“සම්පූර්ණ සාක්ෂියක් දරන්න”
1. දේවසේවය සම්බන්ධව පාවුල් අපට තැබූ ආදර්ශය මොකක්ද?
1 “ඔබට පවරා ඇති දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කරන්න.” (2 තිමෝ. 4:5) තිමෝතිට මේ උපදෙස දෙන්න පාවුල්ට හැකි වුණේ ඔහු එය කර තිබුණු නිසයි. මොකද ක්‍රි.ව. 47ත් 56ත් අතර කාලයේදී පාවුල් මිෂනාරි ගමන් තුනක්ම ගිහින් තිබුණා. ඔහු “ඉතා හොඳ සාක්ෂියක්” දුන්නා කියලා ක්‍රියා පොතේ කිහිප වතාවකම සඳහන් වෙලත් තියෙනවා. (ක්‍රියා 23:11; 28:23) එහෙම කරන්න අපිටත් පුළුවන් කොහොමද?
2. ගෙයින් ගෙට යද්දී හොඳ සාක්ෂියක් දෙන්න පුළුවන් කොහොමද?
2 ගෙයින් ගෙට: කවදාවත් පණිවිඩය අහලා නැති අයට සාක්ෂි දරන්න නම් ඒ අය ගෙදර ඉන්න වෙලාවට අපි යන්න ඕනෙ. හුඟක් වෙලාවට පුරුෂයන් ගෙවල්වල ඉන්නේ හවස් වෙලාවට නැත්නම් සති අන්තයෙයි. හැම ගෙදරකම ඉන්න කාට හරි සාක්ෂි දැරීම අපේ ඉලක්කය වෙන්න ඕනේ. කවුරුත් ගෙදර හිටියේ නැත්නම් නැවත නැවත ගිහින් බලන්න. ඒත් හිටියේ නැත්නම් ලියුම්වලින් හරි දුරකථනයෙන් හරි සාක්ෂි දරලා හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන් වෙයි.
3. ප්‍රසිද්ධියේ සහ අවිධිමත්ව සාක්ෂි දරන්න ඔබට ලැබෙන අවස්ථා මොනවද?
3 ප්‍රසිද්ධියේ සහ අවිධිමත්ව: ඇහුම්කන් දෙන්න කැමති හැමෝටම “සැබෑ ප්‍රඥාව” දෙන්න යෙහෝවා දෙවිගේ සේවකයන් කැමතියි. ඒ බව ‘වීථිවලදීත් මංසන්ධිවලදීත්’ දැකගන්න පුළුවන්. (හිතෝ. 1:20, 21) එදිනෙදා හමු වෙන අයට සාක්ෂි දරන්න අපි උනන්දු වෙනවද? ‘වෙහෙස මහන්සි නොබලා උද්යෝගයෙන් දෙවිගේ පණිවිඩය ගැන කතා’ කරනවද? (ක්‍රියා 18:5) එහෙම කරනවා නම් “සම්පූර්ණ සාක්ෂියක්” දැරීමේ වගකීම අපි හොඳින් ඉටු කරනවා කියලා කියන්න පුළුවන්.—ක්‍රියා 10:42; 17:17; 20:20, 21, 24.
4. යාච්ඤාව හා ගැඹුරින් කල්පනා කිරීම හොඳ සාක්ෂියක් දෙන්න උදව් වෙන්නේ කොහොමද?
4 අපේම දුර්වලකම් හා භය හින්දා සාක්ෂියක් දරන්න අපි සමහරක් වෙලාවට පසුබට වෙනවා. ඒත් දෙවි අපේ සීමාවන් දන්නවා. (ගීතා. 103:14) කොහොම වුණත් ඒ වෙලාවට භය නැතුව කතා කරන්න අවශ්‍ය ධෛර්යය ඉල්ලලා අපිට යාච්ඤා කරන්න පුළුවන්. (ක්‍රියා 4:29, 31) ඒ වගේම පෞද්ගලික අධ්‍යයනය කිරීම හා දෙවිගේ වචනයෙන් ඉගෙනගන්නා දේවල් ගැඹුරින් කල්පනා කිරීම, ශුභාරංචිය කොච්චර වටිනා පණිවිඩයක්ද කියන එක තේරුම්ගන්න අපිට උදව්වක්. (ෆිලි. 3:8) එතකොට සේවයේ උද්යෝගයෙන් යෙදෙන්නත් අපි පෙලඹෙනවා.
5. යෝවෙල්ගේ අනාවැකිය ඉටු වෙද්දී ඊට හවුල් වෙන්න අපිටත් පුළුවන් කොහොමද?
5 දෙවිගේ මහත් දවස එන තෙක් ඔහුගේ සෙනඟ සාක්ෂි දැරීමේ වැඩයේ ‘නොනැවතීම ඉදිරියට ගමන් කරනවා’ කියලා යෝවෙල්ගේ අනාවැකියේ සඳහන් වෙනවා. (යෝවෙ. 2:2, 7-9) ආයෙ කවමදාවත් කරන්නේ නැති සාක්ෂි දැරීමේ වැඩයට අපි උපරිමයෙන් හවුල් වී ඊට පූර්ණ සහයෝගය දෙමු!