ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w12 11/15 20 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • තනිකඩභාවය—බාධාවකින් තොර ක්‍රියාකාරකම්වලට දොරටුවකි
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘එම තත්වය පිළිගන්න’
    2003 අපගේ රාජ්‍ය සේවාව
  • තනිකඩව සිටින කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවාට සතුටින් සේවය කරන තනිකඩ අය
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w12 11/15 20 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

මතෙව් 19:10-12ට අනුව කෙනෙක් තනිකඩව ඉන්න තීරණය කරන්නේ විවාහ නොවී සිටීමේ දීමනාව ආශ්චර්යවත් ලෙස දෙවි ඔහුට දීලා තියෙන නිසාද?

යේසුස් මේ ගැන කතා කළේ පරිසිවරු දික්කසාදය ගැන ප්‍රශ්නයක් අහපු නිසයි. ‘බිරිඳගේ නොමනා හැසිරීම නිසා’ දික්කසාද වෙන්න ඊශ්‍රායෙල් පුරුෂයෙකුට අවසර තිබුණා. (ද්වි. 24:1, 2) නමුත් මුල් යුවළව විවාහ කළ අවස්ථාවේදී යෙහෝවා දෙවි ඒ වගේ දෙයක් අරමුණු කළේ නැහැ. විවාහය හා දික්කසාදය සම්බන්ධයෙන් දෙවිගේ ප්‍රමිතිය යේසුස් කාවැද්දුවේ මේ ආකාරයටයි. ‘වේශ්‍යාකම නිසා මිස වෙන හේතුවකට තම බිරිඳව දික්කසාද කර වෙන ස්ත්‍රියක විවාහ කරගන්නා කෙනෙක් අනාචාරයේ යෙදෙනවා.’—මතෙ. 19:3-9.

ඒක අහපු ගමන් ගෝලයෝ මෙහෙම කිව්වා. “තත්වය එසේනම් විවාහ නොවී සිටීම වඩාත් හොඳයි.” (මතෙ. 19:10-12) එතකොට යේසුස් කිව්වේ මෙහෙමයි. “හැමදෙනාම එම වදන් පිළිගන්නේ නැහැ. විවාහ නොවී සිටීමේ දීමනාව ඇති අය පමණයි එය පිළිගෙන ඒ සඳහා ඉඩකඩ සලසාගන්නේ. උපතේදී උරුම වූ යම් දෝෂයක් නිසා සමහරු විවාහ නොවී සිටියි. තවත් අය විවාහ නොවන්නේ ඔවුන්ව මිනිසුන් විසින් නපුංසකයන් බවට පත් කර ඇති නිසයි. තවත් පිරිසක් විවාහ නොවී සිටින්නේ ස්වර්ග රාජ්‍යය වෙනුවෙන් සේවය කිරීමටයි. එවැනි සේවයක් කිරීමට ඉඩකඩ සලසාගන්නා පුද්ගලයාට එසේ කළ හැකියි.”—මතෙ. 19:10-12.

යේසුස් විවාහ නොවී ඉන්න පිරිස් තුනක් ගැන කතා කළා. ඉන් දෙපිරිසක් නපුංසකයන්. ඔවුන් ඒ තත්වයට පත් වෙලා තියෙන්නේ උපතේදීම උරුම වුණ දෝෂයක් නිසා හෝ අනතුරක් සිදු වුණ නිසා හෝ කප්පාදු කරනු ලැබුව නිසයි. තුන්වෙනි පිරිස විවාහ වීමට හැකියාවක් තිබුණත් තම ආශාවන් පාලනය කරගෙන විවාහ නොවී ඉන්නේ ‘ස්වර්ග රාජ්‍යය වෙනුවෙන් සේවය කරන්න’ කැමති නිසයි. යේසුස් ඒ වගේ කෙනෙක්. ඒ වගේ අය තනිකඩව ඉන්නේ ඒ දීමනාව ඇතුව ඉපදුණ නිසාවත් දෙවි එය ආශ්චර්යවත් ලෙස ඔවුන්ට දීලා තියෙන නිසාවත් නෙමෙයි. ඒ වෙනුවට විවාහ නොවී ඉන්න ඔවුන් කැමැත්තෙන්ම ඉඩකඩ සලසාගත් නිසයි.

යේසුස් කිව්ව දේ තවදුරටත් පැහැදිලි කරමින් පාවුල් කිව්වේ විවාහක අවිවාහක හැමෝටම දෙවිට පිළිගත හැකි ආකාරයෙන් සේවය කරන්න අවස්ථාව තිබෙනවා කියලයි. නමුත් විවාහ නොවී සිටීමට “අධිෂ්ඨාන කරගෙන” ඉන්න කෙනෙක් ඒ තීරණයට ඇලී ඉන්නවා නම් ඔහුට “යහපතක් සිදු වෙයි” කියලත් පාවුල් කිව්වා. ඒකෙන් අදහස් කළේ මොකක්ද? විවාහකයෙකුට දෙවිට සේවය කරන ගමන් තමාගේ සහකරුව හෝ සහකාරියව සතුටු කරන්නත් රැකබලා ගන්නත් කාලය වෙන් කරන්න සිද්ධ වෙනවා. නමුත් අවිවාහකයෙකුට ඒ වගේ වගකීම් නැති නිසා දේවසේවයට සම්පූර්ණ කාලය දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ ප්‍රස්තාව ඔවුන් සලකන්නේ දෙවිගෙන් ලැබුණු දීමනාවක් හැටියටයි.—1 කොරි. 7:7, 32-38.

ඒ අනුව විවාහ නොවී සිටීමේ දීමනාව දෙවි ක්‍රිස්තියානියෙකුට ආශ්චර්යවත් ලෙස ලබාදෙන එකක් නෙමෙයි. එය අවධානය වෙනතකට යොමු නොකර ස්වර්ග රාජ්‍යය වෙනුවෙන් සේවය කරන්න කැමති නිසා කෙනෙක් කැමැත්තෙන්ම ගන්නා පෞද්ගලික තීරණයක්. අද ඉන්න හුඟදෙනෙක් විවාහ නොවී ඉන්න තීරණය කරලා තියෙන්නේ ඒ නිසයි. ඒ තීරණයට ඇලී ඉන්න අපි හැමෝම ඔවුන්ට සහයෝගය දෙමු.

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න