ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 11/10 1-2 පි.
  • මේ අස්වැන්න නෙළන කාලයයි!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මේ අස්වැන්න නෙළන කාලයයි!
  • 2010 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • අත්නෑර අස්වැන්න නෙළීමෙහි හවුල් වන්න
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ප්‍රීතියෙන් අස්වැන්න නෙළන ගොවීන් අතර ඔබත් සිටිනවාද?
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දේශනා සේවයේ ප්‍රතිඵල - “අස්වැන්න නෙළන කාලය දැන්මම ඇවිත්”
    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!
  • අස්වැන්න නෙළීමේ කාර්යයෙහි උපරිමයෙන් හවුල් වන්න
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2010 අපගේ රාජ්‍ය සේවාව
km 11/10 1-2 පි.

මේ අස්වැන්න නෙළන කාලයයි!

1. දැන් ක්‍රියාත්මක වෙමින් තිබෙන වැදගත් කාර්යය කුමක්ද?

1 සමරිතානු ස්ත්‍රියට සාක්ෂි දැරීමෙන් පසු යේසුස් තම ගෝලයන්ට මෙසේ පැවසුවා. ‘ඔබේ ඇස් ඇර බලන්න. අස්වැන්න නෙළන කාලය දැන්මම ඇවිත්. කරල් පැසී තිබෙන හැටි බලන්න.’ (යොහ. 4:35, 36) එදා පටන්ගත් අස්වැන්න නෙළීමේ කාර්යය ලෝක ව්‍යාප්තව සිදු වීමට නියමිත බව යේසුස් කලින්ම දුටුවා. දැන් ස්වර්ගයේ රජ වී සිටින ඔහු එම කාර්යයට සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. (මතෙ. 28:19, 20) අස්වැන්න නෙළීමේ කාර්යය එහි අවසානයට ළඟා වෙනවාත් සමඟම එය ඉතා වේගවත් වී ඇති බවට තිබෙන සාක්ෂි මොනවාද?

2. අස්වැන්න නෙළීමේ කාර්යය ඉතා වේගවත් වී ඇති බවට තිබෙන සාක්ෂි මොනවාද?

2 ලෝක ව්‍යාප්ත අස්වැන්න නෙළීමේ කාර්යය: ලොව පුරා සිටින ප්‍රචාරකයන්ගේ සියයට 3.2ක වර්ධනයක් 2009 සේවා වසරේදී වාර්තා වුණා. ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යය තහනම් කර ඇති රටවල පවා සියයට 14ක වර්ධනයක් තිබෙනවා. ඒ වර්ෂය තුළදී බයිබල් පාඩම් 76,19,000කට වඩා පවත්වා තිබෙන අතර එය ලොව පුරා සිටින ප්‍රචාරකයන්ගේ සංඛ්‍යාවද ඉක්මවා ගියා. එය 2008 සේවා වර්ෂයේ පැවැත්වූ බයිබල් පාඩම්වලට වඩා 5,00,000ක පමණ වැඩි වීමක්. ශුභාරංචිය බොහෝ ප්‍රදේශවලට ව්‍යාප්ත වීමත් සමඟම මිෂනාරිවරුන්ගේ අවශ්‍යතාව වැඩි වෙමින් පවතිනවා. බොහෝ රටවල වෙනත් භාෂා කතා කරන ජනයා සිටින ප්‍රදේශවල බහුල අස්වැන්නක් ලැබෙමින් පවතිනවා. අස්වැන්න නෙළීම එහි අවසානයට ළඟා වෙත්ම යෙහෝවා දෙවි එය වේගවත් කර ඇති බව පැහැදිලියි. (යෙසා. 60:22) ඔබ අයත් ප්‍රදේශය තුළ සිදු වන එම කාර්යය ගැන ඔබට නිසි ආකල්පයක් තිබෙනවාද?

3. තම ප්‍රදේශයේ අස්වැන්න නෙළීම ගැන කෙනෙකුට කෙසේ හැඟෙන්න පුළුවන්ද?

3 ඔබේ ප්‍රදේශයේ අස්වැන්න නෙළීම: “අපි යන පැත්තෙ නම් කොච්චර ගියත් වැඩක් නැහැ” කියා සමහරුන් පවසන්න පුළුවන්. ඔව්, සමහර ප්‍රදේශවල සිටින ජනයා හොඳ ප්‍රතිචාරයක් නොදක්වන්න පුළුවන්. නැත්නම් කලින් තරම් දැන් උනන්දුවක් නොදක්වනවා විය හැකියි. ඒ නිසා ‘වෙන කවුරුත් සත්‍යයට එයි කියලා හිතන්න බැහැ’ කියා සමහර සාක්ෂිකරුවන් නිගමනය කරන්න පුළුවන්. එසේ සිතීම හරිද?

4. අපගේ දේවසේවය ගැන අපට තිබිය යුතු නිසි ආකල්පය කුමක්ද? ඒ ඇයි?

4 අස්වැන්න නෙළීමේ කාර්යය මුල සිට අග දක්වාම විශාල වැඩක්. එය මොන තරම් හදිසි කාර්යයක්ද කියා යේසුස්ගේ මෙම වදන්වලින් පැහැදිලියි. “අස්වැන්න නම් විශාලයි. නමුත් වැඩකරුවන් සිටින්නේ ස්වල්පදෙනෙකු පමණයි. එමනිසා අස්වැන්න නෙළීමට වැඩකරුවන්ව එවන්න කියා අස්වැන්නේ ස්වාමියාට කන්නලව් කරන්න.” (මතෙ. 9:37, 38) අස්වැන්න නෙළීම ගැන සෑම දෙයක්ම තීරණය කරන්නේ එහි ස්වාමියා වන යෙහෝවා දෙවියි. (යොහ. 6:44; 1 කොරි. 3:6-8) එසේනම් අපගේ කාර්යය කුමක්ද? ඊට බයිබලයේ මෙසේ පිළිතුරු දෙනවා. “උදෑසන ඔබේ බීජ වපුරන්න. කිසි විවේකයක් නොගෙන සවස් වන තුරුම එසේ කරන්න.” (දේශ. 11:4-6) ඔව්, අස්වැන්න නෙළීමේ කාර්යය වේගවත් වන මේ කාලය විවේක ගැනීමට කාලයක් නොවෙයි!

5. හොඳ ප්‍රතිචාරයක් නැතැයි කියා පෙනෙන්න තිබෙන ප්‍රදේශවල පවා අප උද්‍යෝගයෙන් දේශනා කළ යුත්තේ ඇයි?

5 එහි දිගටම හවුල් වන්න: අප එකම ප්‍රදේශයේ නැවත නැවත සේවය කළත් හොඳ ප්‍රතිචාරයක් නොලැබෙන බව පෙනෙන්න තිබුණත් උද්‍යෝගයෙන් සහ කල් නොදමා සේවය කිරීමට හොඳ හේතු තිබෙනවා. (2 තිමෝ. 4:2) ලොව පුරා සිදු වන කැළඹිලි සහිත දේවල් නිසා මිනිසුන්ගේ ආකල්ප වෙනස් වෙමින් තිබෙන අතර අනාගතය ගැන බැරෑරුම්ව සිතන්නත් එය ඔවුන්ට හේතුවක් වී තිබෙනවා. යෞවනයන්ද වැඩිහිටියන් වන විට තම ගැටලුවලට විසඳුම් සොයන්න උත්සාහ කරනවා. තවත් අය අප ශුභාරංචිය ප්‍රකාශ කිරීමට නොකඩවා දරන උත්සාහය ගැන පුදුම වී අපට ඇහුම්කන් දීමට ඉඩ තිබෙනවා. එමගින් ශුභාරංචියට ඇහුම්කන් දීමට නොලැබුණු අයට ඒ සඳහා අවස්ථාව ලැබෙනවා. හිතාමතා පණිවිඩය ප්‍රතික්ෂේප කළ අයට පවා අනතුරු ඇඟවීමක් ලෙස අප එය ප්‍රකාශ කළ යුතුයි.—එස. 2:4, 5; 3:19.

6. අභියෝග මැද දිගටම උද්‍යෝගය පවත්වාගන්න උපකාරවත් වන දේවල් මොනවාද?

6 අපගේ ප්‍රදේශයේ ශුභාරංචිය ප්‍රකාශ කිරීම අභියෝගයක් වුණත් උද්‍යෝගය පවත්වාගන්න පුළුවන් කොහොමද? ගෙයින් ගෙට සේවයට අමතරව ව්‍යාපාරික ප්‍රදේශවල හෝ දුරකතනයෙන් සාක්ෂි දැරීම වැනි ක්‍රම අත්හදා බැලිය හැකියි. එමෙන්ම ශුභාරංචිය ඉදිරිපත් කරන ආකාරයද වෙනස් කළ හැකියි. බොහෝවිට මිනිසුන් නිවෙස්වල සිටින අවස්ථාවල එනම්, සන්ධ්‍යාවේ හෝ වෙනත් වේලාවන්වල සේවයේ හවුල් වීමට සැලසුම් යෙදිය හැකියි. වැඩිදෙනෙකුට ශුභාරංචිය ප්‍රකාශ කිරීමට වෙනත් භාෂාවක් ඉගෙනගන්නද අපට පුළුවන්. එමෙන්ම ස්ථාවර පුරෝගාමි සේවයේ හවුල් වීමෙන් අපගේ සේවය පුළුල් කරගත හැකියි. දේවසේවකයන්ගේ අවශ්‍යතාවක් තිබෙන ප්‍රදේශයකට යෑමටත් අපට හැකියි. අස්වැන්න නෙළීමේ කාර්යය සම්බන්ධයෙන් අපට නිසි ආකල්පයක් තිබෙනවා නම් ඒ වැදගත් කාර්යයේ හැකි උපරිමයෙන් හවුල් වීමට අපි වෑයම් කරයි.

7. අප කුමන අවස්ථාව වන තෙක් එහි හවුල් විය යුතුද?

7 සාමාන්‍යයෙන් ගොවියන්ට තම අස්වැන්න නෙළාගැනීමට තිබෙන්නේ සීමිත කාලයක්. ඒ නිසා ඔවුන් එය අවසන් වන තෙක් විවේක ගන්නේ හෝ එහි වේගය අඩු කරන්නේ නැහැ. අප හවුල් වී සිටින අස්වැන්න නෙළීමේ කාර්යය ගැනත් අපට තිබිය යුත්තේ එම ආකල්පයමයි. අප කුමන අවස්ථාව වන තෙක් එහි හවුල් විය යුතුද? අප ජීවත් වන මේ ‘අවසාන කාල පරිච්ඡේදයේ’ “අවසානය” දක්වායි. (මතෙ. 24:14; 28:20) යෙහෝවා දෙවිගේ ප්‍රධාන සේවකයා වූ යේසුස් මෙන් අපත් විශ්වාසයෙන් යුතුව අපට භාර දී ඇති මේ කාර්යය සම්පූර්ණ කරමු. (යොහ. 4:34; 17:4) ඒ සඳහා ඉතා උද්‍යෝගයෙන්, ප්‍රීතියෙන් සහ නිසි ආකල්පයක් ඇතුව අවසානය දක්වා එහි හවුල් වෙමු. (මතෙ. 24:13) අස්වැන්න නෙළීම තවමත් අවසන් වී නැහැ!

[2වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

අස්වැන්න නෙළීමේ කාර්යය මුල සිට අග දක්වා විශාල වැඩක්

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න