ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w14 11/1 16 පි.
  • පැනයට පිළිතුර බයිබලයෙන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පැනයට පිළිතුර බයිබලයෙන්
  • 2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • මැරුණු අයට ආයෙත් ජීවිතය ලැබෙයිද?
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • මිය ගොස් සිටින අය ගැන අපට බලාපොරොත්තුවක්
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • මැරුණු අයට ආයෙත් ජීවිතේ ලැබෙනවා!
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • පැනයට පිළිතුර බයිබලයෙන්
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w14 11/1 16 පි.

පැනයට පිළිතුර බයිබලයෙන්

යේසුස් මැරුණු අයව නැවත නැගිට්ටෙව්වාද?

ලාසරුස්ව යේසුස් නැවත නැඟිටුවලා පිටතට එන්න කියලා ඔහුට කියනවා

ලාසරුස් මිය ගිහින් දවස් 4කට පස්සේ යේසුස් ඔහුව නැවත නැඟිට්ටෙව්වා

යේසුස් මැරුණු අයව නැවත නැගිට්ටෙව්වා කියලා බයිබලයේ වාර්තා වෙනවා. ඒවා සැබෑ සිදුවීම්. ඒ නැවත නැඟිටීම් සිද්ධ වුණ ස්ථාන හා කාල වකවානු බයිබලයේ සඳහන් වෙනවා. උදාහරණයකට ක්‍රි.ව. 31දී යේසුස් විශාල සමූහයක් එක්ක කපර්ණවුම ඉඳලා නායින් නුවරට ගියා. නායින් නුවරදී ඔවුන්ට මිනියක් ගෙනියන විශාල පිරිසක්ව මුණගැහුණා. යේසුස් මිය ගිය තැනැත්තාව නැවත නැගිට්ටෙව්වා. ඒ වාර්තාව තියෙන්නේ දේවවචනයේ නිසාත් ඒක සිද්ධ වුණේ විශාල පිරිසක් ඉදිරියේ නිසාත් ඒක සැබෑ සිදුවීමක් කියන එක ස්ථිරයි.—ලූක් 7:11-15 කියවන්න.

යේසුස්ගේ මිත්‍රයෙක් වන ලාසරුස් මිය ගිහින් දවස් 4කට පස්සේ යේසුස් ඔහුවත් නැවත නැඟිට්ටෙව්වා. ඒ නැවත නැඟිටීමත් හුඟදෙනෙක් දැක්ක නිසා ඒ ගැන සැකයක් නැහැ.—යොහන් 11:39-45 කියවන්න.

මැරුණු අයව යේසුස් නැවත නැඟිට්ටෙව්වේ ඇයි?

යේසුස් එහෙම කළේ ඒ අය ගැන දැනුණ අනුකම්පාව නිසයි. ඒ වගේම නිර්මාතෘ දෙවියන් මැරුණු අයව නැවත නැඟිටුවන්න තමන්ට බලය දීලා තියෙනවා කියලා පෙන්වන්නයි.—යොහන් 5:21, 28, 29 කියවන්න.

යේසුස් මැරුණ අයව නැවත නැඟිටුවලා තියෙන නිසා අනාගතයේදීත් එහෙම කරයි. දෙවියන් ගැන දන්නේ නැතුව මිය ගිය අධර්මිෂ්ඨ අය ඇතුළු තව හුඟදෙනෙක්ව අනාගතයේදී නැවත නැඟිටුවනවා කියලා නිසැකයි. ඒ අධර්මිෂ්ඨ අයට දෙවියන්ට ළං වෙන්න උදව් කරනවා.—ක්‍රියා 24:15 කියවන්න.

වැඩි විස්තර දැනගන්න බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 7වෙනි පරිච්ඡේදය බලන්න. මෙය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්

www.pr418.com/si වෙබ් අඩවියෙත් තිබෙනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න