ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp18 අංක 2 12-13 පි.
  • මේ පොළොවේ සදහටම ජීවත් වෙන්න ඔයාටත් පුළුවන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මේ පොළොවේ සදහටම ජීවත් වෙන්න ඔයාටත් පුළුවන්
  • 2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මිනිසා අද්විතීයයි
  • දෙවියන් පොළොවත් මිනිසුන්වත් නිර්මාණය කළේ ඇයි?
  • අපි මැරෙන්නේ ඇයි?
  • මේ පොළොවේ සදහටම ජීවත් වෙන්න ඔයාටත් පුළුවන්
  • දෙවියන් දැනටමත් කරලා තියෙන්නේ මොනවාද?
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • පොළොව සඳහා දෙවිගේ අරමුණ කුමක්ද?
    දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?
  • ඇත්තටම සදාකල් ජීවත් විය හැකිද?
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවි අරමුණු කරපු දේ අනිවාර්යයෙන්ම ඉටු වෙනවා
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp18 අංක 2 12-13 පි.
දරුවාව හුරතල් කරන මවක්

මේ පොළොවේ සදහටම ජීවත් වෙන්න ඔයාටත් පුළුවන්

මොන තරම් පුදුම හිතෙන දෙයක්ද! අපේ නිර්මාතෘ අපිට මේ පොළොවේ සදහටම ජීවත් වෙන්න අවස්ථාව ලබා දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. හැබැයි සමහරුන්ට ඒක විශ්වාස කරන්න අමාරුයි. එයාලා කියන්නේ “කෙනෙක් ඉපදුණොත් මැරෙනවාමයි. ඒක වෙනස් කරන්න කාටවත් බැහැ” කියලා. තවත් අය මෙහෙම කියනවා. “සදාතනික ජීවිතය ලබාගන්න පුළුවන්. ඒත් ඒ ස්වර්ගයේ.” ඔයා හිතන්නේ මොකක්ද?

තීරණයකට එන්න කලින් මේ ප්‍රශ්න තුන ගැන බයිබලයේ කියන්නේ මොකක්ද කියලා හොයලා බලන්න. මිනිසාව පුදුමාකාර විදිහට නිර්මාණය කරලා තියෙන්නේ ටික කාලයක් ජීවත් වෙලා මැරිලා යන්නද? දෙවියන් මේ පොළොවත් මිනිසුන්වත් නිර්මාණය කළේ ඇයි? අපි මැරෙන්නේ ඇයි?

මිනිසා අද්විතීයයි

දෙවියන් නිර්මාණය කරපු හැම ජීවියෙකුටම වඩා මිනිසා අද්විතීයයි. බයිබලයේ කියන්නේ මිනිසුන්ව නිර්මාණය කරලා තියෙන්නේ දෙවියන් හා “සමාන ගතිලක්ෂණ ඇතුව” කියලා. (උත්පත්ති 1:26, 27) ඒ නිසයි ප්‍රේමය, යුක්තිය වගේ ගුණාංග අපි තුළත් තියෙන්නේ.

තර්කානුකූලව සිතීමේ සහ හරි වැරැද්ද අතර වෙනස පැහැදිලිව හඳුනාගැනීමේ හැකියාව මිනිසුන්ට තියෙනවා. අපිව නිර්මාණය කරලා තියෙන විදිහ නිසා අවට පරිසරයේ සුන්දරත්වය, මියුරු සංගීතය, විශිෂ්ට කලා නිර්මාණ රස විඳින්නත් අපිට පුළුවන්. ඒ වගේම මිනිසාව නිර්මාණය කරලා තියෙන්නේ දෙවියන්ට නමස්කාර කිරීමේ අවශ්‍යතාවය ඇතුවයි. ඇත්තෙන්ම මිහිපිට සිටින වෙන කිසිම ජීවියෙකුට වඩා මිනිසා අද්විතීයයි!

දෙවියන් අපිට පුදුමාකාර හැකියාවන් දීලා තියෙනවා. දවසින් දවස ඒවා දියුණු කරගන්නත් අපිට පුළුවන්. එච්චර අද්විතීය විදිහට අපිව නිර්මාණය කළේ අවුරුදු හැට හැත්තෑවක් ජීවත් වෙලා මැරිලා යන්නද? එහෙම හිතන එක තර්කානුකූල නැහැ නේද? දෙවියන් ඒ ගුණාංග සහ හැකියාවන් ඇතුව මිනිසාව නිර්මාණය කළේ මේ පොළොවේ සතුටින් සදහටම ජීවත් වෙන්න.

දෙවියන් පොළොවත් මිනිසුන්වත් නිර්මාණය කළේ ඇයි?

සමහරු කියනවා දෙවියන් මේ පොළොව නිර්මාණය කළේ මිනිසාට හැමදාටම ජීවත් වෙන්න නෙමෙයි, ඒක කෙනෙක් ස්වර්ගයට යන්න සුදුසුද නැද්ද කියලා පරික්ෂා කරන්න හදපු තාවකාලික නවාතැනක් විතරයි කියලා. ඒක ඇත්තක් නම් මිනිසුන්ගේ දුක් වේදනාවලට හේතු වෙන හැම දේකටම වග කියන්න ඕනෙ දෙවියන්. ඒත් දෙවියන් අසාධාරණ විදිහට ක්‍රියා කරන නපුරු කෙනෙක් නෙමෙයි. බයිබලයේ ඔහු ගැන කියන්නේ මෙහෙමයි. “දෙවි තමන් කරන සියල්ලේදී යුක්තිය ඉටු කරයි. ඔහු විශ්වාසවන්ත දෙවි කෙනෙකි. ඔහු අතින් කිසිම අසාධාරණයක් නම් සිදු නොවෙයි. දෙවි ධර්මිෂ්ඨය, ප්‍රතිපත්තිගරුකය.”—ද්විතීය කතාව 32:4.

දෙවියන් පොළොව නිර්මාණය කළ හේතුව ගැන බයිබලයේ මෙහෙම කියලා තියෙනවා. “ස්වර්ගය අයිති යෙහෝවා දෙවිටය. පොළොව ඔහු මනුෂ්‍යයන්ට වාසය කිරීමට දුන්නේය.” (ගීතාවලිය 115:16) මිනිසුන්ට අවශ්‍ය හැම දේම ඇතුව දෙවියන් මේ පොළොව නිර්මාණය කළේ අපිට සදහටම මේ පොළොවේ සතුටින් ජීවත් වෙන්නයි.—උත්පත්ති 2:8, 9.

“ස්වර්ගය අයිති යෙහෝවා දෙවිටය. පොළොව ඔහු මනුෂ්‍යයන්ට වාසය කිරීමට දුන්නේය.”—ගීතාවලිය 115:16

දෙවියන් මිනිසාව නිර්මාණය කළ හේතුවත් බයිබලයේ තියෙනවා. දෙවියන් මුල් මිනිස් යුවළ වූ ආදම් සහ ඒවට මෙහෙම කිව්වා. ‘මුළු පොළොව පුරාම මනුෂ්‍යයන්ව පදිංචි කර එය රැකබලා ගන්න. පොළොව මත සිටින සියලු සතුන්වද ඔබ යටතේ තබාගන්න.’ (උත්පත්ති 1:28) දෙවියන් ආදම් සහ ඒවව නිර්මාණය කළේ මුළු පොළොවම පාරාදීසයක් කරලා ඒක රැකබලා ගෙන දරුවන් එක්ක සදහටම සතුටින් ජීවත් වෙන්න. නැතුව ටික කාලයක් ඉඳලා ස්වර්ගයට යන්න නෙමෙයි. දෙවියන් එයාලට දුන්නේ මොන තරම් වටිනා අවස්ථාවක්ද!

අපි මැරෙන්නේ ඇයි?

බයිබලයේ කියනවා දෙවියන් නිර්මාණය කරපු බලවත් දේවදූතයෙක් පොළොව සඳහා දෙවියන් ඇති කරපු සැලැස්ම කඩාකප්පල් කරන්න උත්සාහ කළා කියලා. පස්සේ කාලෙක එයාව සාතන් කියලා හැඳින්නුවා.

සාතන් ආදම් සහ ඒවව දෙවියන්ට විරුද්ධව කැරලි ගහන්න පෙලඹෙව්වා. දෙවියන් බොරුකාරයෙක් කියලත් මිනිසුන්ට හරි වැරැද්ද තීරණය කරන්න දෙවියන්ගේ උදව් ඕනෙ නැහැ කියලත් අඟවන්නයි සාතන් උත්සාහ කළේ. සාතන් කිව්ව දේ අහලා මුල් යුවළ දෙවියන්ට අකීකරු වුණා. ප්‍රතිඵලයක් විදිහට මේ පොළොවේ සදහටම ජීවත් වෙන්න තිබුණ අවස්ථාව එයාලා නැති කරගත්තා. දෙවියන් කිව්ව විදිහටම එයාලා වයසට ගිහින් මැරුණා.—උත්පත්ති 2:17; 3:1-6; 5:5.

ආදම් සහ ඒව කරපු දේ බලපෑවේ එයාලට විතරක් නෙමෙයි. එයාලගෙන් පැවත එන හැමෝටම ඒක බලපෑවා. ඒ ගැන බයිබලයේ කියන්නේ ආදම් “පව් කළ නිසා මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි. සියලුදෙනා තුළම මෙම පව්කාර ස්වභාවය තිබෙන නිසා මරණය සියලුදෙනාටම උරුම විය” කියලයි. (රෝම 5:12) ආදම් සහ ඒවගෙන් අපිට පව්කාරකම සහ මරණය උරුම වෙලා තියෙන නිසයි අපි වයසට ගිහිල්ලා මැරෙන්නේ. නැතුව ඒක දෙවියන්ගේ ‘සැලැස්මක්වත්’ දෙවියන් කලින් නියම කරලා තියෙන දෙයක්වත් නෙමෙයි.

මේ පොළොවේ සදහටම ජීවත් වෙන්න ඔයාටත් පුළුවන්

සාතන් සහ මුල් යුවළ දෙවියන්ට විරුද්ධව කැරලි ගැහුවා කියලා පොළොව සඳහාවත් මිනිසුන් සඳහාවත් දෙවියන්ට තිබුණ අරමුණ වෙනස් වුණේ නැහැ. මිනිසුන්ව පාපයෙන් සහ මරණයෙන් නිදහස් කරන්න ඔහු මාර්ගයක් සූදානම් කළා. බයිබලයේ මෙහෙම කියනවා. “අපේ පව්කාර ස්වභාවයට ගෙවිය යුතු කුලිය මරණයයි. නමුත් අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් දෙවි අපට ලබා දෙන තෑග්ග නම් සදාකාල ජීවනයයි.” (රෝම 6:23) දෙවියන් ප්‍රේමණීය, යුක්තිසහගත කෙනෙක් නිසා “තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා. එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම විනාශ නොවී ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි.” (යොහන් 3:16) යේසුස් කැමැත්තෙන්ම තම ජීවිතය පූජා කරපු නිසා ආදම් සහ ඒව අහිමි කරගත්ත හැම දෙයක්ම ආයෙත් ලබාගන්න අපිට පුළුවන්.a

යෙහෝවා දෙවියන් පොරොන්දු වෙලා තියෙන හැම දේම ළඟදීම ඉටු වෙනවා. එදාට මේ පොළොවේ සතුටින් ජීවත් වෙන්න ඔයා කැමතිද? එහෙමනම් යේසුස් කියපු මේ දේ හිතට ගන්න. “පටු දොරටුවෙන් ඇතුල් වන්න. මන්ද විනාශය කරා යන පාර පළල්. එහි බොහෝ ඉඩකඩද තිබෙනවා. එයින් ඇතුල් වන්නන්ද බොහෝයි. නමුත් ජීවනය කරා යන පාරේ අවහිරකම් තිබෙයි. එහි දොරටුවත් පටුයි. එය සොයාගන්නේ ස්වල්පදෙනෙක් පමණයි.” (මතෙව් 7:13, 14) ඔයාගේ අනාගතේ මොන වගේ එකක් වෙයිද කියන තීරණය තියෙන්නේ ඔයාගේ අතේ!

a යේසුස්ගේ ජීවිත පූජාව නිසා ඔයාට ලැබෙන ආශීර්වාද ගැන වැඩි විස්තර දැනගන්න ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන පොතේ 27වෙනි පාඩම බලන්න. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන එය www.pr418.com/si වෙබ් අඩවියෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න