ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w15 8/1 16 පි.
  • පැනයට පිළිතුර බයිබලයෙන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පැනයට පිළිතුර බයිබලයෙන්
  • 2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • දෙවියන්ට ඕනෙ වුණේ මිනිස්සුන්ට මොන වගේ ජීවිතයක් දෙන්නද?
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • පැනයට පිළිතුර බයිබලයෙන්
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ජීවය ආරම්භ වුණේ කොහොමද?
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • 1වන ප්‍රශ්නය: මගේ ජීවිතයට අරමුණක් තියෙනවාද?
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w15 8/1 16 පි.

පැනයට පිළිතුර බයිබලයෙන්

ජීවිතය කියන්නේ මේකද?

වයසක කෙනෙක් සහ අතදරුවෙක් ඈත බලාගෙන ඉන්නවා

ජීවිතය හරිම කෙටියි කියලා ඔබට සමහර වෙලාවට හිතෙනවාද?

සෙල්ලම් කරනවා, වැඩ කරනවා, විවාහ වෙනවා, දරුවන් හදනවා, අන්තිමේදී මහලු වෙනවා. මීට වඩා දෙයක් ජීවිතයට නැද්ද කියලා ඔබ කල්පනා කරලා තියෙනවාද? (යෝබ් 14:1, 2) ඥානවන්තම අය පවා එහෙම කල්පනා කරනවා කියලා බයිබලයේ කියනවා.—දේශනාකාරයා 2:11 කියවන්න.

ජීවිතයට අරමුණක් තියෙනවාද? මුලින්ම ජීවිතය ආරම්භ වුණේ කොහොමද කියලා හොයලා බලන්න ඕනේ. අපේ මොළය හා ශරීරය නිර්මාණය වෙලා තියෙන පුදුම විදිහ ගැන හිතද්දී ඒ පිටුපස බුද්ධිමත් නිර්මාතෘ කෙනෙක් ඉන්න ඕන කියලා හුඟදෙනෙක් නිගමනය කරලා තියෙනවා. (ගීතාවලිය 139:14 කියවන්න.) එහෙමනම් ඔහු අපිව නිර්මාණය කරලා තියෙන්නේ හොඳ හේතුවක් ඇතුවයි! ඒක දැනගත්තොත් අපේ ජීවිතය වඩාත් අර්ථවත් වෙයි.

මිනිසුන්ව නිර්මාණය කළේ ඇයි?

දෙවියන් මුල් මිනිස් යුවළට ආශීර්වාද කරලා ලොකු වගකීමක් බාර දුන්නා. ඔහුගේ අරමුණ වුණේ ඔවුන් මගින් මුළු පොළොවම මිනිසුන්ගෙන් පුරවලා පොළොව පාරාදීසයක් කරලා ඔවුන් සදහටම ජීවත් වෙනවා දකින්නයි.—උත්පත්ති 1:28, 31 කියවන්න.

ඒ යුවළ ඔහුගේ පාලනයට විරුද්ධ වුණාම ඔහුගේ අරමුණට බාධා එල්ල වුණා. ඒත් ඔහු ඒ අරමුණ වෙනස් කෙරුවේ නැහැ. ඔහුට විශ්වාසවන්තව ඉන්න මිනිසුන්ව බේරගන්නවා කියලත් පොළොව සඳහා ඔහුගේ අරමුණ ඉටු කරනවා කියලත් බයිබලයේ සහතික කරනවා. දෙවියන් කැමති ඔහු අරමුණු කළා වගේම ජීවිතයක් ඔබ ගත කරනවා දකින්නයි. (ගීතාවලිය 37:29 කියවන්න.) ඒ අරමුණේ පංගුකාරයෙක් වෙන්න ඔබට පුළුවන් විදිහ බයිබලයෙන් දැනගන්න.

වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ නමැති පොතේ 3වෙනි පරිච්ඡේදය බලන්න. මෙය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්

www.pr418.com/si වෙබ් අඩවියෙත් තිබෙනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න