ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp19 අංක 3 12-13 පි.
  • සදහටම ජීවත් වෙන්න ඔයා කරන්න ඕනෙ මොනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සදහටම ජීවත් වෙන්න ඔයා කරන්න ඕනෙ මොනවාද?
  • 2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • පොළොව සම්බන්ධයෙන් තමන්ගේ අරමුණ ඉටු කරන්න දෙවියන් පොරොන්දු වෙනවා
  • අනාගතයේදී කීකරු මිනිසුන් වෙනුවෙන් තමන් කරන්න යන දේවල් යේසුස් කරලා පෙන්නුවා
  • සදාකාල ජීවනයට යන පාර හොයාගන්න
  • ජීවනයට යන පාරේ ගමන් කරන්න පටන්ගන්න
  • දෙවියන් පිළිගන්න නමස්කාරය
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • දෙවියන් අනාගතයේදී කරන්නේ මොනවාද?
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • දිගටම යේසුස්ට “සවන් දෙන්න”
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • දෙවි පිළිගන්නා නමස්කාරය
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
තව තොරතුරු
2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp19 අංක 3 12-13 පි.
පරීක්ෂණයක් පවත්වමින් හිටිය විද්‍යාඥයා දැන් බයිබලය කියවමින්

සදහටම ජීවත් වෙන්න ඔයා කරන්න ඕනෙ මොනවාද?

දෙවියන් මිනිසුන්ව නිර්මාණය කරද්දී බලාපොරොත්තු වුණු තත්වය අද පොළොවේ නැහැ. ඔහුට ඕන වුණේ ඔහුගේ පාලනයට කැමැත්තෙන්ම යටත් වෙන, ඔහුගේ මඟ පෙන්වීම් අදාළ කරගන්න, ඔහු කැමති ගුණාංග වර්ධනය කරගන්න අයගෙන් මුළු පොළොවම පිරෙනවා දකින්නයි. මිනිසුන් අලුත් දේවල් ඉගෙනගන්නවා දකින්නත් දරුවන් බිහි කරලා සතුටින් ජීවත් වෙනවා දකින්නත් සහයෝගයෙන් වැඩ කරමින් මුළු පොළොවම පාරාදීසයක් කරනවා දකින්නත් ඔහු ආසාවෙන් හිටියා.

පොළොව සම්බන්ධයෙන් තමන්ගේ අරමුණ ඉටු කරන්න දෙවියන් පොරොන්දු වෙනවා

  • “පොළොවේ සිදු වන සියලු යුද්ධ ඔහු නවත්වා දමන්නේය.”—ගීතාවලිය 46:9.

  • ‘පොළොව විනාශ කර දමන අයව විනාශ කර දැමීමට නියමිත කාලය පැමිණියේය.’—එළිදරව් 11:18.

  • “කිසිවෙකුවත්, ‘මා ලෙඩින්’ යයි පවසන්නේ නැත.”—යෙසායා 33:24.

  • “මාගේ තෝරාගත් අය තමන් කරන වැඩවලින් නියම සතුටක් ලබන්නෝය.”—යෙසායා 65:22.

ඒ අනාවැකි ඉටු වෙන්නේ කොහොමද? දෙවියන් ස්වර්ගයේ ආණ්ඩුවක් පිහිටුවලා ඒකේ රජ හැටියට තමන්ගේ පුත් යේසුස්ව පත් කරලා තියෙනවා. මුළු පොළොවම පාලනය කරන්න යන ඒ ආණ්ඩුව බයිබලයේ හඳුන්වන්නේ දේවරාජ්‍යය කියලයි. (දානියෙල් 2:44) දෙවියන් යේසුස්ට “සිංහාසනය ලබා” දුන්නාට පස්සේ යේසුස් ‘රජකම් කරනවා’ කියලා බයිබලයේ කියනවා.—ලූක් 1:32, 33.

යේසුස් පොළොවේ පාලනය භාරගත්තාම මිනිසුන්ට මොන තරම් සහනයක් අද්දකින්න ලැබෙයිද! ඔහු කරපු ආශ්චර්යයන්වලින් ඒක හොඳින්ම පැහැදිලි වෙනවා.

අනාගතයේදී කීකරු මිනිසුන් වෙනුවෙන් තමන් කරන්න යන දේවල් යේසුස් කරලා පෙන්නුවා

  • ඔහු සියලු ආකාර රෝග සුව කරපු එකෙන් පෙන්නුවා ඉදිරියේදී මිනිසුන්ගේ හැම ලෙඩක්ම නැත්තටම නැති කරනවා කියලා.—මතෙව් 9:35.

  • මුහුද නිහඬ කරපු එකෙන් පෙන්නුවා ස්වාභාවික බලයන් පාලනය කරන්න තමන්ට පුළුවන් නිසා මිනිසුන්ට ඒවායින් කිසිම හානියක් වෙන්න දෙන්නේ නැහැ කියලා.—මාක් 4:36-39.

  • දහස් ගාණකට කෑම දීපු එකෙන් පෙන්නුවා මිනිසුන්ගේ අවශ්‍යතා සපයනවා කියලා.—මාක් 6:41-44.

  • විවාහ උත්සවයකදී වතුර වයින් බවට හරවපු එකෙන් පෙන්නුවා මිනිසුන්ට සතුටින් ජීවත් වෙන්න ඕන දේවල් ලබා දෙනවා කියලා.—යොහන් 2:7-11.

දෙවියන් තමන්ට ආදරේ කරන අයට ලබා දෙන ජීවිතය ලබාගන්න ඔයා කරන්න ඕනෙ මොනවාද? බයිබලයේ කියන්නේ “ජීවනය කරා යන පාරේ” ඔයා ගමන් කරන්න ඕනෙ කියලයි. ඒ පාරේ යන්නේ “ස්වල්පදෙනෙක්” විතරයි.—මතෙව් 7:14.

සදාකාල ජීවනයට යන පාර හොයාගන්න

ජීවනයට යන පාර මොකක්ද? දෙවියන් මෙහෙම කියනවා. “මා ඔබේ දෙවි වන යෙහෝවාය. ඔබේම ප්‍රයෝජනය සඳහා ඔබට උගන්වන්නෙත් ඔබ යා යුතු හරි මඟ ඔබට කියා දෙන්නෙත් මමය.” (යෙසායා 48:17) දෙවියන් පෙන්වන මඟේ ගමන් කළොත් නියම සතුට අද්දකින්න ඔයාට පුළුවන්.

යේසුස් කිව්වා “මාර්ගයත් සත්‍යයත් ජීවනයත් මමයි” කියලා. (යොහන් 14:6) ඒ කියන්නේ දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගෙන සතුටින් ජීවත් වෙන්න නම් යේසුස් කියපු විදිහට ජීවත් වෙන්නත් ඔහුගේ ආදර්ශය අනුගමනය කරන්නත් ඕනෙමයි.

ජීවනයට යන පාර හොයාගන්නේ කොහොමද? ලෝකේ හුඟක් ආගම් තියෙනවා. හැබැයි යේසුස් කිව්වේ “ස්වර්ගයෙහි සිටින මගේ පියාණන්ගේ කැමැත්ත කරන්නා මිස මට ‘ස්වාමීනි, ස්වාමීනි’ කියන සියලුදෙනාටම ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න ලැබෙන්නේ නැහැ” කියලයි. (මතෙව් 7:21) “ඔවුන්ගේ පලවලින් ඔබට ඔවුන්ව හඳුනාගත හැකියි” කියලත් ඔහු කිව්වා. (මතෙව් 7:16) සැබෑ ආගම හඳුනගන්න බයිබලයේ තියෙන තොරතුරු ඔයාට උදව් වෙයි.—යොහන් 17:17.

ජීවනයට යන පාරේ ගමන් කරන්න පුළුවන් කොහොමද? හැමෝටම ජීවිතය දීපු කෙනාව මුලින්ම හඳුනගන්න ඕනේ. ඔහු කවුද, ඔහුගේ නම මොකක්ද, ඔහු මොන වගේ කෙනෙක්ද, ඔහු අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා දැනගන්න ඕනේ.a

වැඩ කරන්න, කන්න, විනෝද වෙන්න, දරුවන් හදන්න විතරක් නෙවෙයි ඊට වඩා වටිනා අවස්ථාවක් දෙවියන් අපිට දීලා තියෙනවා. ඔහුව දැන හඳුන ගෙන ඔහුගේ යාළුවෙක් වෙන්නත් ඔහු කැමති විදිහට ජීවත් වෙලා ඔහුට ආදරෙයි කියලා පෙන්වන්නත් අපිට පුළුවන්. ‘සදාකාල ජීවනය ලබාගැනීමට එකම සැබෑ දෙවිව දැන හඳුනා ගන්න’ ඕනෙ කියලා යේසුත් කිව්වා.—යොහන් 17:3.

දෙවියන් බයිබලය මාර්ගයෙන් ඔයාට උගන්වන්නේ ඔයාගේම ‘ප්‍රයෝජනය සඳහායි.’—යෙසායා 48:17

ජීවනයට යන පාරේ ගමන් කරන්න පටන්ගන්න

දෙවියන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා දැනගත්තාම ජීවිතේ වෙනස්කම් කරගන්න ඔයාට සිද්ධ වෙයි. ඒක ලේසි වෙන එකක් නැහැ. ඒත් ඔයා වෑයමක් දරලා ජීවනයට යන පාරේ ගමන් කරන්න පටන්ගත්තාම ජීවිතයේ නියම සතුට අද්දකින්න පුළුවන් වෙයි. දෙවියන් ගැන ඉගෙනගන්න ආස නම් ඔයා කැමති වෙලාවක, කැමති තැනකට ඇවිත් නොමිලේම බයිබලයෙන් උගන්වන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන් ඉන්නවා. www.pr418.com/si කියන අපේ වෙබ් අඩවියෙන් තවත් තොරතුරු දැනගන්න.

a 2019 අංක 1 ‘මුරටැඹ’ බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න