සිහි කිරීම ගැන මතක් කිරීම්
මේ වසරේ සිහි කිරීම පැවැත්වෙන්නේ අප්‍රියෙල් 12වන බදාදායි. වැඩිමහල්ලන් පහත සඳහන් කාරණාවලට අවධානය දිය යුතුය.
◼ රැස්වීම පටන්ගන්නා වේලාව ගැන තීරණය කිරීමේදී, හිරු බැස යෑම සිදු වන තෙක් සංකේත අතින් අත යැවීම නොකළ යුතු බවට ස්ථිර වන්න.
◼ කථිකයා ඇතුළු සෑම කෙනෙකුටම රැස්වීම පැවැත්වෙන වේලාව සහ ස්ථානය දැනුම් දෙන්න.
◼ සුදුසු ආකාරයේ රොටි සහ වයින් සූදානම් කරගත යුතුයි.—2003 පෙබරවාරි 15 මුරටැඹ සඟරාවේ 14-15 පිටු බලන්න.
◼ පිඟන්, වීදුරු, සුදුසු මේසයක් සහ මේස රෙද්දක් කල් ඇතුව සූදානම් කළ යුතුයි.
◼ සිහි කිරීම පැවැත්වෙන්නේ රාජ්‍ය ශාලාවේ හෝ වේවා වෙනත් ස්ථානයක හෝ වේවා එය සිහි කිරීමට පෙර හොඳින් ශුද්ධ පවිත්‍ර කළ යුතුයි.
◼ පරිවාරකයන්ව හා සංකේත අතින් අත යවන අයව කලින්ම සූදානම් කර, ඔවුන්ගේ වගකීම් ගැන දැනුවත් කළ යුතුයි. ඒ වගේම ගෞරවනීය ලෙස ඇඳ පැළඳගෙන එන ලෙසත් ඔවුන්ට මතක් කළ යුතුයි.
◼ ආබාධිත හෝ පැමිණීමට නොහැකි යම් අභිෂේක ලත් කෙනෙක් සිටී නම්, ඔහුට හෝ ඇයට සංකේතවලට පංගුකාරයන් වීමට කටයුතු සැලසුම් කළ යුතුයි.
◼ සභා කිහිපයක් එකම රාජ්‍ය ශාලාව පාවිච්චි කරන්නේ නම්, රාජ්‍ය ශාලා භූමියේ හා වාහන නවතන ස්ථානවල අනවශ්‍ය තදබදයක් ඇති නොවන පරිදි, සිහි කිරීමේ උත්සවය හොඳින් සංවිධානය කළ යුතුයි.