රැස්වීම්වලට පැමිණීමට අන් අයට උපකාර කරන්න
1 “රැස්වීම්වලට පැමිණීමට කැමති ළඟපාත සිටින සෑම කෙනෙකුටම එයට සාදරයෙන් ඇරයුම් කරන්නෙමු.” මෙම ඇරයුම කර තිබුණේ සයන්ස් වොච් ටවර් නමැති සඟරාවේ 1880 නොවැම්බර් කලාපයේයි. එදා සිට යෙහෝවාගේ සාක්ෂිකරුවන් බයිබලය ගැන ඉගෙනගැනීම සඳහා ඔවුන් සමඟ එක්රැස් වීමට ජනයාට මහත් උනන්දුවෙන් ආරාධනා කර තිබෙනවා. (එළි. 22:17) මෙසේ එක්රැස් වීම සැබෑ නමස්කාරයේ ප්‍රධාන අංගයක්.
2 පැමිණීම අත්‍යවශ්‍යයි: සභාව සමඟ ඇසුරු කිරීමෙන් අපට බොහෝ ආශීර්වාද භුක්ති විඳින්න පුළුවන්. අපේ ශ්‍රේෂ්ඨ දෙවි වන යෙහෝවාව වඩාත් හොඳින් දැනහඳුනා ගන්න සභාව සමඟ ඇසුරු කිරීම අපට උපකාරවත් වෙනවා. සභාවක් හැටියට අපි එක්රැස් වෙන්නේ ‘යෙහෝවාගෙන් ඉගෙනගැනීමටයි.’ (යෙසා. 54:13) ඔහුගේ සංවිධානය බයිබලය මත පදනම් ඉගැන්වීමේ වැඩසටහන් සකස් කරන අතර, ඔහුට වඩාත් ළංවීමට මෙන්ම ‘ඔහුගෙන් ලැබෙන සියලුම උපදෙස්’ අදාළ කරගැනීමට අවශ්‍ය ප්‍රායෝගික උපකාරයද ඒවායින් ලැබෙනවා. (ක්‍රියා 20:27, NW; ලූක් 12:42) ඒ විතරක් නෙවෙයි, දෙවිගේ වචනය අන් අයට ඉගැන්වීමේ කලාව වර්ධනය කරගැනීමට අවශ්‍ය පුහුණුවද රැස්වීම්වලින් ලබා දෙනවා. ශුද්ධ ලියවිල්ලෙන් ලැබෙන සිහිගැන්වීම්, අන් අය සමඟ මෙන්ම යෙහෝවා සමඟද හොඳ සබඳතාවක් පවත්වාගැනීමට අපට උපකාරවත් වෙනවා. දෙවිට ප්‍රේම කරන අය සමඟ ඇසුරු කිරීමෙන් අපේ ඇදහිල්ල තවත් ශක්තිමත් වෙනවා.—රෝම 1:11, 12.
3 ප්‍රමාද නොකර ආරාධනා කරන්න: රැස්වීම්වලට පැමිණීම සඳහා පළමුවන පාඩමේ සිටම බයිබල් ශිෂ්‍යයන්ට ආරාධනා කරන්න. ඔහුට අත් පත්‍රිකාවක් දෙන්න. පසුගිය සතියේ පැවැත්වූ රැස්වීමේදී ඔබව දිරිමත් කළ කරුණක් ගැන කතා කිරීමෙන් හා ඊළඟට පවත්වන රැස්වීමේදී සාකච්ඡා කරන්න යන කරුණක් ගැන සඳහන් කිරීමෙන් ඔහු තුළ උනන්දුවක් ඇති කරන්න. රාජ්‍ය ශාලාව මොන වගේ එකක්ද කියා විස්තර කර, එතැනට පැමිණෙන ආකාරය නිවැරදිව පවසන්න.
4 ශිෂ්‍යයෙකු මුලින්ම කළ ආරාධනාව පිළිගනිමින් රැස්වීම්වලට පැමිණියේ නැතත් ඔහුට ආරාධනා කිරීම නතර කරන්න එපා. අපේ සංවිධානයේ කටයුතු සිදු වන ආකාරය ඔහුට පැහැදිලි කර දීම සඳහා සෑම සතියකම මිනිත්තු කිහිපයක් වැය කරන්න. දෙවිගේ කැමැත්ත කිරීම (je-SN) නමැති විවරණිකාව හා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හඳුනාගනිමු (Jehovah’s Witnessess—The Organization Behind the Name) නමැති වීඩියෝ පටිය යොදාගනිමින් අප ගැනත් අපේ රැස්වීම් ගැනත් හොඳින් දැනගැනීමට උපකාර කරන්න. ඔහු සමඟ පාඩම කරන්න යන විට විවිධ ප්‍රචාරකයන්ව ගෙන යන්න. සභාවේ සිටින අයව හඳුනාගන්න මෙමගින් ඔහුට අවස්ථාව ලැබෙනවා. පාඩමේදී යාච්ඤා කරන විට සංවිධානය සපයා දීම ගැන යෙහෝවාට ස්තුති කරන්න. ශිෂ්‍යයා එය සමඟ ඇසුරු කිරීමේ වැදගත්කම ගැන සඳහන් කරන්න.
5 උනන්දුව දක්වන අලුත් අයට අප සමඟ එක්රැස් වීම සඳහා උපකාර කිරීමට මැළි නොවන්න. යෙහෝවා කෙරෙහි ඔවුන්ගේ අගය කිරීම වැඩි වන විට, තමන් ඉගෙනගන්න දේවල් අදාළ කරගන්නත් දෙවිගේ එක්සත් සංවිධානයේ සාමාජිකයෙකු වෙන්නත් ඔහු තුළ පෙලඹීමක් ඇති වේවි.—1 කොරි. 14:25.