තවත් නම් දරාගන්න බැහැ කියලා හිතෙනවාද?
උදාහරණෙකට සුළිකුණාටුවක් නිසා හැම දේම වගේ අහිමි වුණු එක්සත් ජනපදයේ සැලීa කියන දේ බලන්න. “තවත් නම් දරාගන්න බෑ කියලයි මට හිතුණේ. මට පිස්සු හැදෙයි කියලත් වෙලාවකට මට හිතුණා.”
වියෝදුක නිසාත් සමහරු ඉන්නේ ලොකු වේදනාවකින්. ඕස්ට්‍රේලියාවේ ජැනිස් ඒ ගැන කියන්නේ මෙහෙමයි. “පුත්තු දෙන්නාම මට නැති වුණා. මගේ ලස්සන ලෝකේ එකපාරටම කඩාගෙන වැටුණා. මං දෙවියන්ට කිව්වා ‘තවත් නම් දරාගන්න බෑ, මට මැරෙන්න දෙන්න’ කියලා.”
ඩැනියෙල් මානසිකව කඩා වැටුණේ බිරිඳ එයාට ද්‍රෝහි වුණු නිසයි. එයා ඒ ගැන මෙහෙම කියනවා. “මගේ බිරිඳ එයාට වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා කිව්වාම මට දැනුණේ මගේ පපුවට කවුරු හරි පිහියකින් ඇන්නා වගේ. මාස ගාණක් යන කල්ම ඒ වේදනාව තිබුණා.”
ඔයාත් මේ වගේ ප්‍රශ්නයක් නිසා පීඩා විඳින කෙනෙක්ද?
- ස්වාභාවික විපතක් 
- ආදරේ කරන කෙනෙක්ගේ මරණය 
- සැමියාගේ නැත්නම් බිරිඳගේ ද්‍රෝහි වීම 
- දරුණු අසනීපයක් 
- මානසික අවපීඩනය 
ඒ වගේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න වුණත් ඔයාට ලැබිලා තියෙන ජීවිතේ කොයි තරම් වටිනවාද කියලා තේරුම්ගන්න මේ සඟරාව ඔයාට උදව් වෙයි. අපි මුලින්ම බලමු ස්වාභාවික විපතකට හොඳින් මුහුණ දෙන්න පුළුවන් කොහොමද කියලා.
a මේ ලිපි මාලාවේ සමහර නම් වෙනස් කර ඇත.