ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w17 නොවැම්බර් 18-19 පි.
  • “ත්‍යාගශීලී තැනැත්තාට ආශීර්වාද කරනු ලැබේ”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “ත්‍යාගශීලී තැනැත්තාට ආශීර්වාද කරනු ලැබේ”
  • 2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • අතිවිශාල වැඩක්!
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවා දෙවිගේ ත්‍යාගශීලීකමට අගය පෙන්නමු
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වැඩිපුර ඇති දෙයින් හිඟකම පිරිමැසෙයි
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා දෙවිට කැමැත්තෙන් දෙන්න
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w17 නොවැම්බර් 18-19 පි.
හන්නා කුඩා සාමුවෙල්ව ශුද්ධ කූඩාරමට අරන් ඇවිත්

“ත්‍යාගශීලී තැනැත්තාට ආශීර්වාද කරනු ලැබේ”

එදා ඉඳන්ම පූජාවලට, පරිත්‍යාගවලට හිමි වුණේ විශේෂ තැනක්. ඊශ්‍රායෙල්වරු සත්ව පූජා ඔප්පු කළා. යේසුස්ගේ අනුගාමිකයන් “දෙවිට කරන ප්‍රශංසාව” සලකන්නේ පූජාවක් හැටියට. පරිත්‍යාගයන් කරලා යෙහෝවා දෙවිගේ හිත සතුටු කරන්න පුළුවන් තවත් විදි තියෙනවා. (හෙබ්‍රෙ. 13:15, 16) එහෙම කරද්දී සතුටක් වගේම ආශීර්වාද අද්දකින්න පුළුවන් කියලා මේ උදාහරණවලින් පැහැදිලි වෙයි.

දෙවිට විශ්වාසවන්තව සේවය කරපු හන්නාට දරුවෝ හිටියේ නැහැ. දවසක් එයා යාච්ඤාවකින් දෙවිට පොරොන්දු වුණා එයාට පුතෙක් දුන්නොත් ඒ පුතාව ‘මුළු ජීවිත කාලය පුරාම දෙවිට සේවය කරන්න කැප කරනවා’ කියලා. (1 සාමු. 1:10, 11) කාලයක් යද්දී හන්නාට පුතෙක් ලැබුණා. එයාගේ නම සාමුවෙල්. කිරි බොන වයස පහු වුණාම හන්නා පොරොන්දු වුණ විදිහටම පුතාව ශුද්ධ කූඩාරමට අරන් ගියා. හන්නා කරපු පරිත්‍යාගය අගය කරපු දෙවි පස්සේ කාලෙක එයාට තව දරුවෝ 5දෙනෙක්ම ලබා දුන්නා. සාමුවෙල් අනාගතවක්තෘවරයෙක් වුණා. බයිබලේට ඇතුළත් පොත් ලියන්නත් දෙවි එයාව පාවිච්චි කළා.—1 සාමු. 2:21.

හන්නා, සාමුවෙල් වගේ අපිටත් අවස්ථාව තියෙනවා දෙවිට කරන සේවය වෙනුවෙන් අපේ ජීවිත සම්පූර්ණයෙන්ම කැප කරන්න. යේසුත් පොරොන්දු වුණා අපි අත්හරින ඕනම දේකට වඩා වැඩියෙන් අපිට ආශීර්වාද කරනවා කියලා.—මාක් 10:28-30.

දොර්කස් ‘බොහෝ යහපත් දේවල් කළ, නිතරම අනුන්ට නොයෙකුත් දේවල් තෑගි කළ තැනැත්තියක්.’ හදිස්සියේම එයා ලෙඩ වෙලා මැරුණාම සභාවේ අය කොච්චර දුක් වෙන්න ඇද්ද! එයාලා ළඟපාත ප්‍රදේශයක හිටපු පේතෘස්ට ඉක්මනින්ම එන්න කියලා පණිවිඩයක් යැව්වා. පේතෘස් ඇවිත් දොර්කස්ව නැවත නැඟිට්ටෙව්වාම එයාලට දැනුණ සතුට හිතාගන්න පුළුවන්ද? නියෝජිතයෙක් ඒ වගේ දෙයක් කරපු මුල්ම අවස්ථාව ඒකයි. (ක්‍රියා 9:36-41) දොර්කස් කරපු පරිත්‍යාගයන් දෙවිට අමතක වුණේ නැහැ. (හෙබ්‍රෙ. 6:10) එයාගේ ත්‍යාගශීලීකම ගැන දෙවි බයිබලේ වාර්තා කළේ අපිටත් එයාව ආදර්ශයට ගන්නයි.

පරිත්‍යාගයන් කරපු තවත් කෙනෙක් තමයි පාවුල්. එයා අනිත් අය ගැන හුඟක් සැලකිලිමත් වුණා. එයාලා වෙනුවෙන් කාලය දුන්නා. “ඔබ වෙනුවෙන් මා සතු සෑම දෙයක්ම, මගේ ජීවිතය පවා දීමට සතුටු වන්නෙමි” කියලා කියන්න එයාට පුළුවන් වුණේ ඒ නිසයි. (2 කොරි. 12:15) අනිත් අය වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතේම කැප කරද්දී ඒකෙන් ලොකු සතුටක් ලැබෙනවා වගේම යෙහෝවා දෙවිගේ ආශීර්වාදය, අනුමැතිය ලැබෙනවා කියලා පාවුල් අද්දැක්කා.—ක්‍රියා 20:24, 35.

දේවරාජ්‍යයේ වැඩකටයුතු වෙනුවෙන්, සහෝදරයන් වෙනුවෙන් අපේ කාලය, ශ්‍රමය දෙද්දී දෙවි ඒ ගැන සතුටු වෙනවා කියලා අපිට කිසිම සැකයක් නැහැ. දේශනා කරන කාර්යයට තවත් පැතිවලින් අතහිත දෙන්න අපිට පුළුවන්ද? අපිට තියෙන වටිනා දේවල් කැමැත්තෙන්ම පරිත්‍යාග කරලා ඒ දේ කරන්න පුළුවන්. ලෝකේ අස්සක් මුල්ලක් නෑර ශුභාරංචිය දේශනා කරන්න හවුල් වෙන මිෂනාරිවරුන්ව, විශේෂ පූර්ණකාලීන සේවකයන්ව බලා කියා ගන්න අපි දෙන සම්මාදම් පාවිච්චි කරනවා. දිගටම අපේ පොත් පත්, වීඩියෝ පරිවර්තනය කරන්නත් ආපදාවලදී සහන සේවා ලබා දෙන්නත් නමස්කාර මධ්‍යස්ථාන ඉදි කරන්නත් පුළුවන් වෙන්නේ අපි දෙන සම්මාදම් නිසයි. “ත්‍යාගශීලී තැනැත්තාට ආශීර්වාද කරනු ලැබේ” කියන දෙවිගේ පොරොන්දුවේ ඉටු වීම පරිත්‍යාගයන් කරන අය අනිවාර්යයෙන්ම අද්දකිනවා. ඒ විතරක් නෙමෙයි තමන් සතු දේවල් යෙහෝවා දෙවිට දීලා ඔහුව ගෞරවයට පත් කරන්නත් එයාලට අවස්ථාව ලැබෙනවා.—හිතෝ. 3:9; 22:9, NWT.

සමහරුන් පරිත්‍යාග කරන්න තෝරාගන්නා ක්‍රම

පාවුල්ගේ කාලේ වගේ අද ඉන්න සාක්ෂිකරුවන් හුඟදෙනෙක් සම්මාදම් කරන්න ‘යමක් වෙන් කර තබනවා.’ (1 කොරි. 16:2) “ලෝක ව්‍යාප්ත සේවය” සඳහා තියෙන සම්මාදම් පෙට්ටියට ඒ මුදල් දානවා. හැම මාසයක් අවසානයේම සභාවේ එකතු වෙන සම්මාදම් රටේ ශාඛා කාර්යාලයට යවනවා. ඊට අමතරව ඔයාගේ රටේ තියෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට කෙළින්ම සම්මාදම් කරන්නත් ඔයාට පුළුවන්. ඒක කරන්නේ කොහොමද කියලා දැනගන්න ශාඛා කාර්යාලයෙන් විමසන්න. ලිපිනයන් www.pr418.com/si කියන වෙබ් අඩවියෙන් ලබාගන්න පුළුවන්. සම්මාදම් කරන්න පුළුවන් සමහර ක්‍රම පහත තියෙනවා.

කොන්දේසි රහිත පරිත්‍යාග

  • ඉලෙක්ට්‍රෝනික මුදල් හුවමාරුව, ජංගම දුරකථන මුදල් හුවමාරුව, ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පත් මගින් සම්මාදම් කරන්න පුළුවන්. සමහර රටවල jw.org වෙබ් අඩවිය හරහා සම්මාදම් කරන්නත් පුළුවන්.

  • මුදල්, රන් ආභරණ හෝ වෙනත් වටිනා භාණ්ඩ පරිත්‍යාග කරන්න පුළුවන්. ඒවා තෑග්ගක් හැටියට දුන්නා කියලා සඳහන් කරන ලිපියක්ද ඒ සමඟ එවන්න.

කොන්දේසි සහිත පරිත්‍යාග

  • පරිත්‍යාග කරන කෙනාට අවශ්‍ය වුණාම ඒ මුදල නැවත ලබා දෙනවා කියන කොන්දේසිය මත පරිත්‍යාග කරන මුදල්.

  • කොන්දේසි සඳහන් කරපු ලිපියක් ඒ සමඟ එවන්න.

සැලසුම් කරන ලද පරිත්‍යාග

මුදල්, රන් ආභරණ හෝ වෙනත් වටිනා භාණ්ඩ පරිත්‍යාග කරනවට අමතරව ලෝක ව්‍යාප්ත වැඩ සඳහා ප්‍රයෝජනවත් වෙන ආකාරයට පරිත්‍යාග කරන්න පුළුවන් වෙනත් ක්‍රමත් තියෙනවා. ඒකට මේ දේවල් ඇතුළත්. ඔයාගේ රටට අදාළ වෙන්නේ මොන ක්‍රමද කියලා ශාඛා කාර්යාලයෙන් විමසන්න. ඒ වගේම රටින් රටට තියෙන බදු නීති එකිනෙකට වෙනස් නිසා නීතිඥයෙකුගේ උපදෙස් ලබාගන්න අවශ්‍යයි කියලත් අමතක කරන්න එපා.

රක්ෂණ සහ විශ්‍රාම වැටුප් සැලස්ම: ජීවිත රක්ෂණ ඔප්පුවක නැත්නම් විශ්‍රාම වැටුප් සැලැස්මක අර්ථලාභියා හැටියට වොච්ටවර් සමිතිය නම් කරන්න පුළුවන්.

බැංකු ගිණුම: රටේ පවතින නීතියට අනුව බැංකු ගිණුම්, තැන්පතු සහතික හෝ විශ්‍රාම දීමනා වොච්ටවර් සමිතියේ භාරකාරත්වය යටතේ පවත්වගෙන යන්න හෝ මරණයෙන් පස්සේ ඒවාවල හිමිකාරත්වය වොච්ටවර් සමිතියට ලැබෙන්න සලස්වන්න පුළුවන්.

ව්‍යාපාර කොටස් හා බැඳුම්කර: සම්පූර්ණ තෑග්ගක් හැටියට ව්‍යාපාර කොටස් හෝ බැඳුම්කර වොච්ටවර් සමිතියට ප්‍රදානය කරන්න පුළුවන්. ඒ වගේම මරණයෙන් පස්සේ ඒවාවල හිමිකාරත්වය වොච්ටවර් සමිතියට ලැබෙන්න සලස්වන්නත් පුළුවන්.

නිශ්චල දේපොළ: විකිණිය හැකි නිශ්චල දේපොළක් තෑග්ගක් හැටියට වොච්ටවර් සමිතියට දෙන්න පුළුවන්. අයිතිකරු කැමති නම් තමන් පදිංචිව සිටින නිවසේ හා ඉඩමේ ජීවිත භුක්තිය තියාගෙන වොච්ටවර් සමිතියට පවරන්නත් පුළුවන්.

අන්තිම කැමති පත්‍ර හා විශ්වාස භාරයන්: නීත්‍යනුකූල අන්තිම කැමති පත්‍රයකින් වොච්ටවර් සමිතියට දේපොළ හෝ මුදල් පවරා දෙන්න පුළුවන්. ඒ වගේම විශ්වාස ගිවිසුමක අර්ථලාභියා හැටියටද වොච්ටවර් සමිතිය නම් කරන්න පුළුවන්.

වැඩි විස්තර සඳහා jw.org/si වෙබ් අඩවියේ මුල් පිටුවේ පහළ ඇති “සම්මාදමක් කරන්න කැමති නම්” කියන ලින්ක් එක ක්ලික් කරන්න. නැත්නම් ඒ ගැන ශාඛා කාර්යාලයෙන් විමසන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න