ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 ජනවාරි 9 පි.
  • රැස්වීම්වලට සහභාගි වෙන්න ශිෂ්‍යයන්ට උදව් කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • රැස්වීම්වලට සහභාගි වෙන්න ශිෂ්‍යයන්ට උදව් කරන්න
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම් ඔයාටත් ප්‍රයෝජනවත්
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • යෙහෝවා එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • නරක ආශ්‍රයෙන් ඈත් වෙන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • දෙවියන් පිළිකුල් කරන පුරුදු අත්හරින්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 ජනවාරි 9 පි.

සේවය හොඳින් කරන්න ඉගෙනගමු | සේවයේ සතුට තවත් වැඩි කරගන්න

රැස්වීම්වලට සහභාගි වෙන්න ශිෂ්‍යයන්ට උදව් කරන්න

රැස්වීම් අපේ නමස්කාරයේ වැදගත් අංගයක්. (ගීතා 22:22) යෙහෝවා දෙවියන්ගේ සෙනඟත් එක්ක එකතු වෙලා ඔහුට නමස්කාර කරද්දී ඒකෙන් ලොකු සතුටක් වගේම හුඟක් ආශීර්වාදත් ලැබෙනවා. (ගීතා 65:4) සාමාන්‍යයෙන් රැස්වීම් එන බයිබල් ශිෂ්‍යයෙක් ඉක්මනින් සත්‍යයේ දියුණු වෙනවා.

රැස්වීම්වලට සහභාගි වෙන්න ශිෂ්‍යයෙක්ට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද? රැස්වීම් එන්න කියලා දිගටම ආරාධනා කරන්න. ‘අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද?’ කියන වීඩියෝ එක එයාට පෙන්නන්න. රැස්වීම්වලින් ලැබෙන ප්‍රයෝජන ගැන කියන්න. (lff 10 පාඩම) රැස්වීමකින් ඉගෙනගත්ත දෙයක් ගැන නැත්නම් ඉස්සරහාට රැස්වීමකින් ඉගෙනගන්න යන දෙයක් ගැන එයාට කියන්න. රැස්වීම්වලදී පාවිච්චි කරන ප්‍රකාශන එයාට දෙන්න. නැත්නම් ‘JW ලයිබ්‍රරි’ ඇප් එකේ “රැස්වීම්” කියන ටැබ් එක පෙන්නන්න. සමහරවිට රැස්වීම් ශාලාවට එන්න එයාට උදව් ඕනෙ වෙයි. ඒ දේවල් කරන්න ඔයා වෙන මහන්සිය කවදාවත් අපතේ යන්නේ නැහැ. ඔයාගේ ශිෂ්‍යයා මුල්ම වතාවට රැස්වීමකට ආවාම ඔයාට කොච්චර ලොකු සතුටක් දැනෙයිද!—1කොරි 14:24, 25.

‘බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න - රැස්වීම්වලට සහභාගි වෙන්න’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • “බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න - රැස්වීම්වලට සහභාගි වෙන්න” කියන වීඩියෝ එකේ දර්ශනයක්. නීටා ලිලීට රැස්වීමකට ආරාධනා කරනවා.

    ලිලීට රැස්වීම්වලට ආරාධනා කරන්න නීටා අවස්ථාවක් කරගත්තේ මොකක්ද?

  • “බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න - රැස්වීම්වලට සහභාගි වෙන්න” කියන වීඩියෝ එකේ දර්ශනයක්. ලිලී රැස්වීමට ඇවිත් නීටා ළඟ ඉඳගත්තාම නීටා ලිලී එක්ක හිනා වෙනවා.

    ශිෂ්‍යයෙක් රැස්වීම් ආවාම අපිට ලොකු සතුටක් දැනෙන්නේ ඇයි?

  • “බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න - රැස්වීම්වලට සහභාගි වෙන්න” කියන වීඩියෝ එකේ දර්ශනයක්. රැස්වීමකින් පස්සේ සහෝදරියන් ලිලී එක්ක සතුටින් කතාබහ කරනවා.

    “ඇත්තෙන්ම දෙවි ඔබ අතර සිටිනවා”

    ලිලී ගිය පළවෙනි රැස්වීමේදී එයා අද්දැක්කේ මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න