ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp20 අංක 1 12-13 පි.
  • දෙවියන්ගේ රාජ්‍යය ගැන සත්‍යය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවියන්ගේ රාජ්‍යය ගැන සත්‍යය
  • 2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • සමාන තොරතුරු
  • දෙවිගේ රාජ්‍යය ගැන යේසුස් ඉගැන්වූයේ කුමක්ද?
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දේවරාජ්‍යය ගැන
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දේවරාජ්‍යය පාලනය කරයි
    සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම
  • දෙවිගේ රාජ්‍යය කියන්නේ කුමක්ද?
    දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?
තව තොරතුරු
2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp20 අංක 1 12-13 පි.
හිරු එළියෙන් නැහැවුණු පෘථිවිය අභ්‍යවකාශයේ ඉඳන් පෙනෙන විදිහ

දෙවියන්ගේ රාජ්‍යය ගැන සත්‍යය

යේසුස් තම අනුගාමිකයන්ට උගන්වපු ආදර්ශ යාච්ඤාවේදී ඔහු මෙහෙම කිව්වා. “ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා! ඔබගේ රාජ්‍යය පැමිණේවා! ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා!” (මතෙව් 6:9, 10) දෙවියන්ගේ රාජ්‍යය කියන්නේ මොකක්ද? ඒ රාජ්‍යය මාර්ගයෙන් සිද්ධ වෙන්නේ මොනවාද? ඒ රාජ්‍යය පැමිණෙන්න කියලා අපි යාච්ඤා කරන්න ඕනෙ ඇයි?

දෙවියන්ගේ රාජ්‍යයේ රජ යේසුස්.

ලූක් 1:31-33: “ඔහුට යේසුස් යන නම තබන්න. ඔහු ඉතා ශ්‍රේෂ්ඨ කෙනෙක් වන අතර ඔහුව හඳුන්වනු ලබන්නේ මහෝත්තම දෙවිගේ පුත්‍රයා ලෙසයි. යෙහෝවා දෙවි ඔහුට ඔහුගේ පියා වූ දාවිත්ගේ සිංහාසනය ලබා දෙයි. යාකොබ්ගේ පෙළපත කෙරෙහි සදහටම රජකම් කරන ඔහුගේ රාජ්‍යයට අවසානයක් නැහැ.”

යේසුස් දේශනා කරපු ප්‍රධානම පණිවිඩය දෙවියන්ගේ රාජ්‍යයයි.

මතෙව් 9:35: “යේසුස් ඔවුන්ගේ සිනගෝගවල උගන්වමින්ද රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරමින්ද සියලු ආකාර රෝග සහ ආබාධ සුව කරමින්ද සියලු නුවරවලද ගම්වලද සංචාරය කළේය.”

දෙවියන්ගේ රාජ්‍යයේ පාලනය පටන්ගන්නේ කවදාද කියලා තේරුම්ගන්න යේසුස් ලකුණක් දුන්නා.

මතෙව් 24:7: “ජාතියක් ජාතියකට විරුද්ධවත් රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවත් නැඟී සිටියි. එක් තැනක් පාසා තවත් තැනක ආහාර හිඟකම්ද භූමිකම්පාද සිදු වෙයි.”

යේසුස්ගේ අනුගාමිකයන් දෙවියන්ගේ රාජ්‍යය ගැන ලොව පුරා දේශනා කරනවා.

මතෙව් 24:14: “රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි. එවිට අවසානය පැමිණෙයි.”

දෙවියන්ගේ රාජ්‍යය ගැන තොරතුරු

ස්ථානය. සැබෑ ආණ්ඩුවක් වන දෙවියන්ගේ රාජ්‍යය දෙවියන් පිහිටුවලා තියෙන්නේ ස්වර්ගයේ.—දානියෙල් 2:44; මතෙව් 4:17.

අරමුණ. දෙවියන්ගේ රාජ්‍යයෙන් මේ පොළොව පාරාදීසයක් බවට පත් කරනවා. ඒ කාලේදී ලෙඩ වෙන්නෙවත් මැරෙන්නෙවත් නැතුව සාමයෙන් සමඟියෙන් ජීවත් වෙන්න මිනිසුන්ට පුළුවන් වෙනවා.—ගීතාවලිය 37:11, 29.

පාලකයන්. තමන් පත් කරපු රජු වන යේසුස් එක්ක හවුල් වෙලා ස්වර්ගයේ ඉඳන් පාලනය කරන්න පොළොවෙන් 1,44,000දෙනෙක්ව දෙවියන් තෝරගන්නවා.—ලූක් 1:30-33; 12:32; එළිදරව් 14:1, 3.

යටත්වැසියන්. දෙවියන්ගේ රාජ්‍යයේ යටත්වැසියන් ජීවත් වෙන්න යන්නේ පොළොවේ. ඒ අය කැමැත්තෙන්ම යේසුස්ගේ පාලනයට යටත් වෙනවා වගේම දෙවියන්ගේ රාජ්‍යයේ නීතිවලට කීකරු වෙනවා.—මතෙව් 7:21.

මිනිසුන්ව පාලනය කරන්න සුදුසුම කෙනා යේසුස් කියලා කියන්නේ ඇයි?

පොළොවේ ඉද්දී යේසුස් ඔප්පු කරලා පෙන්නුවා ඔහු පාලනය කරන්න සුදුසුකම් තියෙන ප්‍රේමණීය කෙනෙක් කියලා. උදාහරණෙකට යේසුස්

  • දිලිඳු අය ගැන සැලකිලිමත් වුණා.—ලූක් 14:13, 14.

  • දූෂණය, අයුක්තිය හෙළාදැක්කා.—මතෙව් 21:12, 13.

  • ස්වාභාවික බලයන් පාලනය කළා.—මාක් 4:39.

  • මිනිසුන් දහස් ගණනකට කන්න දුන්නා.—මතෙව් 14:19-21.

  • අනුකම්පාවෙන් පෙලඹිලා අසනීපයෙන් හිටපු අයව සුව කළා.—මතෙව් 8:16.

  • මැරුණු අයට ආයෙත් ජීවිතය දුන්නා.—යොහන් 11:43, 44.

දෙවියන්ගේ රාජ්‍යයෙන් මේ කාලේදී ප්‍රයෝජන ලබාගන්න පුළුවන් කොහොමද?

දෙවියන්ගේ රාජ්‍යයේ යටත්වැසියන්ට මේ කාලෙත් සතුටින් ජීවත් වෙන්න පුළුවන්. උදාහරණෙකට ඒ යටත්වැසියන්

  • ‘සියලුදෙනා සමඟ සමාදානයෙන් සිටීමට දැඩි උත්සාහයක් දරනවා.’—හෙබ්‍රෙව් 12:14.

  • තමන්ගේ සැමියාට/බිරිඳට ආදරයෙන්, ගෞරවයෙන් සලකන නිසා ප්‍රීතිමත් පවුල් ජීවිතයක් භුක්ති විඳිනවා.—එෆීස 5:22, 23, 33.

  • “නිරතුරුවම දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවකින්” ඉන්න නිසා සතුටින් පිරුණු අර්ථවත් ජීවිතයක් ගත කරනවා.—මතෙව් 5:3.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න