ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp19 අංක 3 10-11 පි.
  • මරණය කියන සතුරාව පරද්දන්නේ කොහොමද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මරණය කියන සතුරාව පරද්දන්නේ කොහොමද?
  • 2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මරණයෙන් බේරගන්න වන්දියක්
  • මරණය කියන සතුරාව පරද්දන්නේ කවදාද?
  • දෙවියන් මිනිසුන්ට දීපු වටිනාම තෑග්ග
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • ක්‍රිස්තුස්ගේ මිදීමේ මිලය ගැළවීම සඳහා දෙවිගේ මඟයි
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මනුෂ්‍යවර්ගයාව ගළවාගැනීමට දෙවි කර තිබෙන දේ
    සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම
  • සියල්ලන් උදෙසා අනුරූප වූ මිදීමේ මිලයක්
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp19 අංක 3 10-11 පි.
යේසුස්; අපරාධකරුවන් දෙන්නෙක් මැද්දේ වධකණුවක ඇණ ගහලා ඉන්න යේසුස්

මරණය කියන සතුරාව පරද්දන්නේ කොහොමද?

දෙවියන්ට අකීකරු වුණු ආදම් සහ ඒවගෙන් මුළු මිනිස් වර්ගයාටම පාපයයි, මරණයයි උරුම වුණත් මිනිසුන් සම්බන්ධයෙන් දෙවියන්ට තිබුණු අරමුණ වෙනස් වෙලා නැහැ. බයිබලය මාර්ගයෙන් දෙවියන් ඒ දේ නැවත නැවතත් සහතික කරලා තියෙනවා.

  • “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.”—ගීතාවලිය 37:29.

  • “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මරණය සදහටම ගිල දමා සියලුදෙනාගේ ඇස්වලින් කඳුළු පිස දමන්නේය.”—යෙසායා 25:8.

  • “අන්තිම සතුරා වන මරණයද නැති කරනු ඇත.”—1 කොරින්ති 15:26.

  • “මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය.”—එළිදරව් 21:4.

දෙවියන් ‘මරණය ගිල දමන්නේ’ ඒ කියන්නේ මරණයට නිමාවක් ගේන්නේ කොහොමද? බයිබලයේ පැහැදිලිවම කියනවා සදාකල් ජීවත් වෙන්නේ ධර්මිෂ්ඨයෝ කියලා. හැබැයි “සැමවිටම යහපත්කම් කරන ධර්මිෂ්ඨයෙකු මෙලොවෙහි සොයාගත නොහැක” කියලත් බයිබලයේ කියනවා. (දේශනාකාරයා 7:20) ඒකෙන් අදහස් වෙන්නේ දෙවියන් මරණය නැති කරන්න ඔහුගේ ප්‍රතිපත්ති බාල කරනවා කියන එකද? නැහැ. ඔහු එහෙම දෙයක් කරයි කියලා හිතන්න බැහැ. මොකද ඔහු කවදාවත් බොරු කියන්නේ නැහැ. (තීතස් 1:2) එහෙනම් දෙවියන් තමන්ගේ අරමුණ ඉටු කරන්නේ කොහොමද?

‘දෙවි මරණය සදහටම ගිල දමනවා.’—යෙසායා 25:8

මරණයෙන් බේරගන්න වන්දියක්

දෙවියන් මිනිසුන්ට හුඟක් ආදරේ නිසා මිනිසුන්ව මරණයෙන් බේරගන්න වන්දියක් ගෙව්වා. වන්දියක් කියන්නේ සිදු වුණු අලාභහානියක් වෙනුවෙන් ගෙවන නැත්නම් නීතියෙන් ගෙවන්න නියම කරන දෙයක්. ඒක අලාභහානි වුණු දේට සමාන වටිනාකමක් තියෙන දෙයක් වෙන්න ඕනේ. ඉපදෙන හැම මිනිසෙක්ටම පව්කාරකමත් මරණයත් උරුම වෙන නිසා මරණයෙන් බේරගන්න ඕන වන්දිය ගෙවන්න කිසිම මිනිසෙකුට බැහැ. ඒ නිසයි බයිබලයේ මෙහෙම කියන්නේ. ‘ඔවුන්ගෙන් කිසිවෙකුට තම සහෝදරයෙකුව මුදවගැනීමටවත් ඒ වෙනුවෙන් දෙවිට යම් වන්දියක් ගෙවීමටවත් හැකියාවක් නැත. මනුෂ්‍ය ජීවිතයක් සඳහා දිය යුතු වන්දිය කිසිදා ගෙවා නිම කළ නොහැකි තරම් ඉතා ඉහළය.’—ගීතාවලිය 49:7, 8.

මිනිසෙක් මැරෙද්දී එයා තමන්ගේ පව්වලට වන්දියක් ගෙවනවා. (රෝම 6:7) හැබැයි අනිත් අය වෙනුවෙන් වන්දියක් ගෙවන්නවත් මරණයෙන් තමන්වම මුදවගන්නවත් එයාට බැහැ. ඒ නිසා පව්කාරකම වෙනුවෙන් වන්දියක් ගෙවන්න පව්කාරකම උරුම කරගත්තේ නැති පරිපූර්ණ කෙනෙක්ව ඕන වුණා.—හෙබ්‍රෙව් 10:1-4.

දෙවියන් ස්වර්ගයේ හිටිය තමන්ගේ පුතා වුණු යේසුස්ව පරිපූර්ණ මිනිසෙක් විදිහට පොළොවේ ඉපදෙන්න සැලැස්සුවේ ඒ නිසයි. (1 පේතෘස් 2:22) යේසුත් කිව්වා තමන් ආවේ “බොහෝදෙනෙකුව මුදවාගැනීම සඳහා තම ජීවිතය පූජා කරන්නයි” කියලා. (මාක් 10:45) අපිව මරණයෙන් මුදවගන්න යේසුස් අපි වෙනුවෙන් ජීවිතය පූජා කළා.—යොහන් 3:16.

මරණය කියන සතුරාව පරද්දන්නේ කවදාද?

“අවසාන කාලයේදී ඉතා අසීරු, අනතුරු සහිත කාලයක්” පැමිණෙනවා කියන බයිබල් අනාවැකිය මේ කාලේදී ඉටු වෙනවා. ඒකෙන් පේන්නේ අපි ජීවත් වෙන්නේ මේ දුෂ්ට සමාජයේ “අවසාන කාලයේ” කියලයි. (2 තිමෝති 3:1) අවසාන කාලය නිමා වෙන්නේ ‘විනිශ්චය සිදු වන, දෙවියන්ට කිසි ගෞරවයක් නොදක්වන මිනිසුන්ගේ විනාශය සිදු වන දවසේදීයි.’ (2 පේතෘස් 3:3, 7) හැබැයි දෙවියන්ට ආදරේ කරන අයට ඒ විනාශයෙන් බේරෙන්නත් සදාකාලයටම ජීවත් වෙන්නත් පුළුවන් වෙනවා.—මතෙව් 25:46.

විවිධ වයස් මට්ටම්වලට සහ විවිධ ජාතීන්වලට අයත් මිනිසුන්

යේසුස් පොළොවට ආවේ “බොහෝදෙනෙකුව මුදවාගැනීම සඳහා තම ජීවිතය පූජා කරන්නයි.”—මාක් 10:45

නැවත නැඟිටීමක් ලබන මිලියන ගාණකටත් සදාකාලයටම ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා. මිය ගිය අයට ආයෙත් ජීවිතය දෙන්න පුළුවන්. නායින් නුවරේදී යේසුස් මහත් අනුකම්පාවකින් පෙලඹිලා වැන්දඹුවකට හිටිය එකම පුතාට ආයෙත් ජීවිතය දීපු එකෙන් ඒක පැහැදිලි වෙනවා. (ලූක් 7:11-15) පාවුල් කිව්වා ‘ධර්මිෂ්ඨ අය වගේම අධර්මිෂ්ඨ අයත් නැවත නැඟිටින බවට මට බලාපොරොත්තුවක් තිබෙනවා’ කියලා. (ක්‍රියා 24:15) ඒ වගේ බලාපොරොත්තුවක් දෙවියන් දීලා තියෙන එකෙන් පැහැදිලි වෙනවා ඔහු මිනිසුන්ට කොයි තරම් නම් ආදරේද කියලා.

අනාගතයේදී බිලියන ගාණකට හැමදාටම ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා. බයිබලයේ ඒ ගැන කියන්නේ මෙහෙමයි. “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.” (ගීතාවලිය 37:29) ඒ අයට මීට අවුරුදු 2,000කට කලින් පාවුල් කියපු මේ දේ ඉටු වෙන විදිහ අද්දකින්න ලැබෙනවා. “මරණය, ඔබේ ජය කොතැනද? මරණය, ගෝනුස්සෙකු මෙන් අනතුරු කරන ඔබේ විෂ තුඩ කොතැනද?” (1 කොරින්ති 15:55) ඒ කාලේදී මරණය කියන සතුරා අනිවාර්යයෙන්ම අන්ත පරාජයකට ලක් වෙනවා!

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න