ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 4/03 1 පි.
  • ‘එම තත්වය පිළිගන්න’

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘එම තත්වය පිළිගන්න’
  • 2003 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • තනිකඩව සිටින කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • තනිකඩභාවය—බාධාවකින් තොර ක්‍රියාකාරකම්වලට දොරටුවකි
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවාට සතුටින් සේවය කරන තනිකඩ අය
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2003 අපගේ රාජ්‍ය සේවාව
km 4/03 1 පි.

‘එම තත්වය පිළිගන්න’

1 යේසුස් ඔහුගේ ගෝලයන් සමඟ විවාහය ගැන කතා කරමින් සිටි අවස්ථාවකදී තනිකඩභාවය විස්තර කළේ ‘දීමනාවක්’ ලෙසයි. ඉන් අනතුරුව ඔහු මෙසේ පැවසුවේය. “එම තත්වය පිළිගත හැකි තැනැත්තා එය පිළිගනීවා.” (මතෙ. 19:10-12, NW) ඉන් අවුරුදු කිහිපයකට පසු ප්‍රේරිත පාවුල් තනිකඩභාවයේ ප්‍රයෝජන ගැන ලියන විට ඔහුව අනුගමනය කරමින් දිගටම අවිවාහකව සිටීමට ඔහු සෙසු අයව දිරිමත් කළේය. (1 කොරි. 7:7, 38) අද සිටින බොහෝදෙනෙක් තනිකඩභාවය ‘පිළිගෙන’ තිබීමෙන් එහි ප්‍රයෝජන භුක්ති විඳිමින් සිටිති. තනිකඩව සිටීමේ ප්‍රයෝජන මොනවාද?

2 “සිත වෙනතකට යොමු [නොකර]” සේවය කිරීම: තනිකඩව සිටීම නිසා “සිත වෙනතකට යොමු [නොකර]” යෙහෝවාට සේවය කිරීමට ඔහුට හැකියාව ලැබුණු බව පාවුල් තේරුම්ගත්තේය. ඔව්, අද සිටින තනිකඩ සහෝදරයන්ට දේවසේවා පුහුණු පාසැලට සහභාගි වීම සඳහා සුදුසුකම් අත් කරගැනීමට වෙර දැරිය හැකියි. එමෙන්ම තනිකඩ පුද්ගලයන්ට පුරෝගාමී සේවය කිරීමට, වෙනත් භාෂාවක් ඉගෙනගැනීමට, අවශ්‍යතාව වැඩි ප්‍රදේශයක සේවය සඳහා යෑමට, බෙතෙල්හි සේවය කිරීමට හෝ වෙනත් විශේෂ සේවා ප්‍රස්තාවන් සඳහා ඉදිරිපත් වීමට වැඩි නිදහසක් තිබේ. මෙවැනි කෙනෙකුට පෞද්ගලික අධ්‍යයනය ගැඹුරින් කිරීමටත්, මෙනෙහි කිරීමටත්, හෘදයාංගමව යාච්ඤා කිරීමෙන් යෙහෝවාට වඩාත් කිට්ටු වීමටත් වැඩි කාලයක් හා ප්‍රස්තා උදා විය හැකියි. සාමාන්‍යයෙන් තනිකඩ පුද්ගලයෙකුට අනිත් අයට සහය වීම සඳහාද වැඩි කාලයක් ලැබේ. මේ සෑම ක්‍රියාකාරකමකින්ම පුද්ගලයෙක් ‘පෞද්ගලිකවද ප්‍රයෝජන’ භුක්ති විඳියි.—1 කොරි. 7:32-35, NW; ක්‍රියා 20:35.

3 එලෙස සිත වෙනත් දේවල් කෙරෙහි යොමු නොකර තබාගනිමින් දෙවිට සේවය කිරීමෙන් ලැබිය හැකි ප්‍රයෝජන අපමණයි. කෙන්යාවේ ජීවත් වන 27 හැවිරිදි තනිකඩ සහෝදරියක් මෙසේ සඳහන් කළාය. “මට හුඟාක් මිතුරු මිතුරියන් හිටියා. කරන්න වැඩ ගොඩාක් තිබුණා. අපි දේවල් කළේ එකටයි. එක් එක්කෙනාව නිතර හමු වුණා. . . . තනිකඩව සිටීමෙන් මට ලැබුණු අමතර නිදහස හා කැමති තැනක යන්න එන්න හැකිවීම නිසා දේවසේවයේ වැඩි වැඩියෙන් හවුල් වෙන්න මට පුළුවන් වුණා. ඒකෙන් මට ලොකු ප්‍රීතියක් ලැබුණා.” ඇය තවදුරටත් මෙසේ පැවසුවාය. “යෙහෝවා සමඟ තියෙන මගේ සම්බන්ධතාව පසුගිය අවුරුදු ගණනාව පුරා සෑහෙන්න ගැඹුරු වෙලා තියෙනවා.”

4 එය පිළිගෙන ප්‍රයෝජන ලැබීම: තනිකඩභාවය නමැති දීමනාව සඳහා ඉඩ කඩ සලසාගත යුත්තේ ‘ස්වර්ග රාජ්‍ය වෙනුවෙන්’ බව යේසුස් පැවසුවේය. (මතෙ. 19:12) ඕනෑම දීමනාවකින් නොහොත් තෑග්ගකින් ප්‍රීතිවීමට මෙන්ම ප්‍රයෝජන ලබාගැනීමට නම් එය නිසි ලෙස භාවිත කළ යුතුයි. මෙය තනිකඩභාවය සම්බන්ධයෙන්ද සැබෑවකි. තනිකඩව සිටීම නිසා ලැබෙන ප්‍රස්තාවලින් නිසි ප්‍රයෝජන ගැනීමෙන්ද ප්‍රඥාව හා ශක්තිය සඳහා යෙහෝවා මත රඳා සිටීමෙන්ද අවිවාහක අය බොහෝදෙනෙක් එම දීමනාව පිළිගැනීමේ වටිනාකම තේරුම්ගෙන සිටිති.

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න