මිනිසා සතු පැරණිතම මෙන්ම නවීනතම පොත වන බයිබලය කෙරෙහි අගය ඇති කිරීම
මෙම වීඩියෝ පටය ඔබ ළඟදී නරඹා තිබෙන්න පුළුවන්. මතු දැක්වෙන ප්‍රශ්න මගින් එහි තිබෙන විශේෂ කරුණු කෙරෙහි ඔබේ අවධානය යොමු කරවයි. (1) බයිබලය වෙන කිසිම පොතකට සමාන කළ නොහැකි පොතක් බවට තිබෙන සාක්ෂි මොනවාද? (2) බයිබලය ලොව පැරණිතම පොත වුණත් එය නවීන විද්‍යාව සමඟ එකඟ වන බවට උදාහරණයක් දෙන්න. (3) අද තිබෙන බයිබලයේ අඩංගු වන්නේ මුල්ම ලියවිලිවල තිබූ තොරතුරුම බවට අපට නිසැක වෙන්න පුළුවන් කොහොමද? (4) බයිබලයේ පැරණි අත්පිටපත්වල විශේෂ ලක්ෂණයක් නම් කරන්න. මෙය අප තුළ ඇති කරන නිසැකකම කුමක්ද? (5) ලොව පුරා දෙවිගේ වචනය ව්‍යාප්ත කිරීම සඳහා ජෝන් වයික්ලිෆ්, යොහැනස් ගුටන්බර්ග්, විලියම් ටින්ඩේල්, මේරි ජෝන්ස් හා චාර්ල්ස් ටේස් රසල් වැනි අය දායක වුණේ කුමන ආකාරවලින්ද? (6) පල්ලිය දැඩි ලෙස බයිබලයට විරෝධය පෑවේ කෙසේද? ඒ වුණත් බයිබලය අපේ කාලය දක්වා ආරක්ෂා වී තිබීමට හේතු වූයේ කුමක්ද? (7) යෙහෝවාගේ සංවිධානය බයිබලය පරිවර්තනය කිරීම සහ මුද්‍රණය කිරීම කොතෙක් දුරකට කර තිබෙනවාද? (8) සූදුවට ඇබ්බැහි වීම (1 තිමෝ. 6:9, 10), කලත්‍රයන්ගේ වෙන්වීම හා විවාහය තුළ විශ්වාසය කඩ කිරීම (1 කොරි. 13:4, 5; එපී. 5:28-33) සහ ද්‍රව්‍යමය දේවල් පසුපස හඹායෑම (මතෙ. 16:26) යනාදි ගැටලු සමඟ සාර්ථකව කටයුතු කිරීමට බයිබලයේ සඳහන් ප්‍රායෝගික උපදෙස් ජනයාට උපකාරවත් වී තිබෙන්නේ කොහොමද? (9) ශුද්ධ ලියවිල්ලේ සඳහන් ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් අද ලෝකයේ විවිධ ජාතීන් හා ජන කොටස් අතර පවතින වෛරය ජයගත හැකි බවට තිබෙන සාක්ෂි මොනවාද? (10) බයිබලයේ තිබෙන දේවල් ඉගෙනගැනීමෙන් ඔබ මහත් සතුටක් ලබා තිබෙන්නේ කුමන ආකාරවලින්ද? (11) ඔබ සිතන විදිහට මේ වීඩියෝ පටය ප්‍රයෝජනවත් වන්නේ කාටද? ඔබ ඔවුන්ට මෙය පෙන්වන්නේ කොහොමද?