යුද්දෙට යොදාගන්න හැම දෙයක්ම විනාශ කරනවා
බයිබලයේ කියන්නේ මොනවාද?
මුළු පොළොවෙම සාමය පිරුණු කාලයක් කවදා හරි එයිද?
ඔයා කියන්නේ මොකක්ද?
ඔව්
නැහැ
සමහරවිට
බයිබලයේ කියන්නේ මෙහෙමයි
යේසුස්ගේ පාලනය යටතේ “සඳ පවතින තෙක්” ඒ කියන්නේ සදාකාලෙටම ‘සමාදානය තියෙනවා.’—ගීතාවලිය 72:7.
බයිබලයේ මෙහෙමත් කියනවා
නපුරු අයව සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. එතකොට හොඳ අයට ‘දසත පැතිරී තිබෙන සාමය නිසා මහත් සේ ප්‍රීති වෙන්න’ පුළුවන්.—ගීතාවලිය 37:10, 11.
දෙවියන් යුද්ධවලට අවසානයක් ගේනවා.—ගීතාවලිය 46:8, 9.
දැනුත් හිතේ සාමයෙන් ඉන්න පුළුවන්ද?
සමහරු හිතනවා පොළොවේ දුක් වේදනා, අයුක්තිය තියෙන කල් හිතේ සාමයෙන් ඉන්න බැහැ කියලා. ඔයා හිතන්නේ මොකක්ද?
බයිබලයේ කියන්නේ මෙහෙමයි
දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගෙන තියෙන අය දැනුත් “කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි සමාදානයක්” අද්දකිනවා.—ෆිලිප්පි 4:6, 7.
බයිබලයේ මෙහෙමත් කියනවා
හැම දුක් වේදනාවක්ම, අයුක්තියක්ම නැති කරලා “සෑම දෙයක්ම අලුතෙන් සාදනවා” කියලා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා.—එළිදරව් 21:4, 5.
“දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවකින්” ඉන්නවා නම් අපිට හිතේ සාමයෙන් ඉන්න පුළුවන්.—මතෙව් 5:3.