ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp19 අංක 2 4-5 පි.
  • ස්වාභාවික විපතකට මුහුණ දෙන්න වෙද්දී

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ස්වාභාවික විපතකට මුහුණ දෙන්න වෙද්දී
  • 2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ තියෙන ප්‍රීතිමත් බලාපොරොත්තුව
  • ඔයා සූදානම්ද?
    2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • කනස්සල්ලට හේතු වෙන හැම බරක්ම යෙහෝවා දෙවිට භාර දෙන්න
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඔයාව පරද්දන්න කනස්සල්ලට ඉඩ දෙන්න එපා!
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • කනස්සල්ලට මුහුණ දෙන පුරුෂයන්ට බයිබලෙන් උදව්
    තවත් ලිපි
තව තොරතුරු
2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp19 අංක 2 4-5 පි.
සුන්බුන් අතරේ වාඩි වෙලා ඉන්න පිරිමි දෙන්නෙක්

ස්වාභාවික විපතකට මුහුණ දෙන්න වෙද්දී

“ගංවතුරට අපේ හැම දේම ගහගෙන ගියා. අපිට දැනුණේ අපි අන්ත අසරණ වුණා වගේ.”—සියරා ලියොන්වල ඇන්ඩෲ.

“සුළිසුළඟ ඉවර වුණායින් පස්සේ අපි ගෙදර ගියා. හැම දෙයක්ම විනාශ වෙලා ගිහින්. ඒක දැක්කාම දුව කෑගහලා අඬන්න පටන්ගත්තා.”—වර්ජින් දූපත්වල ඩේවිඩ්.

ඔයාත් ස්වාභාවික විපතකට මුහුණ දීලා තියෙනවාද? එහෙනම් ඒ වගේ අය අද්දකින දේවල් තේරුම්ගන්න ඔයාට පුළුවන් වෙයි. හුඟක් අයට ලොකු කම්පනයක්, කනස්සල්ලක්, අසරණකමක්, බයක් දැනෙනවා. හීනෙනුත් බය වෙනවා. සමහර වෙලාවට වෙච්ච දේ පිළිගන්න කැමතිත් නැහැ. ජීවිතේ අලුතින් පටන්ගන්න එක ගැන එයාලට හිතාගන්නවත් බැහැ.

ස්වාභාවික විපතක් නිසා ඔයා ලොකු පීඩනයක්, කනස්සල්ලක් අද්දකිනවා නම් සමහරවිට ඔයාට හිතෙනවා ඇති ජීවත් වෙලා වැඩක් නැහැ කියලා. හැබැයි ඔයාගේ ජීවිතය හුඟක් වටිනවා කියලත් ඔයාට සතුටින් ජීවත් වෙන්න පුළුවන් කාලයක් ළඟදීම එනවා කියලත් බයිබලයේ තියෙන තොරතුරුවලින් පැහැදිලි වෙනවා.

බයිබලයේ තියෙන ප්‍රීතිමත් බලාපොරොත්තුව

දේශනාකාරයා 7:8 කියන්නේ “පටන්ගැන්මට වඩා අවසානය හොඳය” කියලයි. ස්වාභාවික විපතකට මුහුණ දුන්න කෙනෙක්ට මුලදී හිතෙන්න පුළුවන් ජීවිතේ එතැනින් ඉවරයි කියලා. ඒත් ජීවිතය ගොඩනඟාගන්න ටිකෙන් ටික වෑයම් කරද්දී ආයෙත් සතුටින් ජීවත් වෙන්න පුළුවන් වෙනවා.

‘වැලපෙන හඬක්වත් වේදනාවෙන් කෑ මොර දෙන හඬක්වත් ඇසෙන්නේ නැති’ කාලයක් ගැන බයිබලයේ කියලා තියෙනවා. (යෙසායා 65:19) ඒ දේ ඉටු වෙන්නේ දෙවියන්ගේ රාජ්‍යයෙන් මුළු පොළොවම පාරාදීසයක් කරන කාලයේදීයි. (ගීතාවලිය 37:11, 29) එදාට ස්වාභාවික විපත් ඇති වෙන්නේ නැහැ. ඒ වගේ විපත් නිසා හිතට වධ දුන්න අමිහිරි මතකයන් පවා නැති වෙලා යයි. මොකද “පෙර කාලවලදී සිදු වූ දේවල් නැවත කිසි දිනක මතකයට නැඟෙන්නේ නැත” කියලා සියලු බලැති දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා.—යෙසායා 65:17.

ටිකකට හිතන්න. හැම දෙයක්ම නිර්මාණය කරපු දෙවියන් ඔයාට “සාමයෙන් පිරුණු ප්‍රීතිමත් ජීවිතයක්” දෙන්න සැලසුම් කරලයි තියෙන්නේ. (යෙරෙමියා 29:11) එහෙම බලද්දී ඔයාගේ ජීවිතේට වටිනාකමක් තියෙනවා කියලා ඔයාට හිතෙන්නේ නැද්ද? කලින් ලිපියේ සඳහන් වුණු සැලී ඒ ගැන මෙහෙම කියනවා. “දෙවියන්ගේ රාජ්‍යයෙන් ලැබෙන ආශීර්වාද ගැන කල්පනා කරන එක මට උදව් වෙනවා වෙච්ච දේවල් ගැන ළත වෙවී ඉන්නේ නැතුව ජීවිතේට හොඳින් මුහුණ දෙන්න.”

දෙවියන්ගේ රාජ්‍යයෙන් මිනිසුන්ට ලැබෙන තවත් ආශීර්වාද ගැන හොයලා බලන්න ඔයා කැමති නැද්ද? ස්වාභාවික විපතකින් පීඩා විඳලා තිබුණත් ඔයාගේ ජීවිතේ හුඟක් වටිනවා කියලා තේරුම්ගන්නත් විපත්ති නැති ඒ ලස්සන කාලය එන කල් සතුටින් ඉන්නත් ඒක ඔයාට උදව් වෙයි. විපතක් නිසා ඇති වෙන ප්‍රශ්නවලට හොඳින් මුහුණ දෙන්න උදව් වෙන මඟ පෙන්වීමුත් බයිබලයේ තියෙනවා. ඒ ගැන දැන් බලමු.

බයිබලයෙන් හොඳ මඟ පෙන්වීම්

ප්‍රමාණවත් නින්දක් ලබාගන්න.

“වෙහෙස මහන්සි වී බොහෝ වේලාවක් වැඩ කරමින් සුළඟ පසුපස හඹා යනවාට වඩා සුළු විවේකයක් ගැනීම හොඳය.”—දේශනාකාරයා 4:6.

දරුණු විපතකට මුහුණ දීපු අයට “හොඳ නින්දක් ලැබුණේ නැත්නම් එයාලගේ දරාගැනීමේ හැකියාව අඩු වෙලා තත්වය තවත් නරක අතට හැරෙනවා” කියලා පර්යේෂකයන් සොයාගෙන තියෙනවා. ඒ නිසා ප්‍රමාණවත් නින්දක් ලබාගන්න එක හරිම වැදගත්.

හිතේ තියෙන දේ කාට හරි කියන්න.

“මිනිසෙකු තම සිතේ ඇති කනස්සල්ල නිසා මානසිකව වැටෙයි. නමුත් දිරිගන්වනසුලු වචනයකින් ඔහුගේ සිත ප්‍රීතිමත් වෙයි.”—හිතෝපදේශ 12:25.

ඔයාට හැඟෙන හැම දේම පවුලේ කෙනෙක්ට හරි කිට්ටු යාළුවෙක්ට හරි කියන්න. එයාලා ඔයාට ඇහුම්කන් දෙයි. ඔයාව සනසවයි. ඔයා ඉන්න තත්වයෙන් ගොඩ එන්න උදව් වෙන දේවලුත් කරයි.a

අනාගතයේදී අද්දකින්න ලැබෙන ප්‍රීතිමත් කාලය ගැන හිතන්න.

“ඔහු [දෙවියන්] දී ඇති පොරොන්දුවට එකඟව සැමදා ධර්මිෂ්ඨකම රජයන අලුත් අහසක් සහ අලුත් පොළොවක් පැමිණෙන තුරු අපි බලා සිටින්නෙමු.”—2 පේතෘස් 3:13.

a කෙනෙක් කාලයක් තිස්සේ ලොකු කනස්සල්ලකින් හරි මානසික පීඩනයකින් හරි ඉන්නවා නම් සමහරවිට එයාට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුළුවන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න