සියල්ලන් උදෙසා අනුරූප වූ මිදීමේ මිලයක්
“මනුෂ්‍ය පුත්‍රයා සේවය ලබන්ට නොව සේවයකරන්ටද බොහෝ දෙනෙක් උදෙසා මිදීමේ මිලයක් කොට තමන්ගේ ජීවිතය දෙන්ටද ආවේය.”—මතෙව් 20:28
1, 2. (අ) මිදීමේ මිලය වනාහි මිනිස් වර්ගයා උදෙසා වූ දෙවියන් වහන්සේගේ ශ්‍රේෂ්ඨතම ත්‍යාගය යයි කිව හැක්කේ මන්ද? (ආ) මිදීමේ මිලය පරීක්ෂා කර බැලීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවා ද?
මිදීමේ මිලය මිනිස් වර්ගයා සඳහා වූ දෙවියන් වහන්සේගේ උතුම් ම ත්‍යාගයයි. “ලේ [මිදීමේ මිලය NW] කරණකොටගෙන අපේ මිදීම” වන හෙයින් “අපේ වරදවලට කමාව” අපට ලබා ගත හැකි ය. (එපීස 1:7) එය ස්වර්ගයෙහි වේවා, පාරාදීස පොළොව මත වේවා, සදාකාල ජීවිතය සඳහා වූ බලාපොරොත්තුවක අත්තිවාරම වෙයි. (ලූක් 23:43; යොහන් 3:16) තව ද ඒ හේතුවෙන්, ක්‍රිස්තියානින්ට දැන් පවා දෙවියන් වහන්සේ ඉදිරියේ පිරිසිදු ස්ථාවරයක් භුක්ති විඳිය හැකි ය.—එළිදරව් 7:14, 15.
2 මෙබැවින් මිදීමේ මිලය අපැහැදිලි හෝ තේරුම් ගැනීමට අසීරු යමක් නොවේ. දිව්‍ය ප්‍රතිපත්තිවලට නීත්‍යානුකූල අත්තිවාරමක් ඇති බැවින් මිදීමේ මිලයට සැබෑ, ප්රත්යක්ෂ ප්‍රයෝජන ගෙනා හැක. මෙම මූල ධර්මයේ ඇතැම් අංග “තේරුම්ගන්ට අමාරු” විය හැකි ය. (2 පේතෘස් 3:16) එහෙත් මිදීමේ මිලය, මිනිස් වර්ගයා සඳහා වූ දෙවියන් වහන්සේගේ අත්‍යුත්කෘෂ්ට ප්‍රේමය විදහා පෙන්වන බැවින්, එය සියුම් ව පරීක්ෂා කර බැලීමට වෑයම් දැරීම ඇත්තෙන් ම වටිනා දෙයක් බව ඔබ සොයා ගනු ඇත. මිදීමේ මිලයෙහි අර්ථය වටහා ගැනීම, දෙවියන් වහන්සේගේ මැනිය නොහැකි “වරප්‍රසාද සම්භාරය . . . ප්‍රඥාව සහ ඥානය” යන්නෙහි අති වැදගත් අංග ලක්ෂණයක් තේරුම් ගැනීමක් වෙයි.—රෝම 5:8; 11:33 නව අනුවාදය.
නිරාකරණය කිරීමට ප්‍රශ්න
3. මිදීමේ මිලයක අවශ්‍යතාවයක් ඇති වූයේ කෙසේ ද, එසේ මිනිස් වර්ගයාගේ පව්කාර ස්වභාවයට නිකම් ම සමාව දීමට දෙවියන් වහන්සේට නොහැකි වූයේ මන්ද?
3 මිදීමේ මිලය අවශ්‍ය වූයේ තම පැවතෙන්නන් හට අසනීප, රෝග, දුක හා වේදනා සමඟින් නිෂ්ඵල උරුමයක් දායාද කර දුන්, පළමු මිනිසා වන ආදම්ගේ පාපය නිසා ය. (රෝම 8:20) තම උරුම කර ගත් අසම්පූර්ණත්වයේ ගුණය නිසා, ආදම්ගෙන් පැවතෙන සියල්ලෝ ම මරණය හිමි කර ගෙන සිටින්නා වූ “උදහසේ දරුවෝව” සිටිති. (එපීස 2:3; ද්විතීය කථාව 32:5) මෙහි දී දෙවියන් වහන්සේට ප්රතිපත්තිවලින් තොර, හැඟීම්වලට වහල් වෙමින් මිනිස් වර්ගයාට නිදහසේ සමාවක් නිකම් ම දිය නොහැකි විය. “පාපයේ කුලිය නම් මරණයය” යයි උන් වහන්සේගේ වචනය ම පෙන්වා දෙයි. (රෝම 6:23) මිනිස් වර්ගයාගේ පව්කාර ස්වාභාවය ගණන් නොගෙන නොසලකා හැරීමට නම්, දෙවියන් වහන්සේට ස්වකීය නීත්‍යානුකූල යුක්තිය අවලංගු කොට, තමන් වහන්සේගේ ම ධර්මිෂ්ඨ ප්රමිතීන් නොසලකා හැරීමට සිදු වනු ඇත! (යෝබ් 40:8) එහෙත් “ධර්මිෂ්ඨකමත් යුක්තියත් [දෙවියන් වහන්සේගේ] සිංහාසනයේ අත්තිවාරම” වෙයි. (ගීතාවලිය 89:14) උන් වහන්සේගේ පැත්තෙන් ධර්මිෂ්ඨකම යම් තරමකින්වත් වෙනතකට හැරවීමෙන් සිදු වන්නේ, නොපනත්කම දිරිගැන්වීමක් හා සර්වලෝක ස්වාධිපතියාණන් ලෙස උන් වහන්සේගේ තත්ත්වය පහතට හෙලීමක් පමණි.—දේශනාකාරයා 8:11 සසඳන්න.
4. සාතන්ගේ කැරලි ගැසීම මගින් කිනම් ප්‍රශ්න මතු කළේ ද?
4 සාතන්ගේ කැරැල්ල නිසා පැන නැගුණු වෙනත් ප්‍රශ්න, අතරට මිනිසා පත්වූ අසීරු තත්ත්වයට වඩා වැඩි වැදගත්කමක් ගත් මහත් ප්‍රශ්න විසඳීමට දෙවියන් වහන්සේට සිදු විය. යෙහෝවඃ වහන්සේ බොරුකාරයෙක් යනුවෙන් ද ස්වකීය මැවිලිවලට දැනුම මෙන් ම නිදහස අහිමි කළා වූ ආඥාදායකයෙක් යනුවෙන් ද චෝදනා කරමින් සාතන් දෙවියන් වහන්සේගේ හොඳ නාමයට අඳුරු සෙවනැල්ලක් හෙලී ය. (උත්පත්ති 3:1-5) මීට අමතරව, පොළොව ධර්මිෂ්ඨ මිනිසුන්ගෙන් සපුරාලීමට වූ දෙවියන් වහන්සේගේ අරමුණට, පෙනෙන හැටියට බාධා සිදු කිරීමෙන්, සාතන් දෙවියන් වහන්සේ අසාර්ථක වූවා යයි පෙනෙන්නට සැලැස්වී ය. (උත්පත්ති 1:28; යෙසායා 55:10, 11) සාතන් තවදුරටත් දෙවියන් වහන්සේගේ පක්ෂපාත සේවකයින් උන් වහන්සේට සේවය කරනුයේ ආත්මාර්ථකාමී චේතනාවන් නිසා පමණක් බවට චෝදනා කරමින්, ඔවුන් ව අපහාසයට ලක් කිරීමට තමා ව ම ධෛර්යමත් කර ගත්තේ ය. පීඩාවට පත් කරනු ලැබුවහොත්, ඔවුන්ගෙන් කිසිවෙක් දෙවියන් වහන්සේට තව දුරටත් පක්ෂපාත නොවනු ඇතැයි සාතන් පුරසාරම් දෙඩී ය!—යෝබ් 1:9-11.
5. සාතන්ගේ අභියෝගය නොසලකා හැරීමට දෙවියන් වහන්සේට හැකි නොවූයේ මන්ද?
5 මෙම අභියෝගයන් නොසලකා හැරිය නොහැකි විය. ඒවාට පිළිතුරු නොදී, පවතින්ට හරිනු ලැබුවේ නම්, දෙවියන් වහන්සේගේ පාලකත්වය සඳහා විශ්වාසය හා අනුබලය දීම අවසානයේ දී නැති වී යනු ඇත. (හිතෝපදේශ 14:28) නීතිය හා රීතිය නැති වී ගියේ නම්, විශ්වය පුරා මහත් විනාශයක් රජකම් නොකරනු ඇත් ද? මෙසේ දෙවියන් වහන්සේ ස්වකීය ස්වාධිපත්‍යයේ නිදොස් බව ඔප්පු කිරීමට, තමන් වහන්සේටත් ස්වකීය ධර්මිෂ්ඨ මාර්ගවලටත් ණය ගැති ව සිටි සේක. තමන් වහන්සේට ඇත්තා වූ බිඳිය නොහැකි පක්ෂපාතිත්වය විදහා පෙන්වීමට ඉඩ හැරීමට, උන් වහන්සේ සිය විශ්වාස වූ සේවකයන්ට ණය ගැති ව සිටි සේක. මින් අදහස් කළේ, පව්කාර මිනිස් බවේ තත්ත්වය සමඟ කටයුතු කිරීමේ දී අත්‍යුත්කෘෂ්ට ප්‍රශ්නවලට ප්රමුඛත්වයක් දෙන ආකාරයට කටයුතු කිරීමයි. උන් වහන්සේ පසු ව ඊශ්‍රායෙල්වරුන්ට මෙසේ පැවසූ සේක: “මම, මමම, මා නිසා නුඹේ වරද මකාදමන තැනන්වහන්සේය”—යෙසායා 43:25.
මිදීමේ මිලය: ආවරණය කිරීමකි
6. මිනිස් වර්ගයා ගලවා ගැනීම සඳහා වූ දෙවියන් වහන්සේගේ මාර්ගය ගැන විස්තර කිරීමට බයිබලයේ භාවිතා වී ඇති සමහරක් යෙදුම් මොනවා ද?
6 ගීතාවලිය 92:5 හි අපට මෙසේ කියවීමට තිබේ: “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ, NW], ඔබගේ ක්‍රියා කොපමණ මහත්ද! ඔබගේ කල්පනා ඉතා ගැඹුරුය.” එබැවින්, දෙවියන් වහන්සේ මිනිස් වර්ගයා උදෙසා කළ දෙය අප විසින් තේරුම් ගැනීමට යම් වෑයමක් අවශ්‍ය කරයි. (ගීතාවලිය 36:5, 6 සසඳන්න) දෙවියන් වහන්සේගේ උදාර ක්‍රියාවන් විවිධ දෘෂ්ඨි කෝණයන්ගෙන් විස්තර කරන්නා වූ, නැතහොත් පැහැදිලි කරන්නා වූ යෙදුම් ගණනාවක් උපයෝගි කර ගැනීමෙන් කාරණා තේරුම් ගැනීමට බයිබලය අපට උපකාර කිරීම සතුටට කරුණකි. මිල දී ගැනීමක්, සමගි සන්ධානයක්, නැවත අනුග්‍රහය ලැබීමක්, මුදවා ගැනීමක්, සහ සම්මුතිය ඇති කිරීමක් හැටියට බයිබලය මෙම මිදීමේ මිලය ගැන කථා කරයි. (ගීතාවලිය 49:8; දානියෙල් 9:24; ගලාති 3:13; කොලොස්සි 1:20; හෙබ්‍රෙව් 2:17) එහෙත්, බොහෝ විට මෙම විෂය වඩාත් ම හොඳින් විස්තර කරන්නා වූ ප්‍රකාශය වනුයේ, මතෙව් 20:28 හි යේසුස් වහන්සේ විසින් ම පාවිච්චි කරන ලද ප්‍රකාශයයි. එහි මෙසේ කියවීමට තිබේ: “මනුෂ්‍ය පුත්‍රයා සේවය ලබන්ට නොව සේවයකරන්ටද බොහෝ දෙනෙක් උදෙසා මිදීමේ මිලයක් [ග්‍රීක්, ලයිʹට්‍රෝන්] කොට තමන්ගේ ජීවිතය දෙන්ටද ආවේය.”
7, 8. (අ) මිදීමේ මිලය සඳහා වූ ග්‍රීක් හා හෙබ්‍රෙව් වචනවලින් අප ඉගෙන ගන්නේ කුමක් ද? (ආ) මිදීමේ මිලකට අනුරූපතාවයක් ඇතුළත් වන ආකාරය උපහැරණය කරන්න.
7 මිදීමේ මිලයක් යනු කුමක් ද? ලයිʹට්‍රෝන් යන ග්‍රීක් වචනය නික්මෙන්නේ “නිදහස් කිරීම” යන අදහස දෙන ක්‍රියා පදයෙනි. යුද්ධවල සිරකරුවන් මුදා හැරීමට හුවමාරුවක් වශයෙන් ගෙවන ලද මුදල් විස්තර කිරීමට එය පාවිච්චි කෙරිණි. කෙසේ වෙතත්, හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල, මිදීමේ මිලය සඳහා වචනය වන කොʹෆර් (koʹpher) යන්න නික්මෙන්නේ, “ආවරණය කිරීම” නැතහොත් “උඩින් ඇතිරීම” යන අරුත් දෙන ක්‍රියා පදයෙනි. උදාහරණයක් වශයෙන්, දෙවියන් වහන්සේ කීල්වලින් (තාරවලින්) නැව ආවරණය (කා.ෆාර්ʹ, ka.pharʹ) කරන ලෙස නෝවාට පැවසූ සේක. (උත්පත්ති 6:14) එසේ නම්, මෙම දෘෂ්ටි කෝණයෙන් මිදීමේ මිලයක් ගෙවීම, නැතහොත් පව් වෙනුවෙන් වන්දියක් ගෙවීම, හෝ පව් ආවරණය කිරීමක් අදහස් කරයි.—ගීතාවලිය 65:3.
8 කොʹෆර් යන වචනයෙන් “සැම විට ම සමකමක්” නොහොත් අනුරූපතාවයක් පෙන්වා දෙන බව ද තියලොජිකල් ඩික්ෂනරි ඔෆ් ද න ටෙස්ටමන්ට් දක්වයි. මෙසේ, ගිවිසුම් පෙට්ටියේ ආවරණය (කප්.පොʹරෙත් kap·p̣oʹreth) හැඩයෙන් ගිවිසුම් පෙට්ටියට ම අනුරූප වූයේ ය. මීට සමාන ව, පව් වෙනුවෙන් වන්දියක් ගෙවීමේ නොහොත් මිදීමේ මිලයක් දීමේ දී ‘ප්‍රාණය හිලව්වට ප්‍රාණයක්, ඇස හිලව්වට ඇසක්, දත හිලව්වට දතක්, අත හිලව්වට අතක්, පය හිලව්වට පයක්’ දිව්‍ය යුක්තියෙන් ඉල්ලා සිටී. (ද්විතීය කථාව 19:21) එනමුත්, ඇතැම් අවස්ථාවල, දැඩි දඬුවමේ හිලව්වට සමාන වූ යමක් ඉදිරිපත් කිරීමෙන් යුක්තිය ඉටු කරලිය හැකි ය. මෙය උපහැරණය කිරීමට: යම් තැනැත්තෙකුට මිය යන තෙක් අනින ගවයෙකු ගැන නික්මයාම 21:28-32 හි කථා කරයි. අයිතිකරු ගවයාගේ හැසිරීම් ස්වභාවය ගැන දැන සිටිය දී, ගත යුතු ආරක්ෂක පියවරවල් නොගත්තේ නම්, එය ආවරණය කිරීමට, නොහොත් එය ගෙවීමට ඔහුට සිදුවන්නේ මිය ගිය තැනැත්තාගේ ප්‍රාණය වෙනුවට තමාගේ ම ප්‍රාණය දීමෙන් ය! එහෙත් අයිතිකරු ඊට වගකිව යුතු වන්නේ ස්වල්ප වශයෙන් පමණක් නම් තත්ත්වය කුමක් ද? තම වරද ආවරණය සඳහා කොʹෆර් ලෙස යමක් ඔහුට අවශ්‍ය වනු ඇත. මුදවා ගැනීමේ මුදලක් ලෙස, ඔහු කෙරෙහි යම් මිදීමේ මිලයක්, නොහොත් දඩයක් නියම කිරීමට පත් කළ විනිශ්චය කරුවන්ට හැකි විය.
9. ඊශ්‍රායෙල් කුළුඳුලන් ඇතුළත් කර වන තත්ත්වයක්, ගැලවීමේ මිලක පරිපූර්ණත්වයේ අවශ්‍යතාවයකට උපහැරණය කරන්නේ කෙසේ ද?
9 “නිදහස් කර ගැනීම” යන්නෙහි මූලික අදහස දෙන්නා වූ ක්‍රියා පදයක් වන පා.ඩාහ්ʹ [pa·dhahʹ], “මිදීමේ මිලයක් ගෙවීම” හා සම්බන්ධ වන්නා වූ තවත් හෙබ්‍රෙව් වචනයකි. ගණන් කථාව 3:39-51 හි, මුදවා ගැනීමේ මිලය කොතරම් පූර්ණ එකක් විය යුතු වූයේ දැයි විස්තර කරයි. පොදු යුගයට පෙර, 1513 පාස්කුවේ දී ඊශ්‍රායෙල් කුළුඳුල් පුත්‍රයන් ඝාතනයෙන් බේරා ගැනීම නිසා ඔවුහු දෙවියන් වහන්සේ සතු වූහ. මෙනිසා සෑම ඊශ්‍රායෙල් කුළුඳුල් පුත්‍රයෙකු ම උන් වහන්සේට දේව මාළිගාවේ සේවය කළ යුතු යයි ඉල්ලා සිටින්නට උන් වහන්සේට හැකි විය. ඒ වෙනුවට මෙසේ නියමයක් කරමින්, “ඊශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි සියලු කුළුඳුලන් වෙනුවට ලෙවීවරුන් . . . ගනින්න” යයි වදාරමින් “මුදවා ගැනීමේ මිලයක්” (පිඩ්හ්.යොහ්ම්, pidh.yohm—පඩා.හ් යන්නෙන් උපදවන නාම පදයකි) දෙවියන් වහන්සේ පිළිගත් සේක. එහෙත් හිලව් කිරීම හරියට ම තිබිය යුතු විය. ලෙවී ගෝත්‍රයේ සංගණනයක් කරනු ලැබී ය: පිරිමින් 22,000කි. අනතුරුව ඊශ්‍රායෙල් පුත්‍රයන්ගේ සංගණනයක් කරනු ලැබී ය: පිරිමින් 22,273කි. වැඩියෙන් සිටි කුළුඳුලන් 273දෙනා, දේව මාලිගාවේ සේවයෙන් මුදා හරිනු ලැබ, නිදහස් විය හැකි වූයේ, එක් එක්කෙනා වෙනුවෙන් ෂෙකෙල් පහක “මිදීමේ ගාස්තුවක්” ගෙවීමෙන් පමණි.
අනුරූප මිදීමේ මිලක්
10. මිනිස් වර්ගයාගේ පාපයන් ප්‍රමාණවත් ලෙස මකාලන්නට සත්ත්ව පූජාවලට නොහැකි වූයේ මන්ද?
10 මිදීමේ මිලයක් එය හිලව් කරන්නා වූ, නැතහොත් ආවරණය කරන්නා වූ දෙයට සමානත්වයක් දැක් විය යුතු බව ඉහත සඳහන් වන කරුණු පැහැදිලි කරයි. මිනිසුන් තිරිසන් සත්ත්වයින්ට වඩා උසස් වන බැවින්, ආබෙල් පටන් ඇදහිලිවන්ත මිනිසුන් ඔප්පු කළ සත්ත්ව පූජාවලට ඔවුන්ගේ පාප සැබවින් ම වැසිය නොහැකි විය. (ගීතාවලිය 8:4-8) එබැවින්, “ගොනුන්ගෙත් එළුවන්ගෙත් ලෙයින් පව් පහකරන්ට නුපුළුවන” යයි ලියන්නට පාවුල්ට හැකි විය. එවන් පූජාවල්වලට සරල ව හැකි වූයේ පැමිණෙන්නට තිබුණ මිදීමේ මිලය බලා සිටීමේ දෘශ්යාධාරමය නැතහොත් සංකේතමය, ආවරණයක් ලෙස සේවය කිරීමට හැකි වීම ය.—හෙබ්‍රෙව් 10:1-4.
11, 12. (අ) මිනිසාගේ පව්කාර ස්වභාවය වැසීමට මිනිසුන් මිලයන දහස් ගණනකට යාගික මරණ තුළ දිවි පිදීමට සිදු නොවූයේ මන්ද? (ආ) “සියල්ලන් උදෙසා අනුරූප වූ මිදීමේ මිලක්” ගෙවීමට හැකි වූයේ කවරෙකුට පමණක් ද, එමෙන් ම උන් වහන්සේගේ මරණයෙන් ඉටු කරනුයේ කවර අරමුණක් ද?
11 දෙවියන් වහන්සේ යුක්ති සහගත ලෙස ආදම්ට දුන් මරණීය දණ්ඩනය මිනිස් වර්ගයා වරද කළ බව තීන්දුවකට ලක් කිරීමට තුඩු දුන් බැවින්, පෙර ඡායාවක් වූ මෙම මිදීමේ මිලය හරියට ම ආදම්ට සම විය යුතුව තිබුණි. ‘ආදම් තුළ සියල්ලන් මැරෙන්නෝය’ යයි 1 කොරින්ති 15:22 පවසයි. එමනිසා, ආදම්ගෙන් පැවතෙන සෑම පුද්ගලයෙකුට ම අනුරූප වන ලෙසට මිනිසුන් මිලියන දහස් ගණනකට යාගික මරණ තුළ දිවි පිදීම අවශ්‍ය නොවී ය. “එක් මනුෂ්‍යයෙකු [ආදම්] කරණකොටගෙන පාපයත් පාපය කරණකොටගෙන මරණයත් ලෝකයට ඇතුල්” විය. (රෝම 5:12) එමෙන් ම “මනුෂ්‍යයෙකු කරණකොටගෙන මරණය පැමුණුන බැවින්” මිනිස් වර්ගයාගේ නිදහස් කරවීම ද පැමිණිය හැක්කේ “මනුෂ්‍යයෙකු කරණකොටගෙන” ය.—1 කොරින්ති 15:21.
12 මෙහිලා මිදීමේ මිලයක් විය හැකි ව තිබූ මිනිසා මාංසයෙහි හා රුධිරයෙහි—ආදම්ට හරියට ම සමාන වන්නා වූ—පරිපූර්ණ මිනිසෙක් විය යුතුව තිබිණි. (රෝම 5:14) ආත්ම මැවිල්ලක් හෝ “දේව-මනුෂ්‍යයෙක්” යුක්තියේ තරාදිය සමබර නොකරනු ඇත. “අනුරූප මිදීමේ මිලයක්” එනම් ආදම්ට පරිපූර්ණ ලෙස අනුරූප යමක් ඉදිරිපත් කිරීමට හැකි වූයේ ආදම්ගේ මරණීය දණ්ඩනයට යටත් නොවන යමෙකුට, එනම් පරිපූර්ණ මිනිසෙකුට පමණි. (1 තිමෝති 2:6)a ස්වේච්ඡාවෙන් සිය ජීවිතය පුද කිරීමෙන්, මෙම “අන්තිම ආදම්ට” ‘පළමු මිනිසා වූ ආදම්ගේ’ පාපය උදෙසා කුලිය ගෙවිය හැකි විය.—1 කොරින්ති 15:45; රෝම 6:23.
13, 14. (අ) ආදම් සහ ඒව මිදීමේ මිලයෙන් ප්‍රයෝජන ලබත් ද? පැහැදිලි කරන්න. (ආ) මිදීමේ මිලය ආදම්ගෙන් පැවතෙන්නන් හට ප්‍රයෝජන ලබා දෙනුයේ කෙසේ ද, නිදර්ශනය කරන්න.
13 කෙසේ වුවත්, ආදම්වත්, ඒවවත් එම මිදීමේ මිලයෙන් ප්‍රයෝජන ලබන්නේ නැත. මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ මෙම ප්‍රතිපත්තිය අඩංගු ව තිබිණි: “මරනු ලබන්ට සුදුසු වරදකාරයෙක් ව සිටින මිනීමරන්නාගේ ප්‍රාණය උදෙසා මිදීමේ මුදලක් භාර නොගනිල්ලා.” (ගණන් කථාව 35:31) ආදම් රැවටුනේ නැත, එමනිසා ඔහුගේ පාපය වුවමනාවෙන් ම හිතාමතා කරනු ලැබූවකි. (1 තිමෝති 2:14) ඔහුගෙන් පැවතෙන්නන් දැන් ඔහුගේ අසම්පූර්ණත්වය උරුම කර ගනිමින්, එලෙස මරණීය දණ්ඩනයට යටත් කරන ලද බැවින්, එය ඔවුන් ව මරණයට පත් කිරීමක් හා සමාන විය. පරිපූර්ණ මිනිසෙකු ව සිටි ආදම්, වුවමනාවෙන් ම, දෙවියන් වහන්සේගේ නීතිය කඩ කිරීමට තෝරා ගෙන තිබූ බැවින්, පැහැදිලි ව ම, ඔහු මරණය සඳහා යෝග්‍ය විය. යෙහෝවඃ වහන්සේ ආදම් වෙනුවෙන් මිදීමේ මිලය අදාළ කළා නම්, එය උන් වහන්සේගේ ධර්මිෂ්ඨ ප්‍රතිපත්තිවලට පරස්පර විරෝධි දෙයක් වනු ඇත. කෙසේ වෙතත්, ආදම්ගේ පාපය වෙනුවෙන් කුලිය ගෙවීම, ආදම්ගෙන් පැවතෙන්නන් මත මරණීය දණ්ඩනය පැමිණ වීම අවලංගු කිරීමක් සපයනු ඇත! (රෝම 5:16) නීත්‍යානුකූල අර්ථයකින් ගත් කල, පාපයේ විනාශකාරී බලය, එහි මුල් ප්‍රභවයෙන් ම කපා හරිනු ලැබේ. මිදීමේ මිලය ගෙවන්නා, ආදම්ගේ සියලු දරුවෙන්ගේ පාපයේ ඵල විපාකය දරමින්, ‘සියල්ලන් උදෙසා මරණය අත් දකින්නේ ය.’—හෙබ්‍රෙව් 2:9; 2 කොරින්ති 5:21; 1 පේතෘස් 2:24.
14 මෙය මෙසේ නිදර්ශනය කළ හැක: සේවකයන් සිය ගණනක් වැඩ කරන විශාල කර්මාන්ත ශාලාවක් ගැන කල්පනා කරන්න. කර්මාන්ත ශාලාවේ වංක කළමනාකරුවෙක් ව්‍යාපාරය බංකොලොත් කරයි; මෙනිසා කර්මාන්ත ශාලාව වසා දමන්නට සිදු වෙයි. එමගින් සිය ගණනකට තම රැකියා අහිමි වීම නිසා තම බිල්පත් ගෙවා ගැනීමට නොහැකි ව ළතවෙයි; ඔවුන්ගේ විවාහක සහකරුවන්, දරුවන්, එසේ ය, ණය හිමියන් යන සියල්ලෝ ම එක් මිනිසෙකුගේ දූෂණය නිසා පීඩා විඳිත්! දැන් එක් පරිත්‍යාගශීලී ධනවතෙක් සමාගමේ ණය ගෙවා කර්මාන්ත ශාලාව යළි විවෘත කරන්නට ඉදිරිපත් වෙයි. මෙබැවින්, ඒ එක් ණයක් අවලංගු කිරීම කරණ කොට ගෙන පිළිවෙලින්, සේවකයන් බොහෝ දෙනෙකු හට, ඔවුන්ගේ පවුල්වලට, මෙන් ම ණය හිමියන්ට පූර්ණ සහනයක් ගෙන දෙයි. නමුත් පළමු කළමනාකරු මෙම සඵලත්වයෙන් ප්‍රයෝජන ලබයි ද? නැත, ඔහු සිර ගෙදර සිටී, එසේ ස්ථීර ලෙස ම රැකියාවෙන් නෙරපනු ලැබ තිබේ! මේ හා සමාන ව, ආදම්ගේ එක් ණයක් අවලංගු කිරීම ඔහුගෙන් පැවතෙන්නන් මිලියන සංඛ්‍යාවකට ලාභ ප්‍රයෝජන අත් කර දෙයි—නමුත් ආදම්ටනොවේ.
මිදීමේ මිලය සපයන්නේ කවුද?
15. මිනිස් වර්ගයා උදෙසා මිදීමේ මිලයක් සපයන්නට හැකි වූයේ කවරෙකුට ද, ඒ මන්ද?
15 ගීතිකාකාරයා ශෝකයෙන් යුතුව මෙසේ පැවසී ය: “සහෝදරයෙකු පවා මුදවා හැරීමටවත් ඔහු උදෙසා දෙවියන් වහන්සේට මිදීමේ මිලයක් දෙන්නටවත්, ඔවුන් කිසිවෙකුට කිසි ම අයුරකින්වත් නොහැකි ය. මන්ද ඔවුන්ගේ ආත්ම මුදවා හැරීමේ ගාස්තුව එතරම් ම අගනා බැවින් එය අනියත කාලයකට අතුරුදහන් වී ඇත.” එම මිදීමේ මිලයේ වටිනාකම “ගෙවීමට ඇති ඔහුගේ හැකියාවට සදා ඔබ්බෙන් තිබෙන” බව, ද න ඉංග්ලිෂ් බයිබල් පවසයි. (ගීතාවලිය 49:8, 9 NW) එසේ නම්, මිදීමේ මිලය සැපයිය හැක්කේ කවරෙකුට ද? “ලෝකයේ පාපය දුරු කරන . . . බැටළු පැටවාණන්” ව සැපයිය හැකි වූයේ යෙහෝවඃ වහන්සේට පමණි. (යොහන් 1:29) මිනිස් වර්ගයා ව ගලවා ගැනීමට දෙවියන් වහන්සේ දේව දූතයෙකු ව එව්වේ නැත. “දවසින් දවස උන්වහන්සේගේ ප්‍රීතිය” ව සිටි, ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් එවීමෙන් උන් වහන්සේ උත්තරීතර පරිත්‍යාගය කළ සේක.—හිතෝපදේශ 8:30; යොහන් 3:16.
16. (අ) දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්ට පරිපූර්ණ මිනිසෙකු ලෙස ඉපදෙන්නට හැකි වූයේ කෙසේ ද? (ආ) නීත්‍යානුකූල අර්ථයකින්, යේසුස් වහන්සේ ව කෙලෙස හැඳින් විය හැකි ද?
16 දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්, දිව්‍ය විධිවිධානයට සිය කැමැත්තෙන් ම සහභාගි වීම මගින්, සිය ස්වර්ගික ස්වභාවයෙන් ‘තමා ව ඉවත් කළ’ සේක. (පිලිප්පි 2:7) යෙහෝවඃ වහන්සේ ස්වකීය කුළුඳුල් ස්වර්ගික පුත්‍රයාණන්ගේ ජීවන බලය හා චරිත විලාශය මරියා නම් යුදෙව් කන්‍යාවකගේ ගර්භාෂයට මාරු කළ සේක. ඇයගේ ගර්භාෂයෙහි වැඩෙන දරුවා, සම්පූර්ණයෙන් ම පාපයෙන් නිදහස් ව, ශුද්ධ ව, සිටින බවට සහතික වෙමින්, ඉන් පසු ශුද්ධාත්මය ‘ඇය ව වසා ගත්තේ ය.’ (ලූක් 1:35; 1 පේතෘස් 2:22) මිනිසෙකු වශයෙන්, උන් වහන්සේ ව යේසුස් යන නමින් හඳුන්වනු ලබනවා ඇත. නමුත්, උන් වහන්සේ පරිපූර්ණ වශයෙන් ආදම්ට අනුරූප වූ බැවින්, නීත්‍යානුකූල අර්ථයකින්, උන් වහන්සේ ව ‘අන්තිම ආදම්’ යයි හඳුන්වනු ලැබිය හැක. (1 කොරින්ති 15:45, 47) මෙසේ පව්කාර මිනිස් වර්ගයා වෙනුවෙන් මිදීමේ මිලයක් හැටියට, “කැලලක්වත් පලුද්දක්වත් නැති බැටළු පැටවෙකු” වශයෙන් තමන් වහන්සේ ව ම පූජාවක් ලෙස ඔප්පු කිරීමට යේසුස් වහන්සේට හැකි විණි.—1 පේතෘස් 1:18, 19.
17. (අ) මිදීමේ මිලය ගෙවනු ලබන්නේ කවරෙකුට ද, ඒ මන්ද? (ආ) දෙවියන් වහන්සේ මිදීමේ මිලය සපයා, එය ලබන බැවින්, මෙම හුවමාරුව මෙයාකාරයෙන් ම සිදු කරනු ලබනුයේ මන්ද?
17 එහෙත්, එම මිදීමේ මිලය ගෙවනු ඇත්තේ කාට ද? සියවස් ගණනක් මුළුල්ලේ, ක්‍රිස්තියානි ලෝකයේ දේවධර්මාධරයන් තර්ක කළේ, එය ගෙවනු ලැබුයේ සාතන් වන යක්ෂයාට කියා ය. මෙහි සත්‍යය නම්, මිනිස් වර්ගයා පාපයට “විකුණනු ලැබ” එමගින් සාතන්ගේ පාලනය යටතට පැමිණ සිටීමයි. (රෝම 7:14; 1 යොහන් 5:19) එහෙත්, වැරදි ක්‍රියා වෙනුවෙන් ‘දඬුවම් දෙන්නේ’ සාතන් නොව, යෙහෝවඃ වහන්සේ ය. (1 තෙසලෝනික 4:6, NW) එබැවින්, ගීතාවලිය 49:7, 8 හි පැහැදිලි ව දක්වන ආකාරයට, මිදීමේ මිලය ගෙවිය යුත්තේ, “දෙවියන්වහන්සේට” ය. යෙහෝවඃ වහන්සේ මිදීමේ මිලය ලබා දෙන නමුත්, දෙවියන් වහන්සේගේ බැටළු පැටවාණන් පූජා කරනු ලැබූ පසු, උන් වහන්සේගේ මිදීමේ මිලයේ වටිනාකම ගෙවිය යුත්තේ දෙවියන් වහන්සේට ය. (උත්පත්ති 22:7, 8, 11-13; හා හෙබ්‍රෙව් 11:17 සසඳන්න.) එක් සාක්කුවකින් මුදල් ගෙන තව සාක්කුවකට දමනු ලැබුවා සේ, මෙය මෙම මිදීමේ මිලය තේරුමක් නැති, යාන්ත්‍රික හුවමාරුවකට පරිවර්තනය කරන්නට යන්නේ නැත. මිදීමේ මිලයට ඇතුළත් වන්නේ, භෞතික හුවමාරුවක් නොව නීත්‍යානුකූල ගණු දෙනුවකි. මෙහි දී තමන් වහන්සේට මහත් පාඩුවක් දැරීමට පවා සිදු වුවද, මිදීමේ මිලයක් ගෙවන ලෙස බල කර සිටීමෙන්, යෙහෝවඃ වහන්සේ ධර්මිෂ්ඨ ප්‍රතිපත්තිවලට ස්වකීය නොසැලෙන ඇල්ම ඔප්පු කළ සේක.—යාකොබ් 1:17.
“සියල්ල ඉටු වී ඇත!”
18, 19. යේසුස් වහන්සේට දුක් විඳීමට අවශ්‍ය වූයේ මන්ද?
18 පොදු යුගයේ 33 වසන්ත සමය, එම මිදීමේ මිලය ගෙවීම සඳහා කාලය විය. බොරු චෝදනා මත අත් අඩංගුවට ගනු ලැබූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, වරදකරුවෙකු බවට තීන්දු කරනු ලැබ, මරණයට පත් කරනු ලබන වද කණුවක් මත ඇණ ගසනු ලැබූ සේක. මීට අයත් වූ බලවත් වේදනාව සහ නින්දාව නිසා, උන් වහන්සේ “බලවත් හැඬීමෙන් හා කඳුලෙන්” යුතුව දෙවියන් වහන්සේට කන්නලව් කළ සේක. (හෙබ්‍රෙව් 5:7) යේසුස් වහන්සේට මෙසේ දුක් විදීමට අවශ්‍ය වූයේ ද? එසේ ය, අවසානය දක්වා “ධාර්මික [පක්ෂපාත, NW], නිර්දෝෂ, නිර්මල, පව්කාරයන්ගෙන් වෙන් ව” සිටීමෙන්, දෙවියන් වහන්සේගේ සේවකයන්ගේ අඛණ්ඩතාවය පිළිබඳ ප්රශ්නය යේසුස් වහන්සේ චමත්කාරජනක ස්ථිර බවක් සමඟින් විසඳූ සේක.—හෙබ්‍රෙව් 7:26, නව අනුවාදය.
19 මිනිස් වර්ගයාගේ උත්තම පූජකයාණන් වශයෙන්, ස්වකීය කාර්ය භාරය සඳහා තමන් වහන්සේ ව පරිපූර්ණ කිරීමට ද ක්‍රිස්තුස් වහන්සේගේ දුක් විඳීම දායක වූයේ ය. උන් වහන්සේ එවැන්නකු බැවින්, නොසැලකිලිමත්, වෙන් වූ, රළු අණ දෙන ආණ්ඩු නිලධාරියෙක් වන්නට යන්නේ නැත. “මක්නිසාද උන්වහන්සේම පරීක්ෂාකරනු ලැබ දුක්වින්ද බැවින්, පරීක්ෂාකරනු ලබන්නන්ට පිහිටවෙන්ට උන්වහන්සේට පුළුවන.” (හෙබ්‍රෙව් 2:10, 18; 4:15) සිය අන්තිම හුස්මත් සමඟ, “සියල්ල ඉටු වී ඇත!” යයි ජයග්රාහි ආකාරයකට මොර ගසා කියන්නට යේසුස් වහන්සේට හැකි විය. (යොහන් 19:30, NW) උන් වහන්සේ අඛණ්ඩතාවය ඔප්පු කර තිබුණා පමණක් නොව, නමුත් මිනිස් වර්ගයාගේ ගැලවීම සඳහා පදනම දැමීමෙහි ද—වඩාත් වැදගත් ලෙස, යෙහෝවඃ වහන්සේගේ ස්වාධිපත්‍යය නිදොස් කිරීමෙහි ද සාර්ථක වී සිටි සේක!
20, 21. (අ) ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන කරනු ලැබුයේ මන්ද? (ආ) යේසුස් ක්‍රිස්තුස් වහන්සේ “ආත්මය සම්බන්ධයෙන් ජීවත් කරනු” ලැබුයේ මක්නිසා ද?
20 එහෙත්, පව්කාර මිනිස් වර්ගයා උදෙසා මිදීමේ මිලය සැබවින් ම අදාළ කරනු ලබනවා ඇත්තේ කුමන ආකාරයෙන් ද? කවදා ද? කෙසේ ද? මෙම කාරණා සිදු වෙන්නට ඉඩ හරිනු ලැබුයේ අහම්බෙන් නොවේ. ක්‍රිස්තුස් වහන්සේගේ මරණින් පසු තුන්වන දවසේ, යෙහෝවඃ වහන්සේ උන් වහන්සේ ව මරණින් උත්ථාන කළ සේක. (ක්‍රියා 3:15; 10:40) ඇසින් දුටු සාක්ෂිකරුවන් සිය ගණනක් විසින් ස්ථිර කරනු ලැබූ මෙම අතිශයින් මවිත කර වන ක්‍රියාව මගින්, යෙහෝවඃ වහන්සේ ස්වකීය විශ්වාසවන්ත පුත්‍රයාණන්ගේ සේවයට විපාක දුන්නා පමණක් නොව, ස්වකීය ගැලවීමේ වැඩය නිමාවට පත් කරන්නට ප්‍රස්තාවක් ද දානය කළ සේක.—රෝම 1:4; 1 කොරින්ති 15:3-8.
21 යේසුස් වහන්සේ ව “ආත්මය සම්බන්ධයෙන් ජීවත්කරනු” ලැබූ අතර, උන් වහන්සේගේ භූමික මෘත දේහය හෙළි නොකරන ලද යම් ආකාරයකට ඉවත් කරනු ලැබී ය. (1 පේතෘස් 3:18; ගීතාවලිය 16:10; ක්‍රියා 2:27) ආත්මික මැවිල්ලක් වශයෙන්, උත්ථානය කරන ලද යේසුස් වහන්සේට දැන් ජයග්‍රාහී ලෙස ස්වර්ගයට නැවත යා හැකි විය. ස්වර්ගයෙහි එම අවස්ථාවේ දී කොතරම් අසීමිත ප්‍රීති ජය නාදයක් තිබෙන්නට ඇත් ද! (යෝබ් 38:7 සසඳන්න.) යේසුස් වහන්සේ යළිත් ස්වර්ගයට ගියේ තමන් වහන්සේ ව සාදරයෙන් පිළිගැනීම භුක්ති විඳීමට නොවේ. උන් වහන්සේ පැමිණියේ, ස්වකීය මිදීමේ මිලයෙන් ප්‍රයෝජන ගැනීමට මුළු මිනිස් සංහතියට ම හැකි කරවීම ඇතුළු, වෙනත් වැඩක් කිරීමටයි. (යොහන් 5:17, 20, 21 සසඳන්න.) උන් වහන්සේ මෙය ඉටු කළ ආකාරයත්, මිනිස් වර්ගයා උදෙසා ඉන් අදහස් කරන දෙයත් මීළඟ ලිපියේ සාකච්ඡා කරනු ලබනවා ඇත. w91 2/15
[පාදසටහන්වල]
a මෙහි පාවිච්චි කර ඇති ග්‍රීක් වචනය වන ඇන්.ටිʹලයි.ට්‍රොන් [an.tiʹly.tron] බයිබලයේ වෙනත් කිසිදු තැනක දක්නට නැත. එය මාර්ක් 10:45 හි මිදීමේ මිලය සඳහා යේසුස් වහන්සේ පාවිච්චි කළ වචනයට සම්බන්ධතාවයක් දක්වයි. කෙසේ නමුත්, ද න ඉන්ටනැෂනල් ඩික්ෂනරි ඔෆ් න ටෙස්ටමන්ට් තියොලොජි ගෙන හැර දක්වන්නේ ඇන්.ටි’ලයි.ට්‍රොන් යන වචනය ‘හුවමාරුවේ න්‍යාය වඩා ප්‍රබල ව අවධාරණය කරන’ බව ය. යෝග්‍ය ලෙස න ව’ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් “අනුරූප වූ මිදීමේ මිලයක් [corresponding ransom]” ඒ සඳහා යොදයි.
පුනරීක්ෂණ ප්‍රශ්න
◻ මිනිස් වර්ගයාගේ ගැලවීමටත් වඩා බොහෝ සෙයින් වැදගත්කමක් ගත්තේ කිනම් ප්‍රශ්න ද?
◻ පව්කාරයන් ව “මිල දී ගැනීම” යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද?
◻ යේසුස් වහන්සේට අනුරූප වීමට තිබුණේ කාට ද, එමෙන් ම ඒ මන්ද?
◻ මිදීමේ මිලය සපයන්නේ කවුද, එය ගෙවනු ලබන්නේ කාට ද?
◻ ආත්මයක් වශයෙන් ක්‍රිස්තුස් වහන්සේ ව උත්ථාන කරනු ලැබීම අවශ්‍ය වූයේ මන්ද?
[21වන පිටුවේ පින්තූරය]
මිනිස් පව් ඉවත් කරන්නට සත්ත්ව පූජාවන් ප්‍රමාණවත් වූයේ නැත; ඒවා පැමිණෙන්නට තිබූ උතුම් පූජාවක් මුර්තිමත් කළේ ය