අපව ප්‍රබෝධවත් කරවන සංගීතය
1 ගීතිකා ගැයීම සහ සංගීතය වනාහි සැබෑ නමස්කාරයේ අත්‍යවශ්‍ය අංගයකි. ඉපැරණි ඊශ්‍රායෙලයේ, ආසාප් සහ ඔහුගේ සහෝදරයෝ මෙසේ ගායනා කළහ. “යෙහෝවාට ස්තුති කරව්. . . . ඔහුට ගීතිකා කියව්. ඔහුට ප්‍රශංසා ගී කියව්. ඔහුගේ සියලු පුදුම ක්‍රියා මෙනෙහි කරව්.” (1 ලේක. 16:8, 9) අද දින අපි අපේ සතිපතා සභා රැස්වීම්වලදී ශබ්ද නඟා යෙහෝවාට ගීතිකා කියන්නෙමු. (එපී. 5:19) ඔහුගේ නාමයට ප්‍රශංසා කිරීමට අපට මේ මගින් ලැබෙන්නේ මොන තරම් පුදුමාකාර ප්‍රස්තාවක්ද!—ගීතා. 69:30.
2 සංගීත කණ්ඩායමක් විසින් සංගීතය සපයා ඇති කිංඩම් මෙලඩීස් නම් වූ රාජ්‍ය ගීතිකාවලට සවන් දීමෙන් අපගේ මනස ආත්මික සිතිවිලිවලින් පුරවාලිය හැකියි. “ගීතිකාවල සංගීත වාදනය මට ඇහෙනකොට, ඒවායේ පදමාලාව මම හිතින් කියනවා. සංගීතය රස විඳීම යෙහෝවා ගැන හිතන්න කදිම ක්‍රමයක්!” යයි එක් සහෝදරියක් පැවසුවාය.—ෆිලි. 4:8, NW.
3 ඒවායේ රස විඳිය හැකි අවස්ථා: මෙම කිංඩම් මෙලඩීස් පට නිවසේදී වාදනය කරන විට, මුළු පවුලේ සාමයට දායක වන උණුසුම් ආත්මික වාතාවරණයක් ඒ මගින් බිහි කරයි. එක් පවුලක සිටින සාමාජිකයෝ මෙසේ පැවසූහ. “අපි මේ සංගීතය අපේ ගෙදරදී හා කාරෙකේ නිතර නිතර වාදනය කරනවා. විවිධ ගීතිකාවල සංගීතයට සවන් දෙනකොට කිසිම විටෙක එය අපට වෙහෙසක් කියා දැනිලා නැහැ. බොහෝවිට ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑමට හෝ එක්රැස්වීමකට යෑමට සූදානම් වන විට කිංඩම් මෙලඩීස්වලින් අප තුළ හොඳ සාමකාමී මානසික රාමුවක් ඇති කරනවා.” එක් සහෝදරියක් මෙසේ කීවාය. “ගෙදර වැඩ කරන අතරතුර ඒවාට සවන් දෙද්දී මට මහත් ප්රබෝධයක් දැනෙනවා. දැන් මම ගෙදරදී රෙදි ටික නමනකොට සන්තෝෂයෙන් ඒක කරනවා! මම මානසිකව වැටිලා ඉන්න අවස්ථාවලදී කරන්නේ සංගීතයට සවන් දෙන එකයි. මේ සංගීතයට තියෙනවා කෙනෙකුව ප්‍රබෝධවත් කරන ගතියක්. . . . සෑම ගීතිකාවකින්ම මනසට හරි සතුටක් ලබා දෙනවා.” එවන් ප්‍රබෝධවත් සංගීතයක් ඔබටත් ප්‍රයෝජනවත් වනු ඇති අවස්ථා තිබෙනවාද?
4 අද දින අසන්නට ලැබෙන සංගීතයෙන් බොහොමයක පිළිබිඹු වෙන්නේ ලෝකයේ ආත්මයයි. දෙමාපියන්ට හැකියි තම දරුවන්ට මිහිරි සංගීතයකට සවන් දීම සඳහා ඔවුන් තුළ ආශාවක් වර්ධනය කිරීමට. එසේ කළ හැකි ක්‍රමයක් නම්, කිංඩම් මෙලඩීස් පට හෝ තැටි හොඳින් භාවිත කිරීමයි. බයිබලය පාඩම් කරන හා උනන්දුව දක්වන බොහෝදෙනෙක්ද මෙම මිහිරි ආත්මික ගීතිකාවන් මගින් යෙහෝවාව මහිමවත් කරන බවත් ඔවුන්ගේ මානසික ස්වභාවය ඉහළ තලයකට ගෙන එන බවත් දැනගැනීම සතුටට කරුණකි.—ගීතා. 47:1, 2, 6, 7.