ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp19 අංක 2 6-7 පි.
  • ආදරය කරන කෙනෙක් මැරුණාම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ආදරය කරන කෙනෙක් මැරුණාම
  • 2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දුක දරාගන්න උදව් වෙන යෝජනා
  • මම දුක දරාගන්නේ කොහොමද?
    ඔබ ආදරය කළ කෙනෙක් මිය ගිය විට
  • වියෝ දුක දරාගැනීම
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දුක දරාගන්නේ කෙසේද?
    2011 පිබිදෙව්!
  • මා ශෝක වන ආකාරයට ශෝක වීම සාමාන්‍ය ද?
    යෞවනයන් අසන න—ක්‍රියාවට නැගිය හැකි තුරු
තව තොරතුරු
2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp19 අංක 2 6-7 පි.
මුහුදු වෙරළක වියෝදුකින් ඉන්න යුවළක්

ආදරය කරන කෙනෙක් මැරුණාම

“හදිස්සියේම මගේ අයියා මැරුණා. එයාව බේරගන්න මට පුළුවන් වුණේ නෑ. මාස ගාණකට පස්සෙත් එයාව මතක් වෙද්දී මට දැනුණේ පිහියකින් මාව පසාරු කරගෙන යනවා වගේ. වෙලාවකට මට කේන්ති ගියා. ඇයි අයියා මැරුණේ කියලා මට හිතුණා. එයාත් එක්ක වැඩි කාලයක් ගත කරපු නැති නිසා මගේ හිත මට වධ දුන්නා.”—ඕස්ට්‍රේලියාවේ වැනෙසා.

වියෝදුක අද්දැකලා තියෙනවා නම් ලොකු දුකක්, තනිකමක්, අසරණකමක් ඔයාට දැනිලා ඇති. සමහරවිට ඔයාට හුඟක් කේන්ති යන්න ඇති. බයක් දැනිලා ඇති. ඔයාගේ හිත ඔයාට දොස් කියන්න ඇති. ජීවත් වෙලා වැඩක් නැහැ කියලත් ඔයාට හිතෙන්න ඇති.

වියෝදුක දැනෙන එක වැරදි නැහැ. කෙනෙක් මැරුණාම ඔයාට ලොකු දුකක් දැනෙන්නේ ඔයා ඒ කෙනාට හුඟක් ආදරේ නිසයි. ඒ දුක දරාගන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද?

දුක දරාගන්න උදව් වෙන යෝජනා

කවදාවත් ඒ දුකින් ගොඩ එන්න බැරි වෙයි කියලා හිතුණත් පහත යෝජනා අදාළ කරගන්නවා නම් ඔයාට ලොකු සහනයක් අද්දකින්න පුළුවන් වෙයි.

දුක පිට කරන්න බය වෙන්න එපා

වියෝදුක දැනෙන විදිහත් දැනෙන කාල සීමාවත් එක් කෙනාගෙන් එක් කෙනාට වෙනස්. ඒත් අඬන එක දුක දරාගන්න සමහර අයට උදව් වෙලා තියෙනවා. වැනෙසා කියන දේ බලන්න. “වෙලාවකට මං හොඳටම ඇඬුවා. ඒක මට ලොකු සහනයක් වුණා.” සොෆියාගේ අක්කා මැරුණේ හිටි හැටියේමයි. එයා මෙහෙම කියනවා. “වෙච්ච දේ මතක් කරගන්න එක ලේසි නැති වුණත් මං එහෙම කරනවා. ඒක හරියට තුවාලයක් හොඳට සුද්ද කරලා බෙහෙත් දානවා වගේ. ඒකෙන් ලොකු වේදනාවක් දැනුණත් එහෙම කරන්න කරන්න තමයි තුවාලේ හොඳ වෙන්නේ.”

හිතෙන දේ, හැඟෙන දේ කාත් එක්ක හරි කියන්න

වෙලාවකට ඔයාට හිතෙයි තනියෙන් ඉන්න ඕනෙ කියලා. ඒත් වියෝදුක තනියෙන් දරාගන්න එක ලේසි නැහැ. අවුරුදු 17දී තාත්තා අහිමි වුණු ජැරඩ් කියපු දේ බලන්න. “මට හැඟෙන විදිහ මං අනිත් අයට කිව්වා. ඒ දේවල් එයාලට තේරුණාද කියලා මං දන්නේ නෑ. ඒත් ඒකෙන් මට ලොකු සැහැල්ලුවක් දැනුණා.” ජැනිස් මෙහෙම කියනවා. “හිතේ තියෙන දේ අනිත් අයට කියපු එක මට සහනයක් වුණා. එයාලා මාව තේරුම්ගත්තා. මං තනි වෙලා නෑ කියලා මට දැනුණා.”

අනිත් අයගෙන් උදව් ගන්න

වෛද්‍යවරයෙක් මෙහෙම කිව්වා. “වියෝදුකින් ඉන්න කෙනෙක් මුල ඉඳන්ම නෑදෑයන්ටයි, යාළුවන්ටයි එයාට උදව් කරන්න ඉඩ දෙනවා නම් දුක දරාගන්නත් සාමාන්‍ය තත්වයට එන්නත් ඒක උදව් වෙනවා.” ඔයාට උදව් ඕනෙ මොන පැතිවලින්ද කියලා ඔයාගේ යාළුවන්ට කියන්න. මොකද එයාලා ඔයාට උදව් කරන්න කැමති වුණත් ඒ කොහොමද කියලා එයාලා දන්නේ නැතුව ඇති.—හිතෝපදේශ 17:17.

දෙවියන්ට තවත් ළං වෙන්න

ටීනා මෙහෙම කියනවා. “පිළිකාවකින් මහත්තයා මැරුණාට පස්සේ හිතේ තියෙන දේවල් කියාගන්න කෙනෙක් නැති වුණා. මං හැම දේම දෙවියන්ට කියන්න පටන්ගත්තා. හැමදාම උදේට දවස හොඳින් ගෙවාගන්න මං ඔහුගෙන් උදව් ඉල්ලුවා. දෙවියන් උදව් කරපු විදිහ මට වචනයෙන් විස්තර කරන්න බෑ.” අම්මා මැරෙද්දී ටාෂාට අවුරුදු 22යි. එයා මෙහෙම කියනවා. “හැමදාම බයිබලය කියවපු එක මට සහනයක් වුණා. දිරිගැන්වෙන දේවල් ගැන හිතන්න ඒක මට උදව් වුණා.”

මිය ගිය අයට ආයෙත් ජීවිතය ලැබෙන කාලය සිතින් මවාගන්න

ටීනා මෙහෙමත් කිව්වා. “මුලදී නැවත නැඟිටීමේ බලාපොරොත්තුව මට සැනසිල්ලක් වුණේ නෑ. මහත්තයා නැති අඩුව මටයි, දරුවන්ටයි තදින්ම දැනුණා. ඒක වෙලා අවුරුදු 4ක් ගෙවිලා. දැන් නම් ඒ බලාපොරොත්තුව තමයි මාව ජීවත් කරවන්නේ. එයාව ආයෙත් දකින්න ලැබෙන කාලය හිතින් මවාගද්දී මට ලොකු සතුටක්, සහනයක් දැනෙනවා.”

හිතන තරම් ඉක්මනින් වියෝදුකින් ගොඩ එන්න බැරි වෙයි. ඒත් වැනෙසා කියන මේ දේ බලන්න. “කවදාවත් මේ දුකින් ගොඩ එන්න බැරි වෙයි කියලා හිතුවත් කාලයත් එක්කම ඒ දුක තුනී වෙනවා.”

මැරුණු කෙනා නැති පාළුව නැති වෙන්නේ නැහැ. ඒත් ජීවත් වෙලා වැඩක් නැහැ කියලා හිතන්න එපා. දෙවියන්ගේ ආදරය ලැබෙන නිසා හොඳ මිතුදම් ඇති කරගෙන අර්ථවත් ජීවිතයක් ගෙවන්න ඔයාට පුළුවන්. ළඟදීම මැරුණු අයට දෙවියන් අනිවාර්යයෙන්ම ජීවිතය දෙනවා. ඔයා ආදරය කරන කෙනාව ඔයා වැළඳගන්නවා දකින්න ඔහු ඉන්නේ ලොකු ආසාවකින්. එදාට ඔයාගේ හිතේ වේදනාව නැත්තටම නැති වෙලා යයි!

උදව් වෙන බයිබල් පද

ඔයාගේ හිතේ තියෙන වේදනාව දෙවියන්ට දැනෙනවා.

බයිබල් ලේඛකයෙක් දෙවියන්ට මෙහෙම කිව්වා. “දෙවියනි, මාගේ කඳුළු ඔබේ සම් භාජනයේ තබාගන්න. ඒවා ගැන ඔබේ ලියවිල්ලෙහි සටහන් කරගන්න.”—ගීතාවලිය 56:8.

හැම දෙයක්ම දෙවියන්ට කියන්න ඔයාට පුළුවන්.

“මාගේ දුක ගැන දිගින් දිගටම [දෙවියන්ට] කීවෙමි. . . . යෙහෝවාa දෙවියනි, උපකාරය පතා මම ඔබට කන්නලව් කළෙමි.”—ගීතාවලිය 142:2, 5.

හොඳ බලාපොරොත්තුවක් තියාගන්න ඔයාට පුළුවන්.

‘ධර්මිෂ්ඨ අය වගේම අධර්මිෂ්ඨ අයත් නැවත නැඟිටිනවා.’—ක්‍රියා 24:15.

මිය ගිහින් ඉන්න මිලියන ගාණකට ආයෙත් ජීවිතය දෙන්න දෙවියන් ආසාවෙන් බලන් ඉන්නවා.b—යෝබ් 14:14, 15.

a දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලයේ සඳහන් වෙනවා.

b නැවත නැඟිටීම ගැන වැඩි විස්තර ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන පොතේ 30වෙනි පාඩමේ තියෙනවා. ඒක යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්. www.pr418.com/si වෙබ් අඩවියෙන් ඒක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න