යෙහෝවාට සහ ඔහුගේ පුත්‍රයාට ගරු කරමු
අප්‍රියෙල් 8වෙනිදා සිහි කිරීමට පැමිණෙන සියලුදෙනාටම පූර්ණ ප්‍රයෝජන ලබාගත හැකි අයුරු
1 අද මිනිසුන් විශේෂ ගෞරවයක් දෙන්නේ කාටද? යම් ක්ෂේත්රවල දක්ෂකම් පෙන්වන පුද්ගලයන්ව මිනිසුන් මහ ඉහළින් පිළිගනු ලබනවා. කොහොමවුණත්, බොහෝ අවස්ථාවලදී ඔවුන් කළ දේවල් වැඩි කල් නොගොස් මිනිසුන්ගේ මතකයෙන් ඈත් වී යනවා. ඒත් මුළු මනුෂ්‍යවර්ගයාටම අනිවාර්යයෙන්ම ප්‍රයෝජන ලබාගන්න පුළුවන් යමක් කර තිබෙනවා නම්, අපි එය සලකන්නේ කොහොමද? වර්ෂ 2001 අප්‍රියෙල් 8වන ඉරිදා හිරු බැසයෑමෙන් පසුව අපි ස්වාමීන්ගේ රාත්‍රි භෝජනය සමරන අවස්ථාවේදී, ලෝකයේ මෙතෙක් සිදු කර තිබෙන උතුම්ම ක්‍රියාව කෙරෙහි අපි විශේෂ අවධානයක් යොමු කරන්න යනවා.
2 ලැබිය යුතු උසස්ම ගෞරවය ලබන්න වටින්නේ කවුද? බයිබලය එයට මෙසේ උත්තර දෙයි. ‘යෙහෝවා, ඔබ ප්‍රශංසාවත් ගෞරවයත් බලයත් ලබන්ට වටින තැනැත්තාය. මක්නිසාද ඔබ සියලු දේ මැව්වේය.’ (එළි. 4:11) මැවුම්කරු හැටියට යෙහෝවා මුළු විශ්වයේම ශ්‍රේෂ්ඨතම පාලකයායි. ගෞරවය ලැබීමට ඔහු සතු සුදුසුකම් සදාකාලයටම නොවෙනස්ව පවතියි!—1 තිමෝ. 1:17.
3 දෙවිගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස් ගෞරවය ලැබීමට වටිනා දේවල් කළා. ඒ දේවල් නිසා අනාගතයේදී මුළු මනුෂ්‍යවර්ගයාටම නිමක් නැති ආශීර්වාද ලැබෙනවා. ඔහු සිය පියාව පරිපූර්ණ ලෙස අනුකරණය කළා. (යොහ. 5:19) ඔහු සිය පියාට සම්පූර්ණයෙන්ම කීකරු වෙමින් ඔහුට විශ්වාසවන්තව සේවය කළා. මේ නිසා ඔහු “බලයත් ධනයත් ප්‍රඥාවත් පරාක්‍රමයත් ගෞරවයත් තේජසත් ප්‍රශංසාවත් ලබන්ට” වටිනවා. (එළි. 5:12) යේසුස්ගේ පියා ඔහුව රජෙකු ලෙස පත් කිරීමෙන් ඔහුට ගෞරව කළා. (ගීතා. 2:6-8) වර්ෂ 2001 අප්‍රියෙල් 8වනදා ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය අපි සමරන විට පියාටත් පුත්‍රයාටත් ගරු කරන්න අපට අවස්ථාවක් ලැබෙනවා.
4 මිනිස් ඉතිහාසය පුරාම යෙහෝවාටත් ඔහුගේ පුත්‍රයාටත් හිමි ගෞරවය ලබා දී තිබෙන්නේ ටිකදෙනෙක් පමණයි. ඇත්තෙන්ම මෙය කනගාටුදායකයි. දෙවිගේ තෝරාගත් සෙනඟ වූ ඉශ්රායෙල්වරුන් පවා කලක් යෙහෝවාට සේවය කළේ නමට පමණයි. යමෙකු දෙවිට නමට පමණක් සේවය කරනවා නම්, එය ඔහුට කරන අගෞරවයක්. (මලා. 1:6) දෙවිට නිසි ලෙස ගෞරවය දැක්වීමට නම් විශ්වාසවන්ත ලෙස ඔහුට කීකරු විය යුතුයි. මෙසේ කීකරු වීමට යමෙකුව පොලඹවන බලය විය යුත්තේ ප්‍රේමය හා යෙහෝවා මෙන්ම ඔහුගේ පුත්‍රයා අප වෙනුවෙන් කර තිබෙන දේවල් සඳහා ඇති අගයයි. මේ ආකාරයට දෙවිට ගෞරව කිරීම සඳහා අප තුළ දේවබියක් තිබිය යුතු අතර, අපේ ජීවිතයේ සෑම කාරණයකදීම යෙහෝවාගේ සහ යේසුස්ගේ අධිකාරිය සැලකිල්ලට ගන්න බව අපි පෙන්විය යුතුයි. ක්‍රිස්තියානි සභාව වෑයම් කරන්නේ මේ දෙය කිරීමට අන් අයට උපකාර කරන්නයි.
5 ගෞරවය පෙන්වීමට විශේෂ අවස්ථාවක්: යෙහෝවාගේ සාක්ෂිකරුවන් සෑම වසරකම වැදගත්ම අවස්ථාව හැටියට සලකන්නේ යේසුස්ගේ මරණය සිහි කිරීමයි. යෙහෝවාට සේවය කිරීමටත් ගෞරව කිරීමටත් කැමති සෑම කෙනෙක්ම ඒ අවස්ථාවට පැමිණ සිටිය යුතුයි. (ලූක් 22:19) ක්‍රියාශීලී සාක්ෂිකරුවන් දශලක්ෂ හය හා නවකයන් වැඩි පිරිසක්ද ඇතුළුව දශලක්ෂ 14කට වඩා වැඩිදෙනෙක් සිහි කිරීමට පැමිණෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා. අපේ ස්වර්ගික පියාට ගෞරවය කිරීමට එය මොනතරම් කදිම අවස්ථාවක් වේවිද! සිහි කිරීමේදී වැඩි අවධානයක් යේසුස් කෙරෙහි යොමු වුවද, ඔහු කළ දේවල් ගෞරවයෙන් යුතුව සැලකීමෙන් මහිමයට පත් වන්නේ ඔහුව පොළොවට එවූ ඔහුගේ පියාවයි.—යොහ. 5:23.
6 මේ විශේෂ අවස්ථාව වෙනුවෙන් අපට කළ හැක්කේ කුමක්ද? මෙයින් පූර්ණ ප්‍රයෝජන ගැනීමට උනන්දුව දක්වන අයට උපකාර කරන්න අපට පුළුවන්. මේ අවස්ථාවට පැමිණෙන්න ඔවුන්ව උනන්දු කරන්න. අවශ්‍ය නම්, සිහි කිරීම පවත්වන ස්ථානයට පැමිණීමට ඔවුන්ට උපකාර කරන්න. සිහි කිරීමේ කතාවේ අරමුණ පැහැදිලි කර දෙන්න. අනිත් අයට ඔවුන්ව හඳුන්වලා දෙන්න. ඔවුන්ට දකින්න හා අසන්න ලැබෙන දේවලින්, අප සමඟ එක්ව යෙහෝවාට ගෞරවය කරන්න ඔවුන් තුළ පෙලඹවීමක් ඇති විය හැකියි.
7 එදින වැඩසටහන මගින් පැමිණ සිටින අය කෙරෙහි ඇති කරන බලපෑම සුළු කොට සලකන්න එපා. සිහි කිරීමේ උත්සවය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් මෙසේ අදහස් පළ කළා. “අපේ පල්ලියේ සත්ප්‍රසාද ලබන්න මම සෑහෙන කාලයක් තිස්සේ ගිහිල්ලා තියෙනවා. ඒත් මේක නම් හරිම වෙනස්. [යෙහෝවාගේ සාක්ෂිකරුවන්] මේ සිහි කිරීම බයිබලයේ කියල තියෙන විදිහටම සමරනවා.” පසුව ඔහු නිතිපතා රැස්වීම්වලට එන්න පටන්ගෙන වැඩි කල් යන්න කලින් බව්තීස්ම වුණා.
8 වර්ධනය වීමට නවකයන්ට උපකාර කරන්න: සිහි කිරීමට පැමිණෙන නවකයන් ගැන විස්තර දැනගෙන, සිහි කිරීමේ කතාවෙන් ඔවුන් ඉගෙනගත්ත දේවල් හා ඒ අවස්ථාවේදී දුටු දේවල් නැවත සලකා බැලීම සඳහා හැකි ඉක්මනින් ඔවුන්ව ගොස් හමු වන්න. බයිබලය පිළිබඳ දැනුම ලබාගත හැකි වෙනත් රැස්වීම් ගැන විස්තර ඔවුන්ට සපයන්න. “දෙවිගේ සෙනඟ අතරේ ඇති සුරක්ෂිතභාවය අද්දකින්න” නමැති මාතෘකාවෙන් යුත් දැනුම පොතේ 17වන පරිච්ඡේදය සලකා බලන්න. ඔවුන්ට ප්‍රයෝජන ලබාගත හැකි ආත්මික සැපයුම් ගැන එහි පැහැදිලි කර තිබෙනවා. හැකි නම්, අපේ මුළු සහෝදර සංගමය නමැති ඉංග්‍රීසි වීඩියෝ පටය ඔවුන්ට නැරඹීමට කටයුතු පිළියෙළ කරන්න. මෙම වීඩියෝ පටය නැරඹීමෙන් යෙහෝවාගේ සෙනඟ අතර තිබෙන සමගිය, ප්‍රීතිය හා ජ්වලිතය ඔවුන්ට ඔවුන්ගේ ඇස් දෙකෙන්ම දැකගන්න පුළුවන්!
9 යෙහෝවාව ගෞරවයට පත් කරන්න තමන්ට හැකි ආකාරය ගැන නවකයන් ඉගෙනගැනීම වැදගත්. හෘදයාංගම යාච්ඤාවලට යෙහෝවා ප්‍රිය කරන බවත් එසේ කිරීමෙන් ආත්මික ප්රබෝධයක් ලබාගත හැකි බවත් පැහැදිලි කර දෙන්න. (1 යොහ. 5:14) ඕනෑ කරන්නේ විවරණිකාවේ 8 සිට 12 දක්වා පාඩම්වල සඳහන් තොරතුරු යොදාගනිමින් යෙහෝවාව ගෞරවයට පත් කරන හැසිරීම ගැන විස්තර කරන්න. දෙවිගේ කැමැත්ත කිරීම (je-SN) නමැති විවරණිකාවේ 30-1 දක්වා පිටුවල සඳහන් දේවල් සාකච්ඡා කර, දේශනා සේවයෙහි හවුල් වීමෙන් යෙහෝවාව ගෞරවයට පත් කිරීමට ඉදිරියේදී ඔවුන්ට දායක විය හැකි ආකාරය ගැන කල්පනා කර බැලීමට නවකයන්ව දිරිමත් කරන්න.
10 යේසුස්ගේ ජීවිත පූජාව හා ඔහුගේ ගෝලයෙකු හැටියට සේවය කරන්න අපිට ලැබී තිබෙන වරප්‍රසාදය අගය කිරීමෙන් දෙවිව ගෞරවයට පත් කරන්න අපට පුළුවන්. මෙයින් අන් අයටද ප්‍රයෝජන ලැබෙයි. යේසුස් මෙසේ පොරොන්දු වුණා. ‘යමෙක් මට සේවය කරනවා නම්, මාගේ පියා ඔහුට ගෞරව කරයි.’—යොහ. 12:26.