ඉතා උනන්දුවෙන් ‘පූර්ණ ලෙස සාක්ෂි දරන්න’
1, 2. ශුභාරංචිය දේශනා කිරීම දෙස පාවුල් බැලූ ආකාරය දෙස බලන කල ඔබේ සිතට කාවදින්නේ කුමක්ද? ‘පූර්ණ ලෙස සාක්ෂි දැරීමේ’ ඔහුගේ ආදර්ශය අනුගමනය කිරීමට අපට හැක්කේ කෙසේද?
1 යේසුස් සහ වෙනත් බොහෝ විශ්වාසවන්ත ඉපැරණි සේවකයන් මෙන්, ප්‍රේරිත පාවුල් ශුභාරංචියේ ජ්වලිතවත් දේශනාකරුවෙකු වූ අතර, තත්වය කුමක් වුවද “පූර්ණ ලෙස සාක්ෂි දැරුවේය.” නිවාස අඩස්සියේ සිටින විටදී පවා, ඔහු “කතා කිරීමේ පූර්ණ නිදහස ඇතිව, ඔවුන්ට දෙවිගේ රාජ්‍යය දේශනා කරමින්ද ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් ගැන කාරණා උගන්වමින්ද සිටියේය.”—ක්‍රියා 28:16-31, NW.
2 සියලු අවස්ථාවලදී ‘පූර්ණ ලෙස සාක්ෂි දැරීම’ සඳහා ඉතා උනන්දුවෙන් ක්‍රියා කිරීමට අපටත් හැකියි. “දෙවිව මහිමවත් කරන්න” නමැති දිස්ත්‍රික් සමුළුව පැවැත්වෙන නගරය තුළ අප රැඳී සිටින විට, සමුළුවට යන එන අතරතුරේදී අපට හමු වන මිනිසුන්ට සාක්ෂි දැරීම මීට ඇතුළත් වෙයි.—ක්‍රියා 28:23; ගීතා. 145:10-13.
3. අපගේ අවිධිමත් සාක්ෂි දැරීම නිකම්ම අනියම් ලෙස කරන සාක්ෂි දැරීමක් බවට පත්වීමෙන් වළක්වාගැනීමට අපට හැක්කේ කෙසේද?
3 අනියම් සාක්ෂි දැරීමද නැතහොත් අවිධිමත් සාක්ෂි දැරීමද? මෙහි වෙනසක් තිබෙනවාද? ඔව්. යම් දෙයක් අනියම් ලෙස සිදු වෙනවා කියන්නේ කිසිම සැලසුම් කිරීමක් නොමැතිව ඉබේටම සිදු වෙනවා යන්නයි. එසේ වන්නේ එය එතරම් වැදගත්කමක් නැතුවා නිසා වෙන්නට පුළුවනි. නමුත් ඒ අයුරින් අපේ දේවසේවය විස්තර කරන්නට බැරිය. මන්ද පාවුල් මෙන් අපත් සාක්ෂිදැරීම තුළින් දෙවිව මහිමයට පත් කිරීම වැදගත් දෙයක් ලෙස සලකන බැවිනි. තවද අප ගමන් කරන අතරතුරේදී සුදුසු මොනයම් අවස්ථාවක හෝ සාක්ෂියක් දීම අපේ අභිප්‍රාය විය යුතුයි. කෙසේවෙතත්, අප අනුන් වෙත එළඹෙන ආකාරය අවිධිමත් කියා පැවසීම නිවැරදියි. එනම් සැහැල්ලුවෙන්, මිත්රශීලීව සහ සාමාන්‍ය විදිහට සුහදව කතා කිරීමයි. මේ විදිහට කතා කිරීමෙන් හොඳ ප්‍රතිඵල නෙළාගත හැකියි.
4. තමා නවාතැන් ගෙන සිටි ස්ථානයේ සිට සාක්ෂි දැරීමට පාවුල්ට හැකි වූයේ කෙසේද?
4 සාක්ෂියක් දීමට සූදානම් වන්න: රෝමයේ නිවාස අඩස්සියේ සිටින විට සාක්ෂියක් දීම සඳහා අවස්ථාවන් පාදාගැනීමට පාවුල්ට සිදු විණි. තමා නවාතැන් ගෙන සිටි ස්ථානයේදී ඔහු ප්‍රදේශයේ යුදෙව් නායකයන්ට තම නිවසට පැමිණීමට ආරාධනා කිරීමට මුල් පියවර ගත්තේය. (ක්‍රියා 28:17) රෝමයේ ක්‍රිස්තියානි සභාවක් තිබුණද, එම නගරයේ යුදෙව් ප්‍රජාවට ක්‍රිස්තියානි ඇදහිල්ල ගැන තිබුණේ සුළු අවබෝධයක් බව පාවුල් දැනගත්තේය. (ක්‍රියා 28:22; රෝම 1:7, NW) යේසුස් ක්‍රිස්තුස් සහ දෙවිගේ රාජ්‍යය ගැන ‘පූර්ණ ලෙස සාක්ෂි දැරීමට’ ඔහු පසුබට වූයේ නැත.
5, 6. අවිධිමත් ලෙස සාක්ෂි දැරීමට අපට කිනම් අවස්ථා තිබිය හැකිද? එය බලපෑමෙන් යුතුව කිරීම සඳහා කිනම් ප්‍රකාශන අපට යොදාගත හැකිද?
5 මඟ තොටේදී ඔබට හමු විය හැකි, යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන හරි හැටි අවබෝධ කරගෙන නොමැති සියලුදෙනා ගැන සිතන්න. අප නොමිලේ නිවාස බයිබල් පාඩම් පැවැත්වීමට ඉදිරිපත් වන බවවත් සමහරවිට ඔවුන් නොදන්නවා විය හැකියි. බසයෙන් හෝ දුම්රියෙන් ගමන් කරද්දී, ගමන මැද නවතා මදක් ගිමන් හරිද්දී, ඉන්ධන පිරවුම්හල්වලදී, සාප්පු යද්දී, හෝටල්වල නතර වී සිටිද්දී, අවන්හල්වල කෑම කද්දී, ත්‍රීරෝද රථවලින් ගමන් කරද්දී, සුපරීක්ෂාකාරීව සිටිමින් අවස්ථාවන් පාදගෙන සාක්ෂි දරන්න. කෙටියෙන් සාක්ෂි දැරීම සඳහා සංවාදයක් ඇරඹීමට ඔබට කුමක් කිව හැකිද කියා කලින්ම සිතාගන්න. මේ ඉදිරි දිනවලදී සමහරවිට ඔබට හැකියි ඔබගේ අසල්වාසීන්ට, නෑදෑයන්ට, රැකියා ස්ථානයේ එකට වැඩ කරන අයට හා වෙනත් දන්නා හඳුනන අයට අවිධිමත් ලෙස සාක්ෂි දැරීම සඳහා අවස්ථාවන් සලසාගන්න.
6 අවිධිමත් ලෙස සාක්ෂි දරන විට අනුන්ට බෙදා දීම සඳහා යම් ප්‍රකාශන ඔබ ළඟ තිබීම අවශ්‍යයි. කුමන ප්‍රකාශනද? බයිබලය ගැන තවත් දැනගන්න ඔබ කැමතිද? යන පත්‍රිකාව යොදාගත හැකියි. එහි මුල් ඡේද පහ තුළ තිබෙන මූලික කරුණු ඔබට හුවා දැක්විය හැකියි. බයිබලය කියවිය යුත්තේ මන්දැයි යන්නට විවිධ හේතු එහි දක්වා තිබේ. පත්‍රිකාව පිටුපස ඇති, නොමිලේ පැවැත්වෙන බයිබල් පාඩමක් ඉල්ලන කූපනය පෙන්වන්න. හොඳ උනන්දුවක් දක්වන පුද්ගලයෙකුව ඔබට මුණගැසුණොත්, ඕනෑ කරන්නේ විවරණිකාව ඉදිරිපත් කරන්න. වෙනත් භාෂාවක් කතා කරන පුද්ගලයෙකු ඔබට හමුවීමට ඉඩ කඩ තිබෙන හෙයින්, සියලු ජාතීන්ට ශුභාරංචි [සිංහලෙන් නැත] යන පොත රැගෙන යන්න. සාක්ෂියක් දෙන ආකාරය දෙවන පිටුවේ පැහැදිලි කර ඇත. ඔබ මෝටර් රථයකින් ගමන් කරන්නේ නම්, රාජ්‍ය පණිවිඩය කෙරෙහි නියම උනන්දුවක් දක්වන අය සඳහා වෙනත් ප්‍රධාන ප්‍රකාශන කිහිපයක් ඔබගේ රථයේ රැගෙන යෑමට හැකියි.
7, 8. අප ගමන් කරන විටදී හා විවේක කාලයේදී අපගේ පෞද්ගලික පෙනුම හා හැසිරීම ගැන දී තිබෙන කිනම් අවවාදවලට අප අවනත විය යුතුද?
7 ඔබේ පෙනුම සහ හැසිරීම ගැන සැලකිලිමත් වන්න: අපගේ හැසිරීමෙන් මෙන්ම අපගේ ඇඳුම් පැළඳුම්වලින් කිසිම වැරදි හැඟීමක් නොදෙන බවටත් යෙහෝවාගේ සංවිධානයට ‘විරුද්ධව කතා කිරීමට’ කිසිම හේතුවක් නොතබන බවටත් අප වගබලා ගත යුතුය. (ක්‍රියා 28:22, NW) සමුළු පවත්වන අතරතුර පමණක් නොව, සමුළුවලට යන අතරතුර හා විවේක කාලයේදීද මෙය අපට අදාළ වෙයි. වර්ෂ 2002 අගෝස්තු 1 මුරටැඹ කලාපයේ 18වන පිටුවේ 14වන ඡේදයේ මෙසේ අනතුරු ඇඟවීය. ‘අප අනවශ්‍ය ලෙස අවධානය ඇදගන්නා, අමුතු, විච්චූර්ණ විලාසිතාවලින් වැළකී සිටිය යුතුයි. එමෙන්ම ලිංගික හැඟීම් ඇවිස්සීම හා සිරුරේ වසාගත යුතු තැන් නිරාවරණය කිරීම අප ඇඳ පැළඳගෙන සිටින ආකාරයෙන් සිදු නොවිය යුතුයි. තවද අප අඳින පළඳින ආකාරයෙන් ‘දෙවි කෙරෙහි ගෞරවයක්ද’ පිළිබිඹු විය යුතුයි. ඇත්තෙන්ම මෙය අප කල්පනා කළ යුතු දෙයක් නොවේද? සභා රැස්වීම්වලට [හෝ සමුළුවලට] පැමිණෙන විට පමණක් විනීත ලෙස ඇඳ පැළඳගෙන පැමිණ වෙනත් අවස්ථාවලදී නොසැලකිලිමත් ලෙස ඇඳ පැළඳ සිටීම සුදුසු දෙයක් නොවේ. අප දවසේ පැය 24 පුරාම ක්‍රිස්තියානීන් හා දේවසේවකයන් වන නිසා සැමවිටම අපේ පෞද්ගලික පෙනුමෙන් දේවභක්තිය හා ගෞරවාන්විත ආකල්පයක් විදහාපෙන්විය යුතුයි.’—1 තිමෝ. 2:9, 10.
8 අප ඇඳුම් ඇඳිය යුත්තේ විනීතව හා ගෞරවයෙන් යුක්තවය. අපගේ පෙනුමෙන් හා හැසිරීමෙන් සැමවිටම දෙවි කෙරෙහි ඇති අපගේ විශ්වාසය පිළිබිඹු වේ නම්, අවිධිමත් ලෙස සාක්ෂි දැරීමට අපට උදා වන අවස්ථා අප කිසිවිටකත් පැහැරහරින්නේ නැත. මන්ද, අපගේ පෞද්ගලික පෙනුම මගින් ප්‍රසන්න හැඟීමක් අනුන් තුළ ඇති කරවන නිසා ඒ මගින් සාක්ෂි දැරීම පහසු කරවයි.—1 පේතෘ. 3:15.
9. රෝමයේදී පාවුල් සාක්ෂි දැරීමෙන් ලබාගත් සාර්ථක ප්‍රතිඵල මොනවාද?
9 අවිධිමත් සාක්ෂි දැරීම පලදායී වේ: පාවුල් රෝමයේ නිවාස අඩස්සියේ ගත කළ වසර දෙක තුළදී, තම සාක්ෂි දැරීමේ ප්‍රයත්නවලට ලැබුණු යහපත් ප්‍රතිඵල දිටීය. “ඔහු කී දේවල් සමහරු විශ්වාස කළෝය” යයි ලූක් වාර්තා කළේය. (ක්‍රියා 28:24, NW) තමන් ‘පූර්ණ ලෙස සාක්ෂි දැරීම’ මගින් ඇති වුණු බලපෑම තක්සේරු කරමින් ඔහු ලීවේ මෙසේයි. “මා අද්දුටු දේවල් ශුභාරංචියේ දියුණුව උදෙසා සිදු වී තිබෙනවා මිස වෙනතකට හැරී නොතිබෙන බව ඔබ දැනගන්නවාට මම කැමැත්තෙමි. එමගින්, මගේ බැඳුම් ක්‍රිස්තුස් නිසා ඇති වූ බව මුළු ප්‍රීටෝරියානු ආරක්ෂක භට පිරිසත් අන් සියලුදෙනාත් දැනගෙන තිබේ. එමෙන්ම, මාගේ සිරබැඳුම් හේතුවෙන් ස්වාමීන් තුළ සිටින සහෝදරයන්ගෙන් වැඩිදෙනෙක් දිරිමත් වී, දෙවිගේ වචනය භය නැතිව කතා කිරීමට තවත් එඩිතර වී ඇත.”—ෆිලි. 1:12-14, NW.
10. එක් යුවළක් පසුගිය වසරේ සමුළුව අතරතුරේදී සාක්ෂි දැරීමෙන් කිනම් සාර්ථකත්වයක් ලබාගත්තෝද?
10 පසුගිය වසරේදී, දිස්ත්‍රික් සමුළුවක දවසක් ගත කිරීමෙන් පසුව, එක්තරා යුවළකට භෝජනාගාර සේවිකාවකට අවිධිමත් ලෙස සාක්ෂි දරන්නට හැකි වුණේ ඇය ඔවුන්ගෙන් සමුළු බැජ් කාඩ්පත් ගැන විමසූ අවස්ථාවේදීය. සමුළුව ගැනත් මිනිස් වර්ගයාගේ අනාගතය ගැන බයිබලයේ සඳහන් බලාපොරොත්තුව ගැනත් ඔවුහු ඇයට කතා කළෝය. බයිබලය ගැන තවත් දැනගන්න ඔබ කැමතිද? යන පත්‍රිකාවේ පිටපතක් ඇයට දී නොමිලේ නිවාස බයිබල් පාඩමක් පවත්වන ආකාරය ගැන ඇයට පැහැදිලි කළාය. යමෙක් තමන්ව බැහැදකිනවාට කැමති බව පැවසූ මෙම ස්ත්‍රිය පත්‍රිකාවේ අන්තිම පිටුවේ ඇගේ නම හා ලිපිනය ලියා එම යුවළගේ අතට දුන්නේ එසේ කරන මෙන් ඔවුන්ට ආරාධනා කරමිනි. මේ වසරේදී ‘පූර්ණ ලෙස සාක්ෂි දැරීමෙහිලා’ ඉතා උනන්දුවෙන් ක්‍රියා කිරීමෙන් ඔබට කිනම් සාර්ථකත්වයක් ලබාගත හැකි වේවිද?
11. ‘පූර්ණ ලෙස සාක්ෂි දැරීම’ මගින් මේ වසරේදී ශුභාරංචිය පතුරුවාලීමට අපගේ උපරිමය කිරීමෙහිලා අප කිනම් ගුණාංග ප්‍රගුණ කළ යුතුද?
11 ශුභාරංචිය පතුරුවාලීමට ඔබේ උපරිමය කරන්න: තම සෙසු ක්‍රිස්තියානීන් තමාගේ ජ්වලිතවත් ආදර්ශය අනුගමනය කරමින් සිටිනවායයි පාවුල්ට අසන්නට ලැබුණු විට ඔහුට ඇති වූ සතුට කොතරම්දැයි සිතා බලන්න! මේ නිසා අප මේ වසරේ දිස්ත්‍රික් සමුළුවෙන් ප්‍රයෝජන ගන්න අතරේ බයිබලය මත පදනම් අපගේ විශ්වාසයන් ගැන අවිධිමත් ලෙස සාක්ෂි දැරීම මගින් ශුභාරංචිය පතුරුවාලීමට අපට හැකි සියල්ලම අපි කරමු.
[Box on page 3]
අවිධිමත් සාක්ෂි දැරීම සඳහා අවශ්‍ය ප්‍රකාශන
■ බයිබලය ගැන තවත් දැනගන්න ඔබ කැමතිද? (පත්‍රිකාව)
■ දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? (විවරණිකාව)
■ සියලු ජාතීන්ට ශුභාරංචි (පොත් පිංචය)
■ වෙනත් මූලික ප්‍රකාශන
[Box on page 4]
ඔවුන්ව අමතක කරන්න එපා!
අමතක කරන්න එපා? කාවද? ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීමට හෝ විශේෂ කතාවට පැමිණි උනන්දුව දැක්වූ සියල්ලන්වම. මේ වසරේ දිස්ත්‍රික් සමුළුවට පැමිණීමට අප ඔවුන්ට ආරාධනා කොට තිබෙනවාද? ඔබ ඔවුන්ට උණුසුම් ලෙස ආරාධනා කළහොත්, ඔවුන්ගෙන් බොහෝදෙනෙක් පැමිණෙන්නට ඉඩ කඩ තිබේ. ඔවුන් සමුළුවලදී සහ දිරිගැන්වෙනසුලු ආත්මික වැඩසටහන්වලදී ගොඩනංවනසුලු ඇසුර භුක්ති විඳිත්ම, ඔවුන් යෙහෝවාටත් ඔහුගේ සංවිධානයටත් වඩාත් ළං වෙනවා ඇති. ඔවුන්ට ආරාධනා නොකරන්නේ මන්ද? එවිට, සිදුවන දේ බලන්න. ඔවුන්ට අවශ්‍ය කරන සියලු විස්තර සපයන්න. සමුළුව පවත්වන දිනයන්, සමුළු භූමියට යන ආකාරය, සැසිවාර පටන්ගන්නා හා අවසන් වෙන්නාවූ වේලාවන් සහ 2003 ජූනි 8 පිබිදෙව්! කලාපයේ අන්තිම පිටුවේ සඳහන් වී ඇති වැඩසටහන පිළිබඳ පෙර හැඳින්වීම යනාදිය මෙම විස්තරවලට ඇතුළු කරන්නට ඔබට හැකියි.