ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp16 අංක 2 3-4 පි.
  • මේක ඇත්තටම වුණ දෙයක්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මේක ඇත්තටම වුණ දෙයක්ද?
  • 2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සාක්ෂිවලින් පෙන්වන දේ
  • එතකොට යේසුස්ගේ නැවත නැඟිටීම?
  • යේසුස්ගේ නැවත නැඟිටීම අපිට වැදගත් ඇයි?
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සුවිශේෂ වාර්තා—විශ්වාස කළ හැකිද?
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස්ගේ නැවත නැඟිටීම ඇත්තක්ද?
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නැවත නැඟිටීම අපිට ස්ථිරයි
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp16 අංක 2 3-4 පි.
යේසුස්ගේ සිරුර වධකණුවෙන් අයින් කරද්දී ඔහුගේ ගෝලයෝ බලාගෙන ඉන්නවා

මුල් පිටුවෙන් | යේසුස් දුක් වේදනා විඳලා මැරුණේ ඇයි?

මේක ඇත්තටම වුණ දෙයක්ද?

ක්‍රිස්තු වර්ෂ 33දී නාසරෙත් නුවරේ යේසුස්ව මරා දැමුවා. ඔහු කැරලිකාරයෙක් කියලා බොරුවට චෝදනා කරලා හිත්පිත් නැති විදිහට ඔහුට පහර දීලා ඔහුව ඇණ ගැහුවා. දරන්න අමාරු වේදනාවක් විඳලා ඔහු මිය ගියා. ඒත් දෙවියන් ඔහුව නැවත නැඟිට්ටෙව්වා. ඊට දවස් 40කට පස්සේ ඔහු ස්වර්ගයට ගියා.

මේ වාර්තාව තියෙන්නේ අලුත් ගිවිසුම කියලා හඳුන්වන ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ලේ සුවිශේෂ පොත් හතරේ. ඇත්තටම ඒ දේවල් සිද්ධ වුණාද? ඒක අපේ ජීවිතවලට බලපාන වැදගත් ප්‍රශ්නයක්. මේ දේවල් සිද්ධ වුණේ නැත්නම් ක්‍රිස්තියානීන්ගේ විශ්වාසය නිෂ්ඵල වෙනවා. පාරාදීසයේ සදාකාල ජීවනය ලැබෙනවා කියන බලාපොරොත්තුවත් සිහිනයක් වෙනවා. (1 කොරින්ති 15:14) හැබැයි ඒවා ඇත්තටම සිද්ධ වුණා නම් මිනිසුන්ට දීප්තිමත් අනාගතයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔයාටත් ඒකේ පංගුකාරයෙක් වෙන්න පුළුවන්. සුවිශේෂ පොත්වල තියෙන වාර්තා ඇත්තද? බොරුද?

සාක්ෂිවලින් පෙන්වන දේ

ප්‍රබන්ධ කථාවල වගේ නෙමෙයි මේ සුවිශේෂ පොත්වල වාර්තා සවිස්තර සහ නිවැරදි ඒවායි. උදාහරණෙකට අදටත් ඒවාවල සඳහන් හුඟක් තැන්වලට ගිහින් බලන්න පුළුවන්. වෙනත් ලේඛකයන් කියන දේවලින් ඔප්පු වෙනවා ඒ වාර්තාවල සැබෑ පුද්ගලයන් ගැන ලියලා තියෙනවා කියලා.—ලූක් 3:1, 2, 23.

යේසුස්ගේ මරණය ගැන සුවිශේෂවල තියෙන විස්තරය එදා රෝමයේ මරණ දණ්ඩනය දුන්න විදිහට එකඟයි. ඒ වගේම යේසුස්ගේ ගෝලයන් කරපු වැරදි පවා හංගන්නේ නැතුව ඒ විදිහටම සුවිශේෂවල වාර්තා කරලා තියෙනවා. (මතෙව් 26:56; ලූක් 22:24-26; යොහන් 18:10, 11) ඒවා ලිව්ව ලේඛකයන් යේසුස් ගැන අවංකව සහ නිවැරදිව ලියලා තියෙනවා කියන එකට ඒ හේතු හොඳ සාක්ෂියක්. 1වෙනි සහ 2වෙනි සියවස්වල හිටිය වෙනත් ලේඛකයනුත් යේසුස් ගැන සඳහන් කරලා තියෙනවා.a

එතකොට යේසුස්ගේ නැවත නැඟිටීම?

යේසුස් ජීවත් වෙලා ඉඳලා මිය ගියා කියලා හුඟදෙනෙක් පිළිගත්තත් සමහරු ඔහුගේ නැවත නැඟිටීම ගැන ප්‍රශ්න කරනවා. යේසුස් නැවත නැඟිට්ටා කියලා ආරංචි වුණ ගමන් ඔහුගේ ගෝලයන් පවා ඒක විශ්වාස කෙරුවේ නැහැ. (ලූක් 24:11) හැබැයි ඔවුන් වගේම අනිත් ගෝලයන් අවස්ථා කීපයකදීම නැවත නැඟිටුණ යේසුස්ව දැක්කාම ඔවුන්ගේ සැකය දුරු වුණා. එක අවස්ථාවකදී 500දෙනෙක්ට වඩා වැඩි පිරිසක් ඉදිරියේ ඔහු පෙනී හිටියා.—1 කොරින්ති 15:6.

අත්අඩංගුවට ගනියි, මරලා දායි කියන අවදානම තිබුණත් යේසුස්ගේ ගෝලයන් ඔහුගේ නැවත නැඟිටීම ගැන හැමෝටම කිව්වා. ඔහුව මරලා දාපු අයට පවා ඒ ගැන නිර්භීතව කිව්වා. (ක්‍රියා 4:1-3, 10, 19, 20; 5:27-32) යේසුස් නැවත නැඟිට්ටා කියන එක ගැන හොඳ විශ්වාසයක් තිබුණේ නැත්නම් ගෝලයන් නිර්භීතව ඒ ගැන කියයිද? ඇත්තටම කියනවා නම් යේසුස් නැවත නැඟිටුණා කියන සත්‍යය එදා වගේම අදත් ක්‍රිස්තු ධර්මය පවතින්න ප්‍රබල හේතුවක් වෙලා තියෙනවා.

යේසුස්ගේ මරණය සහ නැවත නැඟිටීම ගැන සුවිශේෂ වාර්තාවල සඳහන් දේවලින් ඒ වාර්තා නිවැරදියි කියන එකට පැහැදිලි සාක්ෂි සපයනවා. ඒවා හොඳින් අධ්‍යයනය කෙරුවොත් ඒ දේවල් ඇත්තටම සිද්ධ වුණා කියන එක තහවුරු වෙයි. ඒවා සිද්ධ වුණේ ඇයි කියලා තේරුම්ගත්තොත් ඒවා නිවැරදියි කියන එක තවත් තහවුරු වෙයි. ඊළඟ ලිපියේ ඒ ගැන පැහැදිලි කරනවා.

a ක්‍රි.ව. 55දී විතර ඉපදුණ ටැසිටස් ලිව්වේ මෙහෙමයි. “ටයිබීරියස්ගේ පාලන සමයේ හිටිය පාලකයෙක් වන පොන්තියුස් පිලාත්, [ක්‍රිස්තියානීන්] කියන නම ආරම්භ වෙන්න හේතු වුණ ක්‍රිස්තුස්ට අමානුෂික ලෙස වධ හිංසා කළා.” ඒ වගේම සිව්ටෝනියස් (1වෙනි සියවස), යුදෙව් ඉතිහාසඥයෙකු වන ජොසීෆස් (1වෙනි සියවස) සහ බිතිනියේ ආණ්ඩුකාර කනිෂ්ඨ ප්ලිනිත් (2වෙනි සියවසේ මුල්භාගය) යේසුස් ගැන සඳහන් කෙරුවා.

වෙනත් අය මේ ගැන වැඩිය වාර්තා කරලා නැත්තේ ඇයි?

යේසුස් ඇත්තටම හිටියා, ඔහුව නැවත නැඟිට්ටෙව්වා කියන එක 1වෙනි සියවසේ වෙනත් වාර්තාවල සඳහන් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න ඕනෙද? නැහැ. සුවිශේෂ වාර්තා අවුරුදු 2,000ක් විතර පරණයි. ඒ කාලේ ලිව්ව වෙනත් වාර්තා කීපයයි දැනට ඉතුරු වෙලා තියෙන්නේ. (1 පේතෘස් 1:24, 25) අනිත් එක යේසුස් ගැන තියෙන වාර්තා විශ්වාස කරන්න උදව් වෙන කිසිම දෙයක් ඔහුගේ සතුරන් ලියයි කියලා හිතන්නත් බැහැ.

යේසුස්ගේ නැවත නැඟිටීම ගැන ඔහුගේ ගෝලයෙක් වන පේතෘස් කිව්වේ මෙහෙමයි. “දෙවි ඔහුව තුන්වෙනිදා නැඟිටුවා, මිනිසුන් ඉදිරියේ පෙනී සිටීමට අවස්ථාව උදා කර දුන්නා. නමුත් හැම කෙනෙක්ම ඔහුව දැක්කේ නැහැ. ඔහුව දැක්කේ අපි විතරයි. ඔහු මරණයෙන් නැඟිටුණු පසු අපි ඔහු සමඟ එකට ආහාරත් ගත්තා. දෙවි කල්තියාම අපව විශේෂයෙන්ම පත් කළේ ඔහු ගැන සාක්ෂි දරන්නයි.” (ක්‍රියා 10:40, 41) හැමෝම ඔහුව නොදැක්කේ ඇයි? යේසුස් නැවත නැඟිටලා කියලා ඔහුගේ හතුරන් දැනගත්තාම ඒ ආරංචිය පැතිරෙන එක වළක්වන්න උත්සාහ කළා කියලා මතෙව්ගේ සුවිශේෂයේ කියනවා.—මතෙව් 28:11-15.

තමන්ගේ නැවත නැඟිටීම රහසක් හැටියට තියාගන්න යේසුස්ටත් ඕන වුණාද? නැහැ. මොකද පේතෘස් කිව්වේ මෙහෙමයි. “ජීවත් වන අයගේ හා මිය ගිය අයගේ විනිශ්චයකරු ලෙස දෙවි පත් කර ඇති තැනැත්තා තමා බව ජනයාට දේශනා කර ඒ ගැන සම්පූර්ණ සාක්ෂියක් දරන්න යේසුස් අපට අණ කළා.” සැබෑ ක්‍රිස්තියානීන් කරලා තියෙන්නෙත් කරන්නෙත් ඒකමයි.—ක්‍රියා 10:42.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න