ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w18 ජූලි 27-29 පි.
  • මිනිසුන් දිහා අනුකම්පාවෙන් බලන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මිනිසුන් දිහා අනුකම්පාවෙන් බලන්න
  • 2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවිව ආදර්ශයට ගන්න
  • යේසුස්ව ආදර්ශයට ගන්න
  • පාවුල්ව ආදර්ශයට ගන්න
  • යහපතින් නපුර පරාජය කරන්න
  • අනුකම්පාවෙන් පිරුණු යෙහෝවා දෙවි වගේ වෙමු
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • “අපගේ දෙවිගේ මුදු මොළොක් දයානුකම්පාව”
    යෙහෝවාට ළං වන්න
  • මුදු මොළොක් ලෙස දයානුකම්පිත වන්න
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අන් අයට “දයානුකම්පාව” පෙන්වමු
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w18 ජූලි 27-29 පි.
සාක්ෂිකරුවන් ආවාම එයාලගේ පණිවිඩයට කැමැත්තෙන්ම සවන් දෙන නිවැසියෙක්

මිනිසුන් දිහා අනුකම්පාවෙන් බලන්න

ශුභාරංචිය දේශනා කරන්න ගෝලයන්ව පුහුණු කරද්දී යේසුස් එයාලට කිව්වා හැමෝම එයාලට ඇහුම්කන් දෙන්න කැමති වෙන එකක් නැහැ කියලා. (ලූක් 10:3, 5, 6) අපිත් අද ඒ දේම අද්දකිනවා. සමහරු අපිට බණිනවා. ගහන්න එනවා. එහෙම අයටත් අත් නෑර දේශනා කරන්න නම් අපිට එයාලා ගැන අනුකම්පාවක් දැනෙන්න ඕනේ. ඒත් ඒක ලේසි නැහැ.

අනුකම්පාව තියෙන කෙනෙක් අනිත් අය ඉන්න තත්වය තේරුම්ගන්නවා. එයාලා ගැන එයාට දැනෙන්නේ දුකක්. ඒ නිසා එයාට ඕනෙ එයාලට උදව් කරන්න. ඒත් සේවයේදී හම්බ වෙන අය ගැන අපිට අනුකම්පාවක් දැනෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? එතකොට අපි උද්‍යෝගයෙන් දේශනා කරන එකක් නැහැ. සේවය කරන්න අපිට තියෙන උද්‍යෝගය හරියට ගින්නක් වගේ. ගින්නක් හොඳින් ඇවිලෙන්න නම් ඔක්සිජන් තියෙන්න ඕනේ. ඒ වගේ අපේ උද්‍යෝගය අඩු නොවී තියාගන්න නම් අපිට මිනිසුන් ගැන අනුකම්පාවක් දැනෙන්න ඕනේ.—1 තෙස. 5:19.

මිනිසුන් ගැන අපිට දැනෙන අනුකම්පාව තව වැඩි කරගන්නේ කොහොමද? ඒකට යෙහෝවා දෙවිගේ, යේසුස්ගේ සහ පාවුල්ගේ ආදර්ශ අපිට උදව් වෙයි.

යෙහෝවා දෙවිව ආදර්ශයට ගන්න

අවුරුදු දහස් ගාණක් තිස්සේ මිනිසුන් යෙහෝවා දෙවි ගැන අමූලික බොරු පතුරුවලා තියෙනවා. ‘කෙළෙහි ගුණ නොදක්වන ඒ වගේ අයටත් දුෂ්ටයන්ටත් දෙවි කාරුණිකව සලකනවා.’ (ලූක් 6:35) එහෙම කියන්නේ ඇයි? “සෑම තරාතිරමකම සිටින මිනිසුන්ට” විනාශයෙන් බේරෙන්න දෙවි තාමත් අවස්ථාව දීලා තියෙනවා. දෙවි ඉවසීමෙන් බලාගෙන ඉන්න එකෙන් පේන්නේ ඔහුගේ කරුණාව නෙමෙයිද? (1 තිමෝ. 2:3, 4) ඔහු පිළිකුල් කරන්නේ දුෂ්ට ක්‍රියාවන් මිසක් ඒවා කරන අයව නෙමෙයි. දෙවිට මිනිස් ජීවිත වටිනවා.—2 පේතෘ. 3:9.

දෙවි දන්නවා සාතන් මිනිසුන්ගේ මනස් අන්ධ කරලා කියලා. (2 කොරි. 4:3, 4) හුඟදෙනෙක් පුංචි කාලේ ඉඳලා දෙවි ගැන ඉගෙනගන්නේ බොරු දේවල්. ඒ නිසා බයිබලේ තියෙන සත්‍ය ඉගැන්වීම් එකපාරටම පිළිගන්න එයාලට අමාරුයි. එහෙම අයටත් උදව් කරන්නයි දෙවිට ඕනේ.

උදාහරණෙකට නිනිවයේ හිටපු මිනිසුන් ගැන දෙවිට හැඟුණ විදිහ මතකද? එහේ හිටපු මිනිසුන් හරිම දරුණු අය වුණත් යෙහෝවා දෙවි එයාලා ගැන යෝනාට කිව්වේ මෙහෙමයි. “හරි වැරැද්ද අතර වෙනස නොදන්න එක්ලක්ෂ විසිදාහකට වඩා වැඩි මිනිසුන් සහ සතුන් ප්‍රමාණයක් සිටින මේ විශාල නුවර වන නිනිවය විනාශ කිරීම ගැන මට දුක් වෙන්න අයිතියක් නැද්ද?” (යෝනා 4:11) දෙවි ගැන සත්‍යය දැනගෙන හිටියේ නැති නිනිවයේ වැසියන් ගැන ඔහුට දැනුණේ දුකක්. ඒ නිසයි එයාලට අනතුරු අඟවන්න දෙවි යෝනාව යැව්වේ.

දෙවිට වගේ අපිටත් ජීවිත වටිනවා. ‘අපේ පණිවිඩය මෙයා නම් අහන එකක් නෑ’ කියලා කෙනෙක්ව දැක්කාම අපිට හිතෙයි. එහෙම අයටත් අපි උනන්දුවෙන් පණිවිඩය කියනවා නම් අපි ආදර්ශයට ගන්නේ යෙහෝවා දෙවිව.

යේසුස්ව ආදර්ශයට ගන්න

යේසුස්ටත් මිනිසුන්ව දැක්කාම අනුකම්පාවක් ඇති වුණා. එයාලා ‘එඬේරෙකු නැති බැටළුවන් මෙන් දරුණු ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටින අය කියලා ඔහු දැක්කා.’ (මතෙ. 9:36) යේසුස් මිනිසුන් දිහා පිටින් බලලා තීරණයකට ආවේ නැහැ. ඒ වෙනුවට ඔහු තේරුම්ගත්තා ආගමික නායකයන් උගන්වලා තිබුණ බොරු දේවල් නිසාත් එයාලා මිනිසුන්ට සලකපු විදිහ නිසාත් තමයි මිනිසුන් දෙවිගෙන් ඈත් වෙලා හිටියේ කියලා. ඒ නිසයි ඔහුට සවන් දෙන්න ආපු හුඟදෙනෙක් ඔහුගේ අනුගාමිකයන් වෙන්නේ නැහැ කියලා ඔහු දැනන් හිටියත් එයාලට හුඟක් දේවල් උගන්වන්න කාලේ ගත්තේ.—මාක් 4:1-9.

සහෝදරියන් දෙන්නෙක් ශුභාරංචිය කියන්න ගෙදරකට ගියාම නිවැසියා එයාලට බණිනවා

මුලින් කෙනෙක් අපිට සවන් දෙන්න අකමැති වුණත් අධෛර්යය වෙන්න එපා

සාක්ෂිරුවන් ආවාම නිවැසියා දොර අරින්නේ නැහැ. ඒත් මුහුණ දීපු කටුක දෙයක් නිසා එයා ඉන්නේ දුකෙන්

ජීවිතේ විවිධ දේවලට මුහුණ දෙද්දී කෙනෙක් හිතන විදිහ වෙනස් වෙනවා

මිනිසුන් අපේ පණිවිඩය අහන්න අකමැති වෙද්දී එයාලා ගැන නිගමනයකට එනවා වෙනුවට අපිත් උත්සාහ කරන්න ඕනෙ එයාලව තේරුම්ගන්න. ක්‍රිස්තියානීන් කියලා කියාගන්න අයගේ නරක හැසිරීම නිසා සමහරවිට එයාලට බයිබලේ ගැන, ක්‍රිස්තියානීන් ගැන තියෙන්නේ වැරදි අදහසක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සාක්ෂිකරුවන් ගැන බොරු තොරතුරු කවුරු හරි එයාලට කියලා වෙන්න ඇති. තවත් අය බයයි එයාලා අපේ පණිවිඩය පිළිගත්තොත් නෑදෑයන්, අසල්වාසීන් එයාලව කොන් කරයි කියලා.

කටුක අද්දැකීම් නිසා ජීවිතේ එපා වෙලා ඉන්න අයවත් සේවයේදී අපිට හම්බ වෙනවා. එහෙම අයත් අපිට සවන් දෙන්න අකමැති වෙන්න පුළුවන්. මිෂනාරි සේවය කරන කිම් මෙහෙම කියනවා. “අපි සේවේ යන එක පැත්තක ඉන්නේ කාලයක් තිස්සේ යුද්දෙන් බැට කාපු මිනිස්සු. යුද්දේ නිසා තිබුණ හැම දේම එයාලට නැති වෙලා. අනාගතේ ගැන එයාලට කිසිම බලාපොරොත්තුවක් නැහැ. එයාලා ඉන්නේ කේන්තියෙන්. හැමෝම දිහා බලන්නේ සැකෙන්. ඒ පැත්තේ සේවේ යද්දී නිතරම වගේ මිනිස්සු අපිට බණිනවා. එක සැරයක් මට ගැහුවත් එක්ක.”

මිනිසුන් දිහා දිගටම අනුකම්පාවෙන් බලන්න කිම්ට උදව් වුණේ මොකක්ද? එයා මෙහෙම කියනවා. “හිතෝපදේශ 19:11 කියන දේ මං මතක් කරගන්නවා. එතන කියන්නේ ‘වටහාගැනීමේ ශක්තිය ඇති මිනිසෙකුට ඉක්මනින් කේන්ති නොයයි’ කියලා. එයාලා මුහුණ දීපු කටුක දේවල් ගැන හිතද්දී මට එයාලා ගැන දැනෙන්නේ දුකක්. අනික, හම්බ වෙන හැම කෙනෙක්ම අපිට විරුද්ධ නැහැ. ඒ පැත්තේ අපිට නැවත බැලීමුත් තියෙනවා.”

අපිත් මෙහෙම හිතමු. ‘මං වෙන ආගමක කෙනෙක් නම් සාක්ෂිකරුවන් ආවාම එයාලට සවන් දෙයිද?’ හිතන්න, සාක්ෂිකරුවන් ගැන ඔයාට ගොඩක් බොරු තොරතුරු ආරංචි වෙලා තියෙනවා කියලා. එතකොට එයාලා කියන පණිවිඩය අහන්න ඔයා කැමති වෙයිද? එහෙම වෙලාවක සාක්ෂිකරුවන් ඔයාව තේරුම් අරන් වැඩ කළොත් විතරයි සත්‍යය ගැන දැනගන්න ඔයාට ආයෙත් අවස්ථාව ලැබෙන්නේ. යේසුස් කිව්වේ අනිත් අය අපිට යම් දෙයක් කරනවාට අපි කැමති නම් ඒ දේම එයාලටත් කරන්න කියලා. මිනිසුන් අපිට නපුරු විදිහට සැලකුවත් කේන්ති ගන්නේ නැතුව අපි එයාලව තේරුම්ගන්න උත්සාහ කරමු.—මතෙ. 7:12.

පාවුල්ව ආදර්ශයට ගන්න

පාවුල් සේවයේදී එයාට ගහපු අයටත් අනුකම්පාව පෙන්නුවා. එයා මෙහෙම කිව්වා. “කලින් මා දෙවිට අපහාස කළ කෙනෙකි. මා මිනිසුන්ට පීඩා කළ, කිසි කෙනෙකුටවත් ගරු නොකළ මිනිසෙකි. මා ඒ සියල්ල කළේ නොදැනුවත්කමින්ය. මට කිසි විශ්වාසයක් තිබුණේ නැත. ඒ නිසා මට දයාව පෙන්වන ලදි.” (1 තිමෝ. 1:13) පාවුල් දැනන් හිටියා දෙවි සහ යේසුස් එයාට දයාව පෙන්නුව නිසයි සත්‍යය දැනගන්න එයාට පුළුවන් වුණේ කියලා. එයාගේ සේවය සමහරු නවත්තන්න හදන්නේ ඇයි කියලා එයා තේරුම්ගත්තා. මොකද එයාත් කලින් කළේ ඒ දේමයි.

පාවුල් දේශනා කරපු සමහරුන් බොරු ඉගැන්වීම්වල ඇලීගැලී හිටපු අය. උදාහරණෙකට ඇතන්ස් නුවරට ගිය වෙලාවේ ‘ඒ නුවර දේවතා රූපවලින් පිරිලා තියෙනවා එයා දැක්කා.’ ඒවා දැකලා ‘පාවුල් තුළ පිළිකුලක් ඇති වුණා.’ (ක්‍රියා 17:16) ඒත් මිනිසුන්ට උගන්වන්න පාවුල් ඒ දේ අඩිතාලමක් විදිහට යොදාගත්තා. (ක්‍රියා 17:22, 23) මිනිසුන්ගේ පසුබිමට අනුව එයා පණිවිඩය ඉදිරිපත් කරපු විදිහ වෙනස් කළා. මොකද එයාට ඕනෙ වුණේ ‘හැකි සෑම ආකාරයකින්ම කීපදෙනෙකුව හරි බේරාගන්නයි.’—1 කොරි. 9:20-23.

සේවයේදී අපිට විරුද්ධ වෙන අයව නැත්නම් බොරු ඉගැන්වීම් තදින්ම විශ්වාස කරන අයව හම්බ වෙද්දී පාවුල්ව ආදර්ශයට ගන්න. සංවාදයක් පටන්ගන්න දැනටමත් එයාලා ගැන දන්න දේ පාවිච්චි කරලා “යහපත් කාලයක් ගැන ශුභාරංචිය” එයාලට කියන්න. (යෙසා. 52:7) සහෝදරි ඩොරති මෙහෙම කියනවා. “අපේ ප්‍රදේශයේ ඉන්න හුඟදෙනෙක් හිතන්නේ දෙවි දඬුවම් කරන්න බලාගෙන ඉන්න නපුරු කෙනෙක් කියලා. ඒ වගේ කෙනෙක්ව හම්බ වුණාම දෙවි ගැන එයාට විශ්වාසයක් තියෙන එක මං අගය කරනවා. ඊටපස්සේ මං එයාට පෙන්නනවා යෙහෝවා දෙවි ගැන, ඔහුගේ පොරොන්දු ගැන බයිබලේ කියලා තියෙන දේවල්.”

යහපතින් නපුර පරාජය කරන්න

අවසානයට ළං වෙන්න වෙන්න මිනිසුන් “තව තවත් නරක අතට හැරෙනවා.” (2 තිමෝ. 3:1, 13) ඒත් මිනිසුන් ගැන අපිට දැනෙන අනුකම්පාව අඩු කරගන්න හොඳ නැහැ. සේවයෙන් අපි ලබන සතුට රැඳිලා තියෙන්නේ මිනිසුන්ගේ ප්‍රතිචාරය මත නෙමෙයි කියලත් මතක තියාගන්න. “දිගටම යහපතින් නපුරු දේවල් පරාජය කරන්න” අපිට අවශ්‍ය ශක්තිය දෙන්න යෙහෝවා දෙවිට පුළුවන්. (රෝම 12:21) පුරෝගාමි සේවය කරන ජෙසිකාට සේවයේදී නිතරම වගේ හම්බ වෙන්නේ හරිම ආඩම්බර, සාක්ෂිකරුවන්ව පහත් කරලා සලකන අයව. එයා මෙහෙම කියනවා. “මං කෙනෙක් එක්ක කතා කරන්න කලින් දෙවිට යාච්ඤා කරලා කියනවා ‘මේ කෙනා දිහා ඔයා බලන විදිහට බලන්න මට උදව් කරන්න’ කියලා. එතකොට මගේ හැඟීම් පැත්තකට දාලා ඒ කෙනාට උදව් කරන්න පුළුවන් විදි ගැන හිතන්න මට පුළුවන්.”

සාක්ෂිරුවන් ආවාම නිවැසියා දොර අරින්නේ නැහැ

සත්‍යය දැනගන්න කැමති අයව අපි අත් නෑර හොයනවා

සාක්ෂිකරුවන් ආවාම එයාලගේ පණිවිඩයට කැමැත්තෙන්ම සවන් දෙන නිවැසියෙක්

කාලයක් යද්දී අපේ පණිවිඩයට සවන් දෙන්න සමහරු කැමති වෙනවා

අපිත් එක්ක සේවයේ යන අයව දිරිගැන්වෙන විදිහට වැඩ කරන්නත් අපිට පුළුවන්. ජෙසිකා මෙහෙම කියනවා. “සේවේදී කවුරු හරි බැන්නොත් ඒ ගැන කතා කරකර යනවා වෙනුවට දිරිගැන්වෙන දෙයක් ගැන කතා කරන්න මං පටන්ගන්නවා.”

දේශනා සේවයේදී අපි මුහුණ දෙන අභියෝග යෙහෝවා දෙවි දකිනවා. අභියෝග තිබුණත් දෙවිව ආදර්ශයට අරන් මිනිසුන්ට දයාව පෙන්වද්දී දෙවි අපි ගැන සතුටු වෙනවා. (ලූක් 6:36) දෙවි හැමදාටම දුෂ්ට මිනිසුන්ට අනුකම්පාව පෙන්නන්නේ නැහැ. ඔහු නියම කරලා තියෙන දවසේදී විනාශය ගේනවා. ඒ දවස එන කල් අපිට භාර දීලා තියෙන වැඩේ අපි උද්‍යෝගයෙන් හවුල් වෙමු. (2 තිමෝ. 4:2) අපේ අදිටන අනුකම්පාවෙන් පෙලඹිලා “සෑම තරාතිරමකම සිටින මිනිසුන්ට” ශුභාරංචිය කියන්නයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න