ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 9/01 4 පි.
  • එය දේශනා සේවයට බාධාවක්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • එය දේශනා සේවයට බාධාවක්ද?
  • 2001 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • “මේ දේවලට වඩා ඔබ මට ප්‍රේම කරනවාද?”
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ‘පළමුකොට රාජ්‍යය නොකඩවාම සොයන්න’
    එකම සැබෑ දෙවිට නමස්කාර කරන්න
  • වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් තෘප්තියක් ලබමු
    “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
  • ඔබේ ජීවිතයේ මුල් තැන කුමකටද?
    2006 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2001 අපගේ රාජ්‍ය සේවාව
km 9/01 4 පි.

එය දේශනා සේවයට බාධාවක්ද?

1 අද හුඟදෙනෙක් ගත කරන්නේ කාර්යබහුල ජීවිතයක්. වැඩියෙන්ම කාර්යබහුල අය අතර යෙහෝවාගේ සාක්ෂිකරුවන්ද සිටිනවා. ඔවුන්ට දේවවචනය අධ්‍යයනය කරන්න, සභා රැස්වීම්වලට හා ක්ෂේත්‍ර සේවයේ යන්න තියෙනවා. මේ දේවලට අමතරව, රැකියාව සඳහා කාලය වැය කරන්න වෙනවා. ගෙවල්වල වැඩ හා පාසැලේ වැඩ ඇතුළු තවත් හුඟාක් වගකීම් තියෙනවා. මේ සෑම දෙයකටම සෑහෙන කාලයක් අවශ්‍යයි. කාලය සොයාගැනීම විශේෂයෙන්ම අභියෝගයක් වන්නේ පවුල් මූලිකයන්ටයි.

2 බොහෝ රටවල ආර්ථික ගැටලු වැඩි වන නිසා පවුල් මූලිකයන්ට වැඩි කාලයක් රැකියාව සඳහා වැය කරන්න සිදු විය හැකියි. ජීවිතය ගැටගසා ගැනීම සඳහා විශාල සටනක් කරන්න සිදු වෙනවා. ඔවුන්ගේ කාලයෙන් හා ශ්‍රමයෙන් වැඩි හරියක් රැකියාව සඳහා වැය කරන්න සිදු වූ විට, දේශනා සේවය වෙනුවෙන් තිබෙන්නේ ඉතාමත් සුළු කාලයක්. පවුලේ අයගේ ද්‍රව්‍යමය අවශ්‍යතා සැපයීමේ වගකීම තමන්ට තිබෙන නිසා, සේවයේ හවුල් වීම සඳහා තමන්ට ඇත්තේ සීමිත කාලයක් පමණයි කියා ඇතමුන්ට හැඟෙන්න පුළුවන්. (1 තිමෝ. 5:8) ජීවිතයේ අවශ්‍යතා සපුරාගැනීම එතරම් ලෙහෙසි නැති බව ඇත්ත. ජීවිතයේ පීඩන බොහොමයක් තිබෙනවා. ඒ වුණත්, රැකියාව ශුභාරංචිය දේශනා කිරීමට බාධාවක් විය යුතු නැහැ. (මාක් 13:10) එනිසා අපේ සැබෑ තත්වය අපි සෝදිසි කර බැලිය යුතුයි.

3 ලෝකයේ අන්දම නිරතුරුවම වෙනස් වෙමින් පවතින නිසා, බලාපොරොත්තු නොවූ ගැටලුවලට මුහුණ දීම සඳහා මුදල් ඉතිරි කිරීමේ අරමුණ ඇතුව වැඩි කාලයක් රැකියාව සඳහා යොදවන්න පවුල් මූලිකයෙක් නැඹුරු වෙන්න පුළුවන්. (1 කොරි. 7:31) වැඩි කාලයක් රැකියාව සඳහා යෙදවීමෙන් උපයාගන්න මුදලින් අමතර දේවල් මිල දී ගන්න හෝ විනෝදාස්වාදය සඳහා අවස්ථාවන් උදා කරගන්න පුළුවන් කියා යමෙකුට හැඟෙන්න ඉඩ තිබෙනවා. ඒ වුණත්, නිතිපතා රැස්වීම්වලට යෑම ඇතුළුව ආත්මික කාරණා වෙනුවෙන් යොදවන කාලය මේ දේවල් ලුහුබැඳීම සඳහා යෙදවීමෙන් පවුලේ ප්‍රීතිය හා තෘප්තිය වැඩි වෙයිද? අපේ ආත්මිකත්වයට අනතුරක් විය හැකි ඕනෑම දෙයකින් සහතිකවම අපි වැළකිය යුතුයි. කළ යුතු නැණවත්ම දෙය වන්නේ ‘ස්වර්ගයේ වස්තු රැස් කරමින් දෙවි කෙරෙහි පොහොසත් වන්න’ කියා යේසුස් දුන් උපදේශයට කීකරු වීමයි.—මතෙ. 6:19-21; ලූක් 12:15-21.

4 පළමුකොට රාජ්‍යය සොයන්න: වෙන කිසිම දෙයකට වඩා ආත්මික කටයුතුවලට මුල් තැන දෙන්න කියා යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට ඉගැන්වුවා. ඔහු ඔවුන්ගෙන් මෙසේ ඕනෑකමින් ඉල්ලා සිටියා. “කුමක් කමුද කුමක් බොමුද කුමක් අඳිමුද කියමින් කනස්සලු නොවෙන්න.” ඔහු එසේ පැවසුවේ ඇයි? ඔහු එය මෙසේ පැහැදිලි කළා. ‘මක්නිසාද මේ සියල්ල නුඹලාට ඕනෑ බව නුඹලාගේ ස්වර්ගීය පියා දනියි.’ අපි ඇත්තටම මෙය ඒත්තුගෙන සිටිනවා නම්, ඊළඟට යේසුස් පැවසූ දෙය කිරීමෙන් අපිව වළක්වන්න කිසිම දෙයකට නොහැකියි. “නුමුත් පළමුකොට [ඔහුගේ] රාජ්‍යයද [ඔහුගේ] ධර්මිෂ්ඨකමද සොයන්න; මේ සියල්ලත් නුඹලාට දෙනුලබන්නේය.” ඇත්තෙන්ම අපේ ද්‍රව්‍යමය අවශ්‍යතා දෙවි බලාගනීවි! (මතෙ. 6:31-33) මුදල් උපයාගැනීම ගැන අනවශ්‍ය ලෙස කනස්සලු වීමට හෝ ඉක්මනින්ම පහවීමට නියමිත මේ ක්‍රමය තුළ ද්‍රව්‍යමය වශයෙන් හොඳ ස්ථාවරයකට ඒමට ආශාවක් ඇති කරගැනීමට මෙය නම් කාලය නොවෙයි.—1 පේතෘ. 5:7; 1 යොහ. 2:15-17.

5 රැකියාවක් කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ අපේ ද්‍රව්‍යමය අවශ්‍යතා සපුරාගැනීමයි. ද්‍රව්‍යමය වශයෙන් අපට මොනතරම් දේවල් අවශ්‍යද? මේ ගැන පාවුල් මෙසේ පැවසුවා. “කෑම ඇඳීම අපට ඇත්නම් එයින් [සතුටු වෙමු].” මීටත් වඩා දේවල් ලබාගන්න අපි උත්සාහ කරමින් සිටිනවාද? එහෙමනම්, ඊළඟට පාවුල් කළ අනතුරු ඇඟවීමේ ඵල විපාකවලට මුහුණ දෙන්න අපට සිදු විය හැකියි. “ධනවත්වන්ට ආශා ඇත්තෝ පරීක්ෂාවකද මලපතකද මනුෂ්‍යයන් නාස්තියෙත් විනාශයෙත් ගිල්වන්නාවූ, අඥානවූ, අන්තරාය සහිත බොහෝ තෘෂ්ණාවලද වැටෙන්නෝය.” (1 තිමෝ. 6:8, 9; මතෙ. 6:24; ලූක් 14:33) පමණ ඉක්මවා යන ආශාවන් අපට බාධාවක් වී තිබෙන බව දැනගන්න පුළුවන් කොහොමද?

6 ලෞකික දේවල් අත් කරගැනීමට වෑයම් කිරීම නිසා ක්ෂේත්‍ර සේවයේ හවුල් වෙන්න තිබෙන්නේ ඉතාමත් සීමිත කාලයක් නම් හෝ ශුභාරංචිය වෙනුවෙන් යම් පරිත්‍යාගයන් කිරීමේ අවශ්‍යතාව තේරුම්ගොස් නැත්නම්, එයින් පෙනී යන්නේ අප ප්‍රමුඛත්වය දී තිබෙන දේවල යම් සකස් කරගැනීම් කරන්න අවශ්‍යතාවක් තිබෙන බවයි. (හෙබ්‍රෙ. 13:15, 16) දේශනා සේවය සඳහා බාධාවක් වන දේවල් ඉවත් කිරීමට වඩාත් සරල ජීවන රටාවක් උපකාරවත් වෙනවා. අපේ කාලය හා ශ්‍රමය වැය වන දේවලදී, සැම විටම මුල්තැන හිමි විය යුත්තේ රාජ්‍යය හා සම්බන්ධ කාරණාවලටයි.

7 නිෂ්ඵල නොවන ශ්‍රමය: ‘ස්වාමීන්ට කරන අපගේ මෙහෙය නිෂ්ඵල නොවන බව අප දන්නා බැවින් ස්වාමීන්ගේ මෙහෙයෙහි [සේවයෙහි] සැමවිටම වඩ වඩා පවතින්න’ කියා පාවුල් පැවසූ වදන් අපව දිරිමත් කරයි. (1 කොරි. 15:58) ‘ස්වාමීන්ගේ සේවයෙහි’ අතිවැදගත් කාර්යය වන්නේ රාජ්‍යය ගැන දේශනා කිරීම හා ගෝලයන් සෑදීමයි. (මතෙ. 24:14; 28:19, 20) මේ කාර්යයෙහි අපට හැකි උපරිමය කිරීම සඳහා සෑම සතියකම ක්ෂේත්‍ර සේවයේ හවුල් වීමට නිශ්චිත කාලයක් අපි වෙන් කරගත යුතු අතර, වෙනත් කිසිම දෙයකට ඒ කාලය වැය නොකළ යුතුයි. (එපී. 5:15-17) මෙසේ කරනවා නම්, රැකියාව හෝ වෙනත් කිසිම වැඩක් අපේ සේවයට බාධාවක් වන්නේ නැහැ.

8 බයිබල් සත්‍යයන් අනිත් අය සමඟ බෙදාගැනීමට අපි කැමැත්තෙන්ම කාලය හා ශ්‍රමය වැය කරද්දී, දීමෙන් මිස වෙනත් කිසිම දෙයකින් ලබාගත නොහැකි ප්‍රීතියක් අපිට ලබන්න පුළුවන්. (ක්‍රියා 20:35) ‘අපේ වැඩයද අපි ඔහුගේ නාමයට පෙන්නූ ප්‍රේමයද මතක නැති කරන්ට තරම් දෙවි අධර්මිෂ්ඨ නැහැ.’ මේ නිසා අපි රාජ්‍යය දේශනා කිරීමේ කාර්යයට අපේ කාලය හා ශ්‍රමය දිගටම යොදවනවා නම්, අනාගතය ගැන ස්ථිර විශ්වාසයක් ඇතුව සිටින්න අපට පුළුවන්.—හෙබ්‍රෙ. 6:10.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න