සිහි කිරීම ගැන මතක් කිරීම්
මේ අවුරුද්දේ සිහි කිරීම පවත්වන්නේ අප්‍රියෙල් 16වන බදාදායි. වැඩිමහල්ලන් මතු දැක්වෙන කාරණාවලට අවධානය යොමු කළ යුතුයි.
◼ සිහි කිරීමේ උත්සවය පවත්වන වේලාව නියම කිරීමේදී හිරු බැස යන තෙක් සංකේත අතිනත නොයවන බවට වගබලා ගන්න.
◼ උත්සවය පවත්වන නියමිත වේලාව හා ස්ථානය කථිකයා ඇතුළු සෑම කෙනෙකුටම දැනුම් දිය යුතුයි.
◼ සුදුසු වර්ගයේ රොටි සහ වයින් සූදානම් කර තබාගත යුතුයි.—1985 සැප්තැම්බර් 1 මුරටැඹ සඟරාවේ 18වන පිටුව බලන්න.
◼ පිඟන්, වීදුරු, සුදුසු මේසයක් මෙන්ම මේස රෙද්දක් ශාලාවට කලින්ම ගෙනැවිත් සූදානම් කර තැබිය යුතුයි.
◼ රාජ්‍ය ශාලාව හෝ සිහි කිරීම පැවැත්වීම සඳහා යොදාගන්න වෙනත් ස්ථාන කලින්ම හොඳින් පිරිසිදු කළ යුතුයි.
◼ පරිවාරකයන්ව හා සංකේත අතිනත යවන්නන්ව තෝරාගෙන නිවැරදි ක්‍රියා පිළිවෙළ සහ ඔවුන්ගේ වගකීම් ගැන කලින්ම පැහැදිලිව කියා දිය යුතුයි. ගෞරවාන්විත ලෙස ඇඳුම් පැළඳුම් ඇඳ සිටීමේ වැදගත්කමද ඔවුන්ට පෙන්වා දිය යුතුයි.
◼ දුර්වල සෞඛ්‍ය තත්වයකින් පසුවීම නිසා සිහි කිරීමට පැමිණීමට නොහැකි ආලේප ලත් අය ඇතොත් ඔවුන්ට සංකේත ලබා දීමට කටයුතු පිළියෙළ කළ යුතුයි.
◼ එකම රාජ්‍ය ශාලාව සභා එකකට වඩා වැඩි ගණනක් භාවිත කරන්න සැලසුම් කර තිබෙනවා නම් ශාලාවට ඇතුල් වන දොරටුව අසල, ගේට්ටුව අසල, පොදු මාවත්වල හා රථ වාහන නවතා තබන ස්ථානවල අනවශ්‍ය තදබදයක් ඇති නොවන පරිදි සභාවන් සහයෝගයෙන් කටයුතු කළ යුතුයි. හැකි නම් සිහි කිරීම් උත්සව දෙකක් අතර විනාඩි 45ක පමණ පරතරයක් තැබීම සුදුසුයි.