ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 8/02 1 පි.
  • ආත්මික ඉලක්ක තබාගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ආත්මික ඉලක්ක තබාගන්න
  • 2002 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • ක්‍රිස්තියානි ඉලක්ක අත් කරගන්නා අන්දම
    2006 අපගේ රාජ්‍ය සේවාව
  • ආත්මික ඉලක්ක තැබීමෙන් ඔබේ මැවුම්කරුව මහිමවත් කරන්න
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මගේ ඉලක්ක අත් කරගන්නේ කෙසේද?
    2010 පිබිදෙව්!
  • යෞවනයෙනි, ඔබ ආත්මිකව ප්‍රගතියක් ලබමින් සිටිනවාද?
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2002 අපගේ රාජ්‍ය සේවාව
km 8/02 1 පි.

ආත්මික ඉලක්ක තබාගන්න

1 අනාගතයේදී සදාකාලයෙන් සදාකාලයටම යෙහෝවාට ප්‍රශංසා කරන්න ලැබීම මොනතරම් උතුම් වරප්‍රසාදයක් වනු ඇද්ද! මෙම වරප්‍රසාදය භුක්ති විඳීමේ ඉලක්කය ඉටු කරගැනීමට අපට උපකාරවත් වන දෙයක් වන්නේ වර්තමානයේදී යම් ඉලක්ක තබාගෙන, ඒවා ඉටු කරගැනීමට වෑයම් කිරීමයි. මෙසේ වෑයම් කරනවා නම් අප සතු ශක්තිය හා හැකියාවන් නැණවත් ලෙස පාවිච්චි කිරීමට අපට හැකියි. (1 කොරි. 9:26) මෙහිදී ඔබට අත් කරගත හැකි ඉලක්ක මොනවාද?

2 බයිබලය අධ්‍යයනය කිරීම: ඔබ සෑම සභා රැස්වීමකටම සූදානම් වෙනවාද? එසේනම් ඔබ අධ්‍යයනය කරන විට පර්යේෂණ කිරීමට හා මෙනෙහි කිරීමට කාලය වෙන් කරනවාද? උදාහරණයක් හැටියට සතිපතා පවත්වන මුරටැඹ පාඩමට හා සභා පොත් පාඩමට සූදානම් වෙද්දී, ඔබ කරන්නේ උත්තරවලට ඉරි ගැසීම පමණක්ද? නැත්නම් ඔබ සඳහන් කර තිබෙන ශුද්ධ ලියවිලි පාඨ බලනවාද? ඒ වගේම දී තිබෙන පැහැදිලි කිරීම්වලට හේතු ගැන ගැඹුරින් සිතා බලනවාද? සෑම සතියකම දිව්‍යාණ්ඩු සේවා පාසැලේ පවරා තිබෙන බයිබල් කියවීමට අදාළ පරිච්ඡේදවලින් තෝරාගත් කරුණු කිහිපයක් ගැන පර්යේෂණ කිරීම ඔබේ ඉලක්කය කරගත හැකිද? මෙසේ ආත්මික කාරණා ගැඹුරට හැරීම සඳහා කාලය වැය වුණත්, එයින් ලැබෙන ප්‍රයෝජන කියා නිම කළ නොහැකියි.—හිතෝ. 2:4, 5.

3 සභා රැස්වීම්: තවත් ඉලක්කයක් වන්නේ සභා රැස්වීම් පහටම නිතිපතා පැමිණීමයි. වේලාසනින් පැමිණෙනවා නම් සෙසු නමස්කාරකයන් සමඟ ඇසුරු කිරීමටත් ආරම්භක ගීතිකාවට හා යාච්ඤාවට හවුල් වීමටත් හැකි වන අතර, මෙය සභාවේ ස්ප්‍රීතුව තව තවත් ශක්තිමත් කිරීමට දායක වෙයි. ඒ වගේම සෑම රැස්වීමකදීම අදහස් දැක්වීමටත්, එය තව දියුණු කරගැනීමටත් අපට වෑයම් කළ හැකියි. මෙහිදී ඔබට කළ හැකි දෙයක් වන්නේ යම් ඡේදයක තිබෙන ශුද්ධ ලියවිලි පාඨයක් සාකච්ඡාවට සම්බන්ධ වන ආකාරය පැහැදිලි කිරීම හෝ සාකච්ඡා කරන තොරතුරු එදිනෙදා ජීවිතයට අදාළ වන ආකාරය පෙන්වා දීමයි.—හෙබ්‍රෙ. 10:24, 25.

4 ක්ෂේත්‍ර සේවය: අප ඉලක්ක තබාගන්න විට අපේ දේවසේවයේ විශාල දියුණුවක් දැකිය හැකියි. සෑම මාසයකම නිශ්චිත පැය ගණනක් සේවයේ හවුල් වීමට ඔබ ඉලක්ක කරගෙන තිබෙනවාද? මෙසේ කිරීම ප්‍රයෝජනදායක බව සමහරුන්ට පෙනී ගොස් තිබෙනවා. ඔබේ දේවසේවයේ ඇතැම් අංග ඔබට දියුණු කරගත හැකිද? ගෙයින් ගෙට සේවයේදී බයිබලය භාවිත කිරීම, වඩාත් අර්ථාන්විතව නැවත බැලීම් කිරීම, බයිබල් පාඩමක් පටන්ගැනීමට වෑයම් කිරීම හා පාඩම්වලදී වඩාත් බලපෑමෙන් යුක්තව ඉගැන්වීම එම අංගවලට අයත් වෙයි.

5 දෙමාපියෙනි, යෙහෝවාගේ සේවයෙහි ඉලක්ක තබාගැනීමට ඔබ ඔබේ දරුවන්ව දිරිමත් කරනවාද? පුරෝගාමියෙකු, මිෂනාරිවරයෙකු හෝ බෙතෙල් පවුලේ සාමාජිකයෙකු ලෙස සේවය කිරීම, යෙහෝවාට තමන් මොනතරම් ස්තුතිවන්ත වෙනවාද කියා පෙන්වීමට තිබෙන විශිෂ්ට ආකාරයක් බව තේරුම්ගැනීමට ඔවුන්ට උපකාර කරන්න.—දේශ. 12:1.

6 අපේ ආත්මික ක්‍රියාකාරකම් පරීක්ෂා කර බලමින් ඒ සම්බන්ධයෙන් ඉලක්ක තබාගෙන, ඒවා ඉටු කරගැනීමට කටයුතු කරද්දී අපේ සේවයෙන් මහත් ප්‍රීතියක් භුක්ති විඳීමට මෙන්ම අන් අයට දිරිගැන්වීම් උල්පතක් වීමටද අපට හැකියි.—රෝම 1:12.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න