සිහි කිරීම ගැන මතක් කිරීම්
මේ අවුරුද්දේ සිහි කිරීම යෙදී තිබෙන්නේ අප්‍රියෙල් 8වන ඉරිදාටයි. වැඩිමහල්ලන් මතු දැක්වෙන කාරණාවලට අවධානය යොමු කළ යුතුයි.
◼ සිහි කිරීමේ උත්සවය පවත්වන වේලාව නියම කරගැනීමේදී, හිරු බැස යෑම සිදු වන තෙක් සංකේත අතිනත නොයැවිය යුතු බව මතක තබාගන්න.
◼ උත්සවය පවත්වන නියමිත වේලාව හා ස්ථානය, කථිකයා ඇතුළු සෑම කෙනෙකුටම දැනුම් දිය යුතුයි.
◼ සුදුසු වර්ගයේ රොටි සහ මුද්‍රිකපානය සූදානම් කර තබාගත යුතුයි.—1985 සැප්තැම්බර් 1 මුරටැඹ සඟරාවේ 18වන පිටුව බලන්න.
◼ පිඟන්, වීදුරු, සුදුසු මේසයක් මෙන්ම මේස රෙද්දක් ශාලාවට ගෙනැවිත් කලින්ම සූදානම් කර තැබිය යුතුයි.
◼ රාජ්‍ය ශාලාව හෝ සිහි කිරීම පවත්වන වෙනත් ස්ථාන කලින්ම හොඳින් පිරිසිදු කළ යුතුයි.
◼ පරිවාරකයන්ව හා සංකේත අතිනත යවන්නන්ව තෝරාගෙන, නිවැරදි ක්‍රියා පිළිවෙළ සහ ඔවුන්ගේ වගකීම් ගැන කලින්ම පැහැදිලිව කියා දිය යුතුයි.
◼ අසනීපව සිටින හා පැමිණීමට නොහැකි ආලේප ලත් අයට සංකේත ලබා දීමට කටයුතු පිළියෙළ කළ යුතුයි.
◼ එකම රාජ්‍ය ශාලාව සභා එකකට වඩා වැඩි ගණනක් භාවිත කරන්න සැලසුම් කර තිබෙනවා නම්, ශාලාවට ඇතුල් වන දොරටු අසල, ගේට්ටුව අසල, පොදු මාවත්වල හා රථ වාහන නවතා තබන ස්ථානයේ අනවශ්‍ය ලෙස තදබදයක් ඇති නොවීම සඳහා සභාවන් අතර හොඳ සම්බන්ධීකරණයක් තිබිය යුතුයි.