ප්රගතිශීලී බයිබල් පාඩම් පැවැත්වීම 8වන කොටස:
ශිෂ්‍යයන්ව සංවිධානය වෙත යොමු කිරීම
1. සෑම සතියකම බයිබල් පාඩම පවත්වද්දී යෙහෝවාගේ සංවිධානය ගැන කරුණක් ඉගැන්වීම ප්‍රයෝජනවත් වන්නේ මන්ද?
1 බයිබල් පාඩම් පැවැත්වීමේදී අපේ ඉලක්කය වන්නේ දේවවචනය ගැන ඉගැන්වීම පමණක්ම නොවෙයි. ක්‍රිස්තියානි සංවිධානයේ සාමාජිකයන් වීමට ශිෂ්‍යයන්ට උපකාර කිරීමත් අවශ්‍යයි. (සෙක. 8:23) යෙහෝවාගේ සාක්ෂිකරුවෝ—ඔවුහු කවරහුද? ඔවුන්ගේ විශ්වාසයන් මොනවාද? යන විවරණිකාව යොදාගෙන අපට එය කළ හැකියි. නවක බයිබල් ශිෂ්‍යයන්ට ඉන් පිටපතක් දී එය කියවීමට ඔවුන්ව දිරිගන්වන්න. ඊට අමතරව, සෑම සතියකම පාඩම පවත්වද්දී යෙහෝවාගේ සංවිධානය ගැන කරුණක් ඉගැන්වීමට විනාඩි කීපයක් ගන්න.
2. සභා රැස්වීම්වලට සහභාගි වීමට බයිබල් ශිෂ්‍යයන්ට දිරිගන්වන්න ඔබට හැක්කේ කෙසේද?
2 සභා රැස්වීම්: බයිබල් ශිෂ්‍යයන් තුළ දෙවිගේ සංවිධානය කෙරෙහි අගයක් ඇති කිරීමට හැකි වන ප්‍රධානතම ක්‍රමය වන්නේ අප සමඟ ඔවුන්ව සභා රැස්වීම්වලට සහභාගි කරවාගැනීමයි. (1 කොරි. 14:24, 25) ඒනිසා සතියට පැවැත්වෙන රැස්වීම් පහෙන් එක් එක් රැස්වීම ගැන පැහැදිලි කර ඔවුන්ට රැස්වීම් පිළිබඳ යම් අවබෝධයක් ලබා දීමට හැකියි. ඊළඟ ප්‍රසිද්ධ කථාවේ මාතෘකාව සඳහන් කරන්න. මුරටැඹ පාඩමේදී හා පොත් පාඩමේදී සලකා බැලෙන තොරතුරුද පෙන්වන්න. දිව්‍යාණ්ඩු සේවා පාසැල සහ සේවා රැස්වීම ගැන පැහැදිලි කරන්න. ඔබට පාසැලේ පැවරුමක් තිබෙන විට ඔබට හැකියි එය ඔවුන් සමඟ පුහුණු වන්න. රැස්වීම්වලදී ඉදිරිපත් කළ විශේෂ කරුණු ඔවුන් සමඟ බෙදාගන්න. රැස්වීම්වලදී සිදු වන දේ පිළිබඳව යම් චිත්‍රයක් මවාගැනීමට උපකාර කිරීම සඳහා අපේ ප්රකාශනවල ඇති පින්තූරු ඔවුන්ට පෙන්වන්න. මුල් පාඩමේදීම රැස්වීම්වලට සහභාගි වීමට ඔවුන්ට ආරාධනා කරන්න.
3. සංවිධානයේ කුමන අංගයන් ගැන අපට සාකච්ඡා කළ හැකිද?
3 සිහි කිරීම, එක්රැස්වීම් සහ චාරිකා අවේක්ෂකගේ බැහැදැකීම ළඟා වන විට මෙම විධිවිධාන ගැන පැහැදිලි කිරීමට හා ඒ සම්බන්ධයෙන් උනන්දුවක් ඇති කිරීමට විනාඩි කීපයක් ගන්න. මතු දැක්වෙන ප්‍රශ්නවලට ක්‍රම ක්‍රමයෙන් පිළිතුරු දෙන්න. අපව යෙහෝවාගේ සාක්ෂිකරුවන් ලෙස හඳුන්වන්නේ මන්ද? අපේ රැස්වීම් ස්ථානවලට රාජ්‍ය ශාලා කියා පවසන්නේ ඇයි? වැඩිමහල්ලන්ගේ සහ සභා සේවකයන්ගේ වගකීම් මොනවාද? දේශනා සේවය සහ ඒ සඳහා බලප්‍රදේශය සැලසුම් කරන්නේ කොහොමද? අපේ පොත් පත් මුද්‍රණය වෙන්නේ කෙසේද? සංවිධානයට මුදල් ලැබෙන්නේ කොහෙන්ද? ශාඛා කාර්යාලය සහ පාලක මණ්ඩලය වැඩකටයුතු අධීක්ෂණය කිරීමේදී ඉටු කරන්නේ කුමන කාර්ය භාරයක්ද?
4, 5. සංවිධානය කෙරෙහි අගය ඇති කිරීමට අපේ වීඩියෝ පට භාවිත කරන්න අපට පුළුවන් වෙන්නේ කොහොමද?
4 අවබෝධය පුළුල් කරන වීඩියෝ පට: අපේ වීඩියෝ පට මාර්ගයෙනුත් බයිබල් ශිෂ්‍යයන්ට යෙහෝවාගේ මවිතාකාර සංවිධානය දැකගත හැකියි. මේවාට හැකියි ඔවුන්ව පොළොවේ සීමාවන් දක්වා ගෙන යන්න. එමෙන්ම අපේ මුළු සහෝදර සංගමය හඳුනාගැනීමටත්, අපි දිව්‍ය ඉගැන්වීම් මගින් එක්සත් වී සිටින ආකාරය බලාගැනීමටත් ඔවුන්ට හැකියි. අපේ සඟරා සහ වෙනත් පොත් පත් වසර පහක් පුරා ලබාගනිමින් සිටි කාන්තාවක් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සංවිධානය හඳුනාගනිමු නමැති වීඩියෝ පටය දුටු අවස්ථාවේ ඇගේ දෙනෙතට කඳුළු ආවා. ඇයව බැහැදැකීමට පැමිණි සාක්ෂිකරුවන් කෙරෙහි විශ්වාසයක් ඈ තුළ ගොඩනැඟී තිබුණත් වීඩියෝ පටය බැලූ පසු සංවිධානය කෙරෙහිත් විශ්වාසයක් තබාගත හැකියි කියා ඇයට හැඟුණා. ඇය සමඟ බයිබල් පාඩමක් ඇරඹුවා. ඊළඟ සතියේ සිට ඇය රැස්වීම්වලටද සහභාගි වුණා.
5 සංවිධානය ගැන අපේ ශිෂ්‍යයන්ට පැහැදිලි කිරීම සඳහා අපේ ප්‍රකාශන සහ වීඩියෝ පට භාවිත කරමින් සෑම සතියකම විනාඩි කීපයක් ගත කළ හැකියි. එසේ කිරීමෙන් අද දින යෙහෝවා යොදාගන්නාවූ එකම සංවිධානය හඳුනාගැනීමට බයිබල් ශිෂ්‍යයන්ට ටිකෙන් ටික උපකාර කරන්න අපට පුළුවන්.