙයි. බයිබලයේ කියන්නේ “ස්ථිර විශ්වාසයකින් ඔහුට [යක්ෂයාට] විරුද්ධව සිටින්න” කියලයි. (1 පේතෘස් 5:9) යේසුස්ව වරදට පොලඹවන්න සාතන් උත්සාහ කරපු අවස්ථා තුනේදීම ඔහු සාතන්ට විරුද්ධ වුණ නිසා සාතන් එතනින් ඉවත් වුණා. (මතෙව් 4:11) ඔබටත් පුළුවන් සාතන්ට විරුද්ධව ඉන්න තීරණයක් ගන්න.

දෙවියන්ට ළං වෙන්න තියෙන ප්‍රස්තාව. බයිබලයේ යාකොබ් 4:8 කියන්නේ “දෙවිට ළං වන්න” කියලයි. යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න කියලා ඔහු අපි එක් එක් කෙනාට ආරාධනා කරනවා. ඒක කරන්න පුළුවන් හොඳම විදිහ තමයි ඔහු ගැන බයිබලයෙන් ඉගෙනගන්න එක. (යොහන් 17:3) අපි දෙවියන් ගැන වැඩියෙන් දැනගද්දී අපිට ඔහු ගැන ලොකු ආදරයක් ඇති වෙනවා. ඒක ඔහුගේ කැමැත්ත කරන්න පෙලඹීමක් වෙනවා. (1 යොහන් 5:3) ඔබ දෙවියන්ට ළං වෙද්දී “ඔහු ඔබට ළං වෙයි” කියලත් යාකොබ් පොතේ කියනවා.

තරුණයෙක් බයිබලය අධ්‍යයනය කරනවා. දෙවියන්ට යාච්ඤා කරනවා. භූතවාදයට සම්බන්ධ දේවල් පුච්චලා දානවා

යෙහෝවා දෙවියන් අපිට ආරක්ෂා වෙන්න උපකාර ලබා දෙනවා

ආරක්ෂා කරනවා කියන පොරොන්දුව. “යෙහෝවා දෙවිගේ නාමය ශක්තිමත් බලකොටුවකි. ධර්මිෂ්ඨයා ඒ වෙත දුව ගොස් ආරක්ෂාව ලබයි” කියලා බයිබලයේ කියනවා. (හිතෝපදේශ 18:10) ඒකෙන් අදහස් කරන්නේ දෙවියන්ගේ නමට අමුතු බලයක් තියෙනවා කියන එක නෙමෙයි. ඒකේ කියන්නේ කෙනෙක් දෙවියන්ගේ නාමය ගෞරවයෙන් සලකනවා නම් ඒ වගේ කෙනෙකුට ඕනම වෙලාවක දෙවියන්ගේ රැකවරණය ඉල්ලන්න පුළුවන් කියලයි.

ආදර්ශ දීලා තියෙනවා. අලුතින් ක්‍රිස්තියානීන් වුණ එෆීසයේ හිටපු අය ගැන බයිබලයේ මෙහෙම කියනවා. “ඔවුන් අතර සිටි මන්තර ගුරුකම්වල නියැලී සිටි බොහෝදෙනෙක් ගුරුකම් සඳහා භාවිත කළ පොත් පත් ගෙනැවිත් සියලුදෙනා ඉදිරියෙහි පුලුස්සා දැමුවෝය. එම පොත් පත්වල වටිනාකම ගණන් බැලූ විට ඒ සියල්ල රිදී කාසි පනස්දහසක් වටිනා බව අනාවරණය විය.”a (ක්‍රියා 19:19) තමන් ළඟ තිබුණු භූතවාදයට සම්බන්ධ දේවල් කොච්චර මිල අධික වුණත් ඔවුන් ඒවා විනාශ කළා. ඒ අය අපිට හොඳ ආදර්ශයක්. අද අපිත් ජීවත් වෙන්නේ භූතවාදය හැම තැනකම පැතිරිලා තියෙන කාලෙකයි. භූතවාදයට සම්බන්ධ ක්‍රියා වගේම රූප, සුර වගේ දේවල් ඒ තරම් භයානක නැහැ කියලා හිතුවත් ඒවායින් භූත බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ දේවල් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න ඕනේ.—ද්විතීය කතාව 18:10-12.

මුල් ලිපියේ සඳහන් කරපු රොකල්යො අවුරුදු 50ක් වන තුරුම යක්ෂයෙක් ඉන්නවා කියලා විශ්වාස කළේ නැතත් පස්සේ ඔහු යක්ෂයෙක් ඉන්නවා කියලා විශ්වාස කළා. ඒ ගැන ඔහු මෙහෙම කියනවා. “මට බයිබලයක් හම්බ වුණා. බයිබලය ඉගෙනගනිද්දී මම දැනගත්තා යක්ෂයෙක් ඉන්නවා කියලා. ඒ වගේම යක්ෂයාගේ උගුල්වලට අහු වෙන්නේ නැතුව ඉන්නත් බයිබලයෙන් ඉගෙනගන්න දේවල් ප්‍රයෝජනවත්.”

“මට බයිබලයක් හම්බ වුණා. බයිබලය ඉගෙනගනිද්දී මම දැනගත්තා යක්ෂයෙක් ඉන්නවා කියලා. ඒ වගේම යක්ෂයාගේ උගුල්වලට අහු වෙන්නේ නැතුව ඉන්නත් බයිබලයෙන් ඉගෙනගන්න දේවල් ප්‍රයෝජනවත්”

යක්ෂයාගෙන් මිනිසුන්ට බලපෑමක් නැති කාලයක් එයිද? ඇත්තටම ඔව්. යක්ෂයාව ‘ගින්නෙන් සහ ගෙන්දගමින් දැවෙන විලට හෙළනු ලබනවා’ කියලා බයිබලයේ පොරොන්දු වෙනවා. (එළිදරව් 20:10) නොපෙනෙන පුද්ගලයෙක්ව ගින්නෙන් සහ ගෙන්දගමින් විනාශ කරන්න බැහැ. ඒකෙන් අදහස් කරන්නේ සදහටම විනාශ කරනවා කියන එකයි. දෙවියන්ට කීකරු මිනිසුන්ට යක්ෂයාගේ බලපෑම් නැති කාලයේදී මොන තරම් ප්‍රීතියෙන් ඉන්න පුළුවන් වෙයිද!

ඒ කාලේ එන තුරු යෙහෝවා දෙවියන් ගැනයි ඔහුගේ මාර්ග ගැනයි දිගටම ඉගෙනගන්න.b යක්ෂයා නැති කාලයක ජීවත් වෙන්න ලැබුණොත් ඔබට කොහොම හැඟෙයිද!

a මෙහිදී කතා කරන රිදී කාසිය රෝමයේ පාවිච්චි කරපු ඩිනාරි කාසියක් නම් ඒ මුදල උපයන්න කම්කරුවෙක් දවස් 50,000ක් වැඩ කරන්න ඕනේ.

b සාතන් හා භූතවාදය ගැන බයිබලයේ තියෙන අදහස් ගැන වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ 10වෙනි පරිච්ඡේදය බලන්න. ඒ පොත යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් ලබාගන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න