‘හදිසිතාවයේ හැඟීමෙන් යුතුව වචනය දේශනා කරන්න’
1 “හදිසියි” කියා සඳහන් කර තිබෙන ලිපියක් ඔබට ලැබුණොත්, ඔබ එය සලකන්නේ කොහොමද? “හදිසියි” යන වචනයෙන් අදහස් කරන්නේ “විගස සැලකිල්ල යොමු කිරීමයි.” ‘හදිසිතාවයේ හැඟීමෙන් යුතුව වචනය දේශනා කරන්න’ කියා ප්‍රේරිත පාවුල් ක්‍රිස්තියානීන්ට උපදෙස් දුන්නේ හොඳ හේතු ඇතුවයි. (2 තිමෝ. 4:2, NW) ඔබ වචනය දේශනා කිරීමේ වැඩයට විගස සැලකිල්ල යොමු කිරීමෙන් ප්‍රතිචාරය දක්වනවාද?
2 සමහර ක්‍රිස්තියානි සහෝදරයන් ‘ඔවුන්ගේ වැඩයෙහි අලස’ ස්වභාවයක් විදහාපෙන්වමින් සිටිය බව ප්‍රේරිත පාවුල්ට දැනගන්න ලැබෙන්න ඇති. (රෝම 12:11, NW) මෙවන් තත්වයක් තුළ තමන්ගේ වැඩයෙන් ඔවුන් ලැබූ ප්‍රයෝජන මෙන්ම අනිත් අයට උපකාර කිරීමෙන් ලබන්න තිබූ ප්‍රීතියත් අඩු වුණා.
3 යේසුස් දේවසේවය සැලකූ අයුරු: යේසුස් සිය දේවසේවයෙන් මොනතරම් සතුටක් ලැබුවාද! “මාගේ කෑම නම් මා එවූ [තැනැත්තාගේ] කැමැත්තකොට [ඔහුගේ] වැඩ ඉෂ්ට කිරීමය” කියා ඔහු පැවසුවා. යේසුස්ගේ ආදර්ශය මගින් ඔහුගේ ගෝලයන් තුළ පෙලඹීමක් ඇති වුණා. ‘ගොයම් කැපීමට පැහී තිබේ’ කියා පවසමින් ඔහු ඔවුන්ව දිරිමත් කළා. (යොහන් 4:34, 35) යේසුස් දේවසේවය කළ කාලය පුරා හදිසිතාවයේ හැඟීමකින් යුතුව කටයුතු කළ බව, “තමන් ගොයම් කැපීමට ගොවියන් එවන ලෙස ගොයමේ ස්වාමියාට යාච්ඤාකරන්න” කියා ඔහු පැවසූ අවස්ථාවේදී මැනවින් පැහැදිලි වුණා. (මතෙ. 9:38) තමාට ලැබුණු බලපැවරුම දේශනා සේවය බව යේසුස් තේරුම්ගත්තා. ඒ වගේම ඔහු තම පැවරුම ඉටු කිරීමෙන් තමාව වළක්වන්න කිසිම දෙයකට ඉඩ නොදීමට අදිටන් කරගෙන සිටියා.
4 අපි ගැන කුමක් කිව හැකිද? දේශනා කිරීමේ වැඩය දිගටම කරගෙන යෑමේ මහත් හදිසිතාවක් වෙන කවරදාටවත් වඩා අද තිබෙනවා. ලෝකයේ බොහෝ රටවල කැපීම සඳහා ගොයම් පැහී තිබෙනවා. සම්පූර්ණයෙන්ම සාක්ෂි දරා තිබෙනවා කියා හැඟෙන රටවල පවා දහස් ගණනක් සෑම අවුරුද්දකම බව්තීස්ම වෙනවා. මේ පිළිවෙළේ අවසානය වේගයෙන් ළඟා වනවාත් සමඟම, “ස්වාමීන්ගේ වැඩයෙහි කිරීමට බොහෝ දේවල් [NW]” තිබෙනවා. (1 කොරි. 15:58) රාජ්‍ය පණිවිඩය සෙසු මිනිසුන්ට දැනගැනීමට සැලැස්වීම සඳහා අපේ කාලය හා ශ්‍රමය උපරිම මට්ටමින් යෙදවීම, වෙන කිසිම කාලයකට වඩා අද ඉතාමත් වැදගත්.
5 අපි මහත් උනන්දුවෙන් ශුභාරංචිය ගෙන යමින් ගෙවල්වල මෙන්ම අපේ බලප්‍රදේශයේ වෙනත් ඕනෑම තැනක සිටින අයව හමුවීමට හැකි සෑම වෑයමක්ම දරමු. දේශනා කිරීමේ වැඩයෙහි හැකි තරම් හවුල් වීමෙන් පැහැදිලිව පෙන්වන්නේ, අපේ ජීවිතවල පළමු තැන රාජ්‍යයට හිමි වී තිබෙන බවයි. (මතෙ. 6:33) අපි අත්නෑර හදිසිතාවයේ හැඟීමෙන් යුතුව වචනය දේශනා කිරීමේ වැඩයෙහි හවුල් වීමෙන් අපට ඉමහත් ප්‍රීතියක් භුක්ති විඳිය හැකියි.