ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp17 අංක 4 16 පි.
  • බයිබලයේ කියන්නේ මොනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බයිබලයේ කියන්නේ මොනවාද?
  • 2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • හිතේ කරදරවලට විසඳුමක් බයිබලයේ තියෙනවාද?
  • හිතේ කරදර නැති කාලයක් එයිද?
  • ඔබගේ සියලු සිත්තැවුල් යෙහෝවඃවහන්සේ පිට තබන්න
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • කනස්සල්ලට හේතු වෙන හැම බරක්ම යෙහෝවා දෙවිට භාර දෙන්න
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • හිතේ කරදරෙන් ඉන්න එක
    2016 පිබිදෙව්!
  • කනස්සල්ලට මුහුණ දෙන පුරුෂයන්ට බයිබලෙන් උදව්
    තවත් ලිපි
තව තොරතුරු
2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp17 අංක 4 16 පි.
A family in Paradise

දෙවි පාලනය කරන කාලයේදී සාමය නැති තැනක් නැහැ. අපේ හිත් සතුටින් පිරිලා යයි.—ගීතාවලිය 37:11

බයිබලයේ කියන්නේ මොනවාද?

හිතේ කරදරවලට විසඳුමක් බයිබලයේ තියෙනවාද?

ඔයා කියන්නේ මොකක්ද?

  • ඔව්

  • නැහැ

  • සමහරවිට

බයිබලයේ කියන්නේ මෙහෙමයි

දෙවියන් “ඔබ ගැන සැලකිලිමත් වන නිසා ඔබේ කනස්සල්ලට හේතු වන සෑම බරක්ම ඔහු පිට තබන්න.” (1 පේතෘස් 5:7) ඔයාගේ හිතට සහනයක් දෙන්න දෙවියන්ට පුළුවන් කියලා ඒකෙන් පැහැදිලියි.

බයිබලයේ මෙහෙමත් කියනවා

  • දෙවියන්ට ඔයාගේ හිතේ කරදර කියද්දී ‘ඔහු දෙන සමාදානය’ නිසා ඔයාට ලොකු සන්සුන්කමක් දැනෙයි.—ෆිලිප්පි 4:6, 7.

  • බයිබලය කියවන එකත් ඔයාගේ හිතට දැනෙන පීඩනය දරාගන්න උදව්වක්.—මතෙව් 11:28-30.

හිතේ කරදර නැති කාලයක් එයිද?

සමහරු හිතනවා ‘ඉපදුණොත් ඉතිං දුක් කරදර විඳින්නම වෙනවා’ කියලා. ‘ඒවා නැති වෙන්න මැරෙන්නම ඕනේ’ කියලා හිතන අයත් ඉන්නවා. ඔයා මොකක්ද හිතන්නේ?

බයිබලයේ කියන්නේ මෙහෙමයි

“මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය.” (එළිදරව් 21:4) දුක් කරදරවලට හේතු වෙන හැම දෙයක්ම දෙවියන් නැති කරන්න යනවා.

බයිබලයේ මෙහෙමත් කියනවා

  • දෙවියන් පොළොව පාලනය කරද්දී හැමෝම සාමකාමීව, බයක් සැකක් නැතුව ජීවත් වෙන්න යනවා.—යෙසායා 32:18.

  • දැන් හිතේ තියෙන කිසිම දුකක් ආයේ කවදාවත්ම මතකයට එන්නේ නැහැ.—යෙසායා 65:17.

වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ නමැති පොතේ 3වෙනි පරිච්ඡේදය බලන්න. මෙය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්

www.pr418.com/si වෙබ් අඩවියෙත් තිබෙනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න