ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp17 අංක 4 13 පි.
  • පුංචි අකුරකින් ලොකු පාඩමක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පුංචි අකුරකින් ලොකු පාඩමක්!
  • 2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • සමාන තොරතුරු
  • ලියුම් ලිවිය යුතු අයුරු
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp17 අංක 4 13 පි.
යෙහෝවා දෙවියන්ගේ නම සඳහන් වෙන හෙබ්‍රෙව් අකුරු හතරේ පුංචිම අකුර රතු පාටින්

යෙහෝවා දෙවියන්ගේ නම සඳහන් වෙන හෙබ්‍රෙව් අකුරු හතර (කියවන්නේ දකුණේ සිට වමට)

පුංචි අකුරකින් ලොකු පාඩමක්!

දෙවියන් කියලා තියෙන හැම දෙයක්ම ඒ විදිහටම වෙයිද? යේසුස්ට නම් ඒ ගැන පුංචි සැකයක්වත් තිබුණේ නැහැ. ඒ වගේම විශ්වාසයක් ගොඩනඟාගන්න ඔහු අනිත් අයටත් උදව් කළා. මතෙව් 5:18 ඔහු කියපු මේ දේ ඒකට හොඳ උදාහරණයක්. “මා ඔබට කියන්නේ, අහස හා පොළොව පහව ගියත් නීතියේ සඳහන් සෑම දෙයක්ම අනිවාර්යයෙන් ඉටු වන බවයි. එහි සඳහන් කුඩාම අකුරක් වුණත් අකුරකින් අංශුමාත්‍රයක් වුණත් ඉතා වැදගත් බව මතක තබාගන්න.”

හෙබ්‍රෙව් භාෂාවේ කුඩාම අකුර “යෝද්” (י). ඒක යෙහෝවා කියන දෙවියන්ගේ නම ලියන්න යොදාගත්ත අකුරු හතරේ මුල්ම අකුරයි.a හෙබ්‍රෙව් භාෂාවේ අකුරුවල ශබ්ද අඳුරගන්න කුඩා ලකුණු යොදාගත්තා. “අකුරකින් අංශුමාත්‍රයක්” කියලා යේසුස් කිව්වේ ඒ ගැනයි. දෙවියන් දුන්න නීතියේ වචන, අකුරු විතරක් නෙවෙයි ඒ ලකුණුත් ගොඩක් වැදගත් කියලා නීතිය පිටපත් කරන අය සහ ආගමික නායකයන් පිළිගත්තා.

අහසයි පොළොවයි කවදාවත් විනාශ වෙන්නේ නැහැ කියලා බයිබලයේ සහතික කරනවා. (ගීතාවලිය 78:69) ඒ නිසා ‘අහස පොළොව පහව ගියත්’ කියලා යේසුස් කියද්දී ඔහු ඇත්තටම අදහස් කළේ එහෙම වෙනවා කියලා නෙවෙයි, නීතියේ තියෙන හැම කාරණයක්ම අකුරටම ඉටු වෙනවා කියලයි.

නීතියේ තියෙන හැම පුංචි තොරතුරක්ම යෙහෝවා දෙවියන්ට වැදගත්ද? මේ උදාහරණය බලන්න. පාස්කු උත්සවයේදී කෑමට ගත්ත බැටළුවාගේ ‘එක ඇටයක්වත් කඩන්න එපා’ කියලා දෙවියන් කිව්වා. (නික්මයාම 12:46) ඒ පුංචි තොරතුර වැදගත් කියලා ඊශ්‍රායෙල්වරු තේරුම්ගත්තද? බැලූ බැල්මට ඒක එච්චර වැදගත් නැහැ කියලා එයාලා හිතන්න ඇති. ඒත් පස්සේ කාලෙකදී දෙවියන් ගැලවුම්කරු ගැන දුන්න අනාවැකියකින් ඒ පුංචි කාරණය කොච්චර වැදගත්ද කියලා පැහැදිලි වුණා. ඔහු කිව්වේ සතුරන් ගැලවුම්කරුව මරණයට පත් කරද්දී ඔහුගේ එක ඇටකටුවක්වත් කඩන්න දෙන්නේ නැහැ කියලයි.—ගීතාවලිය 34:20; යොහන් 19:31-33, 36.

එහෙමනම් අපි ඉගෙනගන්න පාඩම මොකක්ද? යෙහෝවා දෙවියන් කියන අනාවැකියක පුංචිම තොරතුර පවා ඉටු වෙනවා. ඒ ගැන අබ මල් රේණුවක තරම්වත් සැකයක් තියාගන්න ඕනෙ නැහැ. පුංචි අකුරකින් අපි කොච්චර ලොකු පාඩමක් ඉගෙනගත්තද!

a ග්‍රීක භාෂාවේ කුඩාම අකුර “අයෝටා.” “යෝද්” සහ “අයෝටා” කියන අකුරු දෙකේ සමානකම් තියෙනවා. ඒත් නීතිය ලියලා තිබුණේ හෙබ්‍රෙව් භාෂාවෙන් නිසා යේසුස් කිව්වේ “යෝද්” කියන අකුර ගැන කියලා හිතන්න පුළුවන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න