ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 9/06 1 පි.
  • ශාඛා කාර්යාලය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ශාඛා කාර්යාලය
  • 2006 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • මෙය ඔබට තෝරාගත හැකි හොඳම ජීවිත මඟ විය හැකිද?
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබටත් ඉදිරිපත් විය හැකිද?
    2001 අපගේ රාජ්‍ය සේවාව
  • “දෙවියන්වහන්සේගේ ගෘහය” දෙස අගය කිරීමෙන් යුක්තව බැලීම
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සාදර ඇරයුමයි!
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2006 අපගේ රාජ්‍ය සේවාව
km 9/06 1 පි.

ශාඛා කාර්යාලය

ප්‍රිය රාජ්‍ය ප්‍රචාරකයන් වෙත:

ඔබ විසින් රාජ්‍ය ශාලා ගොඩනැඟීමේ වැඩ පිළිවෙළට දී ඇති සහයෝගය ගැන අපි අපේ අගය ප්‍රකාශ කරන්නට කැමැත්තෙමු. මෙම ව්‍යාපෘතිය දිගටම ක්‍රියාත්මක වෙද්දී බොහෝදෙනෙක් රාජ්‍ය ශාලා අරමුදලට පරිත්‍යාග කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ 1998 වසරේදීයි. ඒ කාලයේදී ශ්‍රී ලංකාවේ අපට තිබුණේ සුදුසු තත්වයේ එක රාජ්‍ය ශාලාවක් පමණයි. නමුත් දැන් අපට රාජ්‍ය ශාලා 43ක් තිබෙන අතර, ශ්‍රී ලංකාවේ සභා 79න් 53ක්ම මේවායේ නිතිපතා රැස්වීම් පවත්වනවා. කෙසේවෙතත්, තවත් ශාලා අවශ්‍යයි. මේ රාජ්‍ය ශාලාවන්ගෙන් වැඩි ප්‍රමාණයක් සාදනු ලැබුවේ රාජ්‍ය ශාලා ඉදිකිරීමේ කණ්ඩායම්වල සහයෝගයෙන්. දැනට අපි මෙම ඉදිකිරීම් සඳහා කොන්ත්‍රාත්කරුවන්ව යොදා ගනිමින් සිටින අතර, එය ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා.

මෙම රාජ්‍ය ශාලාවල පිරිසිදුව තබාගෙන, කැළි කසල ඉවත් කර, මිදුල හා මල්පාත්ති අලංකාරව තැබීමට හැකි උපරිමය කරමින් ප්‍රචාරකයන් දෙවිට ගෞරවය දෙනවා. ශාලාව නඩත්තු කිරීමට අවශ්‍ය මුදල් සඳහා බොහෝදෙනෙක් සම්මාදම් කරනවා. මෙය ඉතා ප්‍රශංසනීයයි. එවැනි ක්‍රමවලින් අපට ලැබී තිබෙන නමස්කාර ස්ථාන සඳහා යෙහෝවා දෙවිට අගය පළ කරන්න අපිට පුළුවන්.

සාක්ෂිකරුවන් නොවන අය රැස්වෙන ස්ථානවල් බොහෝ දුරට අපවිත්‍ර තත්වයකයි තිබෙන්නේ. ඒවායේ කැළි කසල, ටොපි කොල වැනි දේවලට අමතරව, එම ගොඩනැඟිලි බිත්තිවල යම් යම් දේ ලියා හෝ අපවිත්‍ර කර තිබෙනවා ඔබ දැක ඇති. නමුත් අප සියලු දෙනාම, විශේෂයෙන් කුඩා දරුවන් සිටින දෙමාපියන්, යෙහෝවා දෙවිගේ නමස්කාර ස්ථානය කිසිම විදිහකින් කිළිටි නොකිරීමට වග බලා ගත යුතුයි. (ද්විතීය කතාව 23:14) සැබෑ දෙවිගේ “මහිමය අහසත් පොළොවත් අභිබවා යන්නේය.” එසේ නම්, අපගේ රාජ්‍යශාලාවලත් දෙවිගේ එම මහිමය දැකගැනීමට තිබිය යුතුයි.—ගීතාවලිය 148:13, NW.

අනාගතයේදීද මෙම රාජ්‍ය ශාලා ඉදිකිරීම් සම්බන්ධයෙන් අපි යෙහෝවා දෙවිගේ ආශීර්වාද නොකඩවා අයදිමු. අපේ රාජ්‍ය ශාලාව බලාගන්නා අතර, අපිට හැකි පරිදි අපේ මුදලින්, ශ්‍රමයෙන් හා වෙනත් අන්දමින් දායක වීමෙන් අනෙක් ශාලා සෑදීමටත් සහයෝගය දක්වමු. මේ සම්බන්ධයෙන් අපි සියලු දෙනාම, “යහපත කිරීම අත් නොහරිමු. මන්ද අපි විඩාවට පත්ව හෙම්බත් නොවෙමු නම්, නියමිත කාලයේදී නෙළාගන්නෙමු.”—ගලා. 6:9.

ඔබගේ සහෝදරයෝ,

ශ්‍රී ලංකා ශාඛා කාර්යාලය

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න