ප්‍රිය රාජ්‍ය ප්‍රචාරකයෙනි:
“එය වැඩීමට සැලැස්වූයේ දෙවිය.” (1 කොරි. 3:6, NW) ශ්‍රී ලංකා ක්ෂේත්රයේ වර්ධනය දැකීම මොන තරම් සතුටක්ද! දෙදහස් තුන සේවා වසරේදී සාමාන්‍යයක් ලෙස ගත් කල, කලින් වසරේ සාමාන්‍යයට වඩා, ඔබ බයිබල් පාඩම් 219ක් අමතරව පවත්වා තිබේ.
පෙබරවාරි මාසයේදී ක්ෂේත්‍ර සේවය තුළ ප්‍රචාරකයන් 3,679ක නව උපරිම සංඛ්‍යාවක් සහභාගි වූහ! මාර්තු සහ අප්‍රියෙල් මාසවලදී උපකාරික පුරෝගාමි සේවය කිරීම සඳහා විශේෂ ප්රයත්නයක් දරන ලදි. මාර්තු මාසයේදී ප්‍රචාරකයන් 451දෙනෙක් මෙහි හවුල් වූහ. මාර්තු සහ අප්‍රියෙල් යන මාස දෙකේදීම මේ එක් එක් මාසවල ප්‍රචාරකයන් 700කට ආසන්න සංඛ්‍යාවක්, විශේෂ, ස්ථාවර හෝ උපකාරික පුරෝගාමි සේවයේ හවුල් වී තිබේ. මේ කාලය අතරතුරේදී යෙහෝවාගේ නාමයට දෙනු ලැබූ ප්‍රශංසාවත් සභාවල පැවති ප්‍රීතියත් ගැන සිතා බලන්න! මේ වසරේදී විශේෂ සඟරා දිනයට විශේෂ සහයෝගයක් දෙනු ලැබිණි. ඔබ වෙහෙස මහන්සි වී වැඩ කළ නිසා, පසුගිය අප්‍රියෙල් මාසයේදී සඟරා 1,49,506ක් බෙදාහැරිණි. මෙය 2002 අප්‍රියෙල් මාසයේදී බෙදා දෙනු ලැබූ සංඛ්‍යාවට වඩා 1,00,000කට ආසන්න සංඛ්‍යාවකින් වැඩිවීමකි! ආත්මික කාරණා හා සබැඳි මේ සියලු ක්‍රියාකාරකම් ඉතා ප්‍රශංසනීයයි. දිගටම ඔබේ යහපත් වැඩය තුළ නියැලෙන්න.
දිගින් දිගටම වර්ධනය වෙන්නාවූ ලෝක ව්‍යාප්ත ක්ෂේත්රය සඳහා අවශ්‍ය පොත් පත් මුද්‍රණය කිරීම සඳහා නිව් යෝක්හි වොච්ටවර් ගොවිපොළෙහි පිහිටි මුද්‍රණාලය දැන් පුළුල් කරනු ලබමින් තිබේ. විශාල මුද්‍රණ යන්ත්‍ර දෙකක් 2004 වසරේදී ලැබීමට නියමිතය. “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” අපට ආත්මික ආකාරයකින් නොකඩවා සැපයීම ගැන අප මොන තරම් ස්තුතිවන්ත වෙනවාද! (මතෙ. 24:45-47) යෙහෝවා අපට සපයන සියලු යහපත් දේවල් සඳහා තිබෙන අපගේ අගය කිරීම පෙන්විය හැකි හොඳම ආකාරයන් නම්, දේවසේවය තුළ ජ්වලිතව සහභාගි වීමත් ඊට අපගේ අනුබලය ලබා දීමත්ය.
අප 2004 සේවා වර්ෂය ආරම්භ කරනවාත් සමඟම, ‘වැඩීමට සලස්වන’ මෙන් ඉල්ලා අපි ඔබ හා එක්ව යෙහෝවාට යාච්ඤා කරන්නෙමු.
ඔබගේ සහෝදරයෝ,
ශ්‍රී ලංකා ශාඛා කාර්යාලය