යහපත් අසල්වැසියෙකු වීමෙන් සාක්ෂියක් දරන්න
1 ‘ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න’ කියා යේසුස් පැවසුවා. (මතෙ. 22:39) ඔබ ඇදහිල්ලේ පවුලට අයිති අයට “යහපත්කම්” කරන බවට සැකයක් නැහැ. ඒ වුණත්, ඔබේ නිවස අවට සිටින අයට ප්‍රේමය පෙන්වීම සම්බන්ධයෙන් දැනට වඩා යමක් කරන්න ඔබට පුළුවන්ද? (ගලා. 6:10) ඔබට මෙය කළ හැකි ආකාර මොනවාද?
2 ඔබව හඳුන්වා දීමෙන්: ඔබ සාක්ෂිකරුවෙක් කියල ඔබේ අසල්වැසියන් දන්නවාද? දන්නේ නැත්නම්, ඔබේ නිවස අවට ක්ෂේත්‍ර සේවයේ හවුල් වන විට ඔවුන්වද හමු වෙන්න යෑම හොඳ අදහසක් නොවේද? මෙයින් ලැබෙන ප්‍රතිඵලය ගැන ඔබ පුදුම වේවි! එහෙම නැත්නම් ඔවුන්ට සාක්ෂි දරන්න වඩාත් පහසු ක්‍රමය අවිධිමත් ලෙස සාක්ෂි දැරීම කියා ඔබ සිතනවා නම්, එසේ කිරීමට වෑයම් කරන්න. සමහර අවස්ථාවලදී ඔවුන් වත්තේ වැඩ කරමින් සිටිනවා හෝ පාරේ යනවා ඔබ දකින්න පුළුවන්. සිනහවක් පා ඔවුන් සමඟ කතා කරන්න. ඔබේ ආගමික විශ්වාසයන් ගැන කතා කිරීමට උත්සාහ කරන්න. රාජ්‍ය ශාලාව පිහිටි ස්ථානය කියන්න. රාජ්‍ය ශාලාවේ සිදු වන දේවල් ගැනත් රැස්වීම්වලට යන වෙනත් අසල්වාසීන් ගැනත් ඔවුන්ට කියන්න. රැස්වීම්වලට ආරාධනා කරන්න. ඔබ දන්න හඳුනන සෑම කෙනෙකුටම ශුභාරංචිය ගැන සම්පූර්ණ සාක්ෂියක් දැරීමට අධිෂ්ඨානපූර්වකව කටයුතු කරන්න.—ක්‍රියා 10:42; 28:23.
3 ඔබේ ආදර්ශවත් හැසිරීමෙන්: ඔබේ හැසිරීම මගින් බොහෝ දේ කියාපාන අතර, සාක්ෂියක් දීමට අවස්ථාව උදා කරන්නද එයට පුළුවන්. එය ‘දෙවිගේ ඉගැන්වීම අලංකාර කිරීමටද’ දායක වෙයි. (තීත. 2:7, 9) ඔබේ අසල්වාසීන් කෙරෙහි අව්‍යාජ උනන්දුවක් දක්වන්න. මිත්‍රශීලී වන්න. ඔවුන්ව තේරුම්ගැනීමට උත්සාහ කරන්න. ඔවුන්ගේ පෞද්ගලික නිදහසට බාධා නොකරන්න. ඝෝෂාකාරි දේවල් කිරීමෙන් වළකින්න. ඔවුන්ගේ පවුලේ කෙනෙක් අසනීපයෙන් නම්, උපකාර කළ හැකි ආකාර සොයා බලන්න. අලුත් පවුලක් ඔබේ නිවසට කිට්ටුව පදිංචියට ආ විට ඔවුන්ව සාදරයෙන් පිළිගන්න. මේ වගේ කරුණික ක්‍රියාවන් නිසා අපි ගැන හොඳ හැඟීමක් ඔවුන් තුළ ඇති වන අතර, යෙහෝවාද ඒ දේවලට ප්‍රසන්න වෙයි.—හෙබ්‍රෙ. 13:16.
4 ගේ දොර පිරිසිදුව තබාගැනීමෙන්: අන් අයගේ සිත්වල ප්‍රියමනාප බවක් ඇති කරන ආකාරයෙන් ඔබේ නිවස තබාගැනීමද යහපත් අසල්වැසියෙකු වීමට අයත් වෙනවා. පිරිසිදු හා පිළිවෙළකින් යුත් නිවසක් හා වත්තක් මගින්ද කදිම සාක්ෂියක් සැපයෙයි. අපිරිසිදු නිවසක් හෝ ඉවතලන ද්‍රව්‍ය සැම තැනම දමා තිබෙන නිවසක් නිසා රාජ්‍ය පණිවිඩය කෙරෙහි අසල්වාසීන් දක්වන උනන්දුව අඩු විය හැකියි. එනිසා ඔබේ නිවස, වත්ත හා වාහන පිරිසිදුව මෙන්ම හොඳ තත්වයක තිබීම ඉතාමත් වැදගත්.
5 ක්‍රිස්තියානි සභාවට අයිති නැති අය කෙරෙහි සැලකිල්ල දැක්වීමෙන් ඔබේ අසල්වැසි ප්‍රේමය නිරූපණය වෙයි. මෙහි ප්‍රතිඵලය කුමක් විය හැකිද? ‘ඔබේ යහපත් ක්‍රියා දැක’ ඔවුන්ගෙන් සමහර අය ‘දෙවිව ගෞරවයට’ පත් කරන්න ඉඩ තිබෙනවා.—1 පේතෘ. 2:12.