ඔබ නිර්භීතව සාක්ෂි දරනවාද?
1 පේතෘස් හා යොහන් අත්අඩංගුවට ගැනීම් හා විරුද්ධවාදීන්ගේ තර්ජන මැද පවා අත් නෑර දිගටම රාජ්‍යයේ පණිවිඩය නිර්භීතව දේශනා කළා. (ක්‍රියා 4:17, 21, 31) නිර්භීතව සාක්ෂි දැරීම කියද්දී, අද සිටින අපට එයින් අදහස් කරන්නේ කුමක්ද?
2 නිර්භීතව සාක්ෂි දැරීම: “නිර්භීතකම” යන්නෙන් අදහස් කරන්නේ “අධිෂ්ඨානපූර්වකව, නොබියව, ධෛර්යවත්ව හා විඳදරාගැනීමෙන් යුතුව අභියෝගවලට මුහුණ දීමයි.” නිර්භීතව සාක්ෂි දරන සැබෑ ක්‍රිස්තියානීන් අනිත් අයත් සමඟ ශුභාරංචිය ගැන කතා කිරීමට සුදුසු වන ඕනෑම අවස්ථාවකදී නොබියව ඒ ගැන කතා කරනවා. (ක්‍රියා 4:20; 1 පේතෘ. 3:15) එයින් අදහස් කරන්නේ අපි ශුභාරංචිය ගැන කතා කිරීමට ලැජ්ජා නොවන බවයි. (ගීතා. 119:46; රෝම 1:16; 2 තිමෝ. 1:8) මේ අන්තිම කාලයේදී රාජ්‍ය ශුභාරංචිය දේශනා කිරීම සඳහා අපට දී තිබෙන පැවරුම ඉටු කිරීමට නිර්භීතකම අවශ්‍යයි. අපට මිනිසුන්ව හමු වන ඕනෑම තැනකදී ඔවුන් සමඟ ශුභාරංචිය ගැන කතා කිරීමට නිර්භීතකම අපව පොලඹවයි.—ක්‍රියා 4:29, 30; 1 කොරි. 9:23.
3 පාසැලේදී නිර්භීතකම: ඔබ තුළ තිබෙන බිය හෝ බයාදුගතිය නිසා, පාසැලේ සිටින ඔබේ මිතුරන් සමඟ ශුභාරංචිය ගැන කතා කිරීම ඔබට අමාරු දෙයක් වී තිබෙනවාද? සමහර අවස්ථාවලදී මෙය ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. ඇත්තෙන්ම මෙය සැබෑ අභියෝගයක්. කොහොමවුණත්, අනිත් අය සමඟ ශුභාරංචිය ගැන කතා කිරීම සඳහා නිර්භීතකම ලබා දෙන්න කියා ඔබ යාච්ඤා කරනවා නම්, යෙහෝවා ඔබට එය ලබා දෙන බවට නිසැක විය හැකියි. (ගීතා. 138:3) යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු හැටියට ඔබව හඳුන්වා දීමටත්, අන් අයගේ සමච්චල් මැද නොසැලී සිටීමට නිර්භීතකම ඔබට උපකාරවත් වෙයි. ඔබ මෙසේ නිර්භීතව පාසැලේදී සාක්ෂි දැරීම තුළින් ඔබට සවන්දෙන්නන්ව ගළවාගත හැකියි.—1 තිමෝ. 4:16.
4 රැකියාවේදී නිර්භීතකම: ඔබ යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් බව ඔබේ රැකියා ස්ථානයේ අය දන්නවාද? එහි සිටින අය වෙත ශුභාරංචිය සමඟින් ඔබට ළඟා විය හැක්කේ ඔබ ඔවුන්ට දේශනා කළහොත් පමණයි. ක්‍රිස්තියානි රැස්වීම්වලට හා සමුළුවලට යෑම සඳහා නිවාඩු ගැනීමේදීද නිර්භීතකම ඔබට උපකාරවත් විය හැකියි.
5 පරීක්ෂණවලට මුහුණ දෙන විට නිර්භීතකම: අපි හිංසා පීඩාවලට මුහුණ දෙන විට නිර්භීතකම වඩවාගැනීම ඉතාමත් වැදගත්. (1 තෙස. 2:1, 2) අපි තර්ජනවලට, සමච්චල්වලට හා හිංසා පීඩාවලට ලක් වන විට, අපේ ඇදහිල්ල ශක්තිමත්ව තබාගැනීමට අපට උපකාර කරන්නේ නිර්භීතකමයි. (පිලි. 1:27, 28) අපේ දෙවි යෙහෝවාගේ ප්‍රතිපත්ති කඩ කිරීම සඳහා අප මත දැඩි පීඩනයක් එල්ල වන අවස්ථාවලට මුහුණ දෙන විට, එම ප්‍රතිපත්ති කඩ නොකර සිටීමට අපව ශක්තිමත් කරන්නේ නිර්භීතකමයි. අප අතර තිබෙන සමගිය බිඳ හෙළීමට වෙනත් අය වෑයම් කරන විට, එම සමගිය දිගටම පවත්වාගැනීමට එය අපට උපකාරවත් වෙයි.—රෝම 12:18.
6 අපි පෞද්ගලිකව කුමන ආකාරයේ දුෂ්කරතාවලට මුහුණ දුන්නත්, අත්නෑර නිර්භීතව ශුභාරංචිය දේශනා කිරීමට අදිටන් කරගනිමු.—එපී. 6:18-20.