දිස්ත්‍රික් සමුළුව දෙවිත් සමඟ ගමන් කිරීමට අපව පොලඹවයි
“මාර්ගය මේය, එහි ගමන් කරන්න” යන යෙහෝවාගේ පැහැදිලි මඟ පෙන්වීම “දෙවි සමඟ ගමන් කරන්න” නමැති දිස්ත්‍රික් සමුළුව තුළින් කොතරම් හොඳින් පිළිබිඹු වූවාද! (යෙසා. 30:21, NW) අප ලැබූ උපදෙස් අදාළ කරගැනීමෙන් ‘අප ගමන් කරන ආකාරය ගැන සැලකිලිමත් වීමට’ උපකාරයක් ලැබෙයි. (එෆී. 5:15) අප ඉගෙනගත් දේවල් මෙනෙහි කරනවා නම් ‘සත්‍යයෙහි ගමන් කරමින් සිටීමට’ අපට උපකාරයක් ලැබෙනවා.—3 යොහ. 3.
මෙම වසරේ දිස්ත්‍රික් සමුළුවේ පුනරීක්ෂණය සඳහා සූදානම් වීමට හා සහභාගී වීමට පහත දැක්වෙන ප්‍රශ්න සහ ඔබ සමුළුවේදී ලබාගත් සටහන් යොදාගන්න. මෙම සමාලෝචනය කරනු ලබන්නේ ඔක්තෝබර් 18න් පටන් ගන්නා සේවා රැස්වීමේදීයි.
1. ඒනොක් අර්බුදකාරී කාලයක ජීවත් වුණත් දෙවි සමඟ ගමන් කිරීමට ඔහුට හැකි වුණේ කොහොමද? (හෙබ්‍රෙ. 11:1, 5, 6; යූද් 14, 15; “කාලය අර්බුදකාරී වුවත් දෙවි සමඟ ගමන් කරන්න”)
2. ලූක් 16:10හි සඳහන් ප්‍රතිපත්තිය අදාළ වන්නේ ජීවිතයේ කුමන පැතිවලටද? (“‘ඉතා සුළු දේ ගැන ඔබ විශ්වාසවන්තව කටයුතු’ කරනවාද?”)
3. (අ) හොෂෙයා පොතේ 6 සිට 9 පරිච්ඡේද තුළ, දෙවි සමඟ ගමන් කිරීමට අපට උපකාරවත් වන ප්‍රායෝගික පාඩම් හතරක් සොයාගත හැකියි. ඒවා නම් කරන්න. (හොෂෙ. 6:6, 7; 7:14; 8:7) (ආ) දෙවි සමඟ ගමන් කිරීමට උපකාරවත් වන කිනම් අමතර කරුණු හොෂෙයා 10 සිට 14වෙනි පරිච්ඡේදවලින් සොයාගත හැකිද? (“හොෂෙයාගේ අනාවැකිය දෙවි සමඟ ගමන් කිරීමට අපට අත්වැලකි”—කතා මාලාව)
4. තම විවාහය ශක්තිමත්ව තබාගැනීමට ක්‍රිස්තියානි ස්වාමි පුරුෂයන්ට හා භාර්යාවන්ට කළ හැකි ප්‍රායෝගික දේවල් මොනවාද? (හිතෝ. 12:4; එෆී. 5:29; “‘දෙවි එක් කළ දෙය වෙන්’ නොකරන්න”)
5. අපගේ පරිශුද්ධ රැස්වීම්වලට අප ගෞරවය පෙන්වන්නේ කොහොමද? (දේශ. 5:1; යෙසා. 66:23; “අපගේ පරිශුද්ධ රැස්වීම්වලට ගෞරවය පෙන්නුම් කිරීම”)
6. (අ) අප අර්ථවත් ලෙස අපගේ දේශනා සේවයේ හවුල් වෙනවාද කියා දැනගැනීමට, එම සේවය තුළ තිබෙන සලකා බැලිය යුතු වැදගත් අංග තුන කුමක්ද? (යෙසා. 52:7; සෙක. 8:23; මාක් 6:34) (ආ) විශේෂයෙන්ම සියලු ජාතීන්ට අයත් ජනයාට ශුභාරංචි නමැති ප්රකාශනයේ ප්‍රයෝජනවත් අංගයන් මොනවාද? (“සියලු ජාතීන්ට අයත් ජනයාට ශුභාරංචි”; “වෙනත් භාෂාවක් කතා කරන අයට උපකාර කිරීම”)
7. ධෛර්යවත් ලෙස ශුභාරංචිය දේශනා කිරීම සඳහා නවකයන්ට අප කොහොමද උපකාර කරන්නේ? (යූද් 7:17; “දේවසේවයේ අප හා එක්වීමට බොහෝදෙනෙකුට උපකාර කිරීම”)
8. “යෙහෝවාගේ මහත් දවස ළඟය” යන්න පිළිබඳව අපට ස්ථිර විශ්වාසයක් තිබෙනවා කියා පෙන්වන්නේ කොහොමද? (ශෙප. 1:14; “‘පෙනීමෙන් නොව ඇදහිල්ලෙන් ගමන් කිරීම’”)
9. (අ) බාධාවට පත් කිරීම යන කාරණය කොතරම් බරපතළද? (මාක් 9:42-48) (ආ) අප බාධාවට පත්වීමෙන් වළකින්නේ කොහොමද? (ගීතා. 119:165) (ඇ) අන් අයව බාධාවට පත් කිරීමෙන් වළකින්නේ කොහොමද? (1 කොරි. 10:24; “‘බාධාවීමට කිසිම හේතුවක් නොදීම’”)
10. විවාහ කලත්‍රයෙක් සෙවීම, හොඳ සෞඛ්‍යයක් භුක්ති විඳීමට දරන උත්සාහය සහ ව්‍යාපාර කටයුතුවල නිරත වීම වැනි කාරණාවලදී අප සමබර වන්නේ කොහොමද? (ගීතා. 26:4; මතෙ. 6:25; 1 තිමෝ. 6:9; “පූර්ණ සිහිකල්පනාව ඇතුව සිටින්න”)
11. (අ) යේසුස් ආගන්තුක සත්කාරය ලැබූ අවස්ථා ගැන සලකා බලද්දී දක්නට තිබුණු විශේෂත්වය කුමක්ද? (ලූක් 10:42; 24:32) (ආ) විනෝද වීමට තිබෙන අවශ්‍යතාව, අපටත් අන් අයටත් ප්රබෝධයක් ලැබෙන අයුරින් සපුරාගන්නේ කොහොමද? (1 කොරි. 10:31-33; “ප්රබෝධයක් ගෙන දෙන ඇසුර භුක්ති විඳීම”)
12. ගීතාවලිය 23වන පරිච්ඡේදයට අනුව යෙහෝවාගේ බැටළුවන් වශයෙන් අප භුක්ති විඳින්නේ කිනම් ආශීර්වාදද? එමෙන්ම අපගේ වගකීම් මොනවාද? (1 කො. 10:21; “යෙහෝවා අපගේ එඬේරාය”)
13. “ඇති සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන” ගැනීම යන දේවානුභාවය ලත් අවවාදයට ක්‍රිස්තියානීන් කීකරු වන්නේ කෙසේද? (එෆී. 5:16; “ඇති සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන” ගැනීම)
14. (අ) එළිදරව් 14:7හි සඳහන් ‘විනිශ්චයේ පැයට ඇතුළත් වන්නේ මොනවාද? (ආ) අප සම්පූර්ණයෙන් මහා බැබිලෝනියෙන් වෙන් වෙලා කියා පෙන්වන්නේ කොහොමද? (“‘සෝදිසියෙන් සිටින්න’—විනිශ්චයේ පැය පැමිණ තිබේ”) (ඇ) සෝදිසියෙන් සිටින්න! යන විවරණිකාවේ කිනම් කරුණු කියවීමෙන්ද ඔබ සතුටක් අත් වින්දේ?
15. “හරි මඟ අත් නොහැර යෑමට” අවශ්‍ය වන ගුණාංග තුනක් සඳහන් කරන්න. (2 පේතෘ. 2:15, “‘හරි මඟ අත්හැර නොමඟ’ යෑමෙන් පරෙස්සම් වන්න”)
16. ‘දුෂ්ටයන්ගේ මාවතට ඇතුල් නොවී’ සිටීමට යෞවනයන්ට හැකි වෙන්නේ කොහොමද? (හිතෝ. 4:14; “තරුණයෙනි—ධර්මිෂ්ඨකමේ මාවතෙහි ගමන් කරන්න”)
17. (අ) විඳදරාගැනීම සම්බන්ධයෙන් පාවුල් හොඳ ආදර්ශයක් වුණේ කොහොමද? (ක්‍රියා 14:19, 20; 16:25-33) (ආ) සැබෑ නමස්කාරයට විරුද්ධවාදිකම් කරන අයට බය නොවිය යුත්තේ මන්ද? (නාට්‍ය සහ කතාව, “වර්තමානයේ විරුද්ධවාදිකම් තිබුණත් සම්පූර්ණ සාක්ෂියක් දරමු”)
18. දෙවි සමඟ ගමන් කරන අයට ලැබෙන්නේ කිනම් ආශීර්වාදද? (“දෙවි සමඟ ගමන් කිරීම, දැනුත් සදහටත් ආශීර්වාද ගෙන දෙයි”)
අපගේ ස්වර්ගික පියාණන් සමඟ සදාකාලයටම ගමන් කිරීම සඳහා ‘පිටුපසින් අපේ කනට ඇසෙන’ හඬට ඇහුම් කන් දීමට අදිටන් කරගනිමු.—යෙසා. 30:21; යොහ. 3:36.