ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w15 1/1 16 පි.
  • ජීවය ආරම්භ වුණේ කොහොමද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජීවය ආරම්භ වුණේ කොහොමද?
  • 2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • සතුන්
    2015 පිබිදෙව්!
  • සතුන් ස්වර්ගයට යනවාද?
    බයිබලයෙන් උත්තර
  • දෙවි සතුන් ගැන සැලකිලිමත්ද?
    2011 පිබිදෙව්!
  • පැනයට පිළිතුර බයිබලයෙන්
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w15 1/1 16 පි.

පැනයට පිළිතුර බයිබලයෙන්

නිර්මාතෘ කෙනෙක් ඉන්නවා කියලා හුඟදෙනෙක් විශ්වාස කරන්නේ ඇයි?

අම්මා දරුවා දිහා ආදරෙන් බලාගෙන ඉන්නවා

ජීවිතය පුදුම දෙයක් නෙමෙයිද?

“මාව කොතරම් පුදුමාකාර ලෙස සාදා ඇද්ද” කියලා අවුරුදු 3,000කට විතර කලින් කවියෙක් ලිව්වා. (ගීතාවලිය 139:14) තනි සෛලයකින් පටන් අරගෙන බිලිඳෙක් වැඩෙන විදිහ කල්පනා කරද්දී ඔබට පුදුම හිතෙන්නේ නැද්ද? හුඟක් අය කියන්නේ කවුරු හරි ජීවීන්ව නිර්මාණය කළා කියලයි.—ගීතාවලිය 139:13-17; හෙබ්‍රෙව් 3:4 කියවන්න.

මේ විශ්වයත් පෘථිවි නිවහනත් ජීවීන්වත් නිර්මාණය කෙරුවේ එකම තැනැත්තායි. (ගීතාවලිය 36:9) ඔහු මිනිසුන් එක්ක අදහස් හුවමාරු කෙරුවා විතරක් නෙමෙයි ඔහු ගැනත් අපිට කියලා තියෙනවා.—යෙසායා 45:18 කියවන්න.

මිනිසුන් ඇති වුණේ සතුන්ගෙන්ද?

මිනිසුන්ගෙයි සතුන්ගෙයි ශරීර සැකැස්මේ යම් සමානකම් තියෙනවා. එහෙම වුණේ, දෙගොල්ලන්වම පොළොවේ ජීවත් වෙන්න පුළුවන් විදිහට නිර්මාණය කෙරුව නිසයි. හැබැයි දෙවියන් මුල් මිනිසාව නිර්මාණය කෙරුවේ සත්වයෙකුගෙන් නෙමෙයි දූවිල්ලෙන්.—උත්පත්ති 1:24; 2:7 කියවන්න.

මිනිස්සු සතුන්ට වඩා පැති දෙකකින් වෙනස්. එකක්, නිර්මාතෘව දැන හඳුනා ගන්නත් ඔහුට ප්‍රේම කරන්නත් ගරු කරන්නත් ඒ අයට හැකියාව තියෙනවා. අනික, මිනිසුන්ව සදහටම ජීවත් වෙන්න නිර්මාණය කෙරුවත් සතුන්ව නිර්මාණය කෙරුවේ එහෙම නෙමෙයි. ඒත් මිනිස්සු දැන් මැරෙන්නේ මුල් මිනිසා නිර්මාතෘට අකීකරු වුණ නිසයි.—උත්පත්ති 1:27; 2:15-17 කියවන්න.

වැඩි විස්තර දැනගන්න බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 1වෙනි පරිච්ඡේදය බලන්න. මෙය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්

www.pr418.com/si වෙබ් අඩවියෙත් තිබෙනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න