ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 12/04 1 පි.
  • ඔබේ උපකාරය අවශ්‍යයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබේ උපකාරය අවශ්‍යයි
  • 2004 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • වැදගත් සේවයක් ඉටු කරන සහායක සේවකයන්
    යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න සංවිධානය වූ සෙනඟක්
  • සහෝදරයෙනි, අමතර වගකීම් දැරීමට උත්සාහ කරන්න!
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෞවනයෙනි, වගකීම් දරන්න ඔයාලා උත්සාහ කරනවද?
    2013 අපගේ රාජ්‍ය සේවාව
  • සහෝදරයන්ව වගකීම් දැරීමට පුහුණු කරන්න
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2004 අපගේ රාජ්‍ය සේවාව
km 12/04 1 පි.

ඔබේ උපකාරය අවශ්‍යයි

1 “අපි සියල්ලන් වෙනුවෙන් ඔබ කරන සෑම දෙයකටම ඔබට ස්තුතියි. එයින් අපිට බොහෝ ප්‍රයෝජන ලැබෙනවා.” එම ප්‍රකාශය මගින් අප අතර සිටින ක්‍රිස්තියානි වැඩිමහල්ලන් සහ සභා සේවකයන් සඳහා අපට තිබෙන කෘතඥතාවේ හැඟීම මනාව පිළිබිඹු වෙනවා. දෙවිගේ සංවිධානය දිනෙන් දින පුළුල් වෙන විට ලොව පුරා තිබෙන 1,00,000ට ආසන්න සභාවන් තුළ සේවය කිරීම සඳහා මේරූ පුරුෂයන් අවශ්‍යව තිබෙනවා. ඔබ බව්තීස්ම ලත් සහෝදරයෙක් නම් ඔබේ උපකාරය අවශ්‍යයි.

2 ‘අත් කරගැනීමට වෑයම් කිරීම’: අමතර සේවා වරප්‍රසාද අත් කරගැනීම සඳහා ඔබට වෑයම් කළ හැක්කේ කෙසේද? (1 තිමෝ. 3:1) මූලිකවම ඔබේ ජීවිතයේ සෑම පැත්තකින්ම කදිම ආදර්ශයක් තැබීමෙන්. (1 තිමෝ. 4:12; තීත. 2:6-8; 1 පේතෘ. 5:3) දේශනා සේවයේ මුළුමනින්ම  සහභාගි වෙන්න. අන් අයටත් එලෙස කිරීමට උපකාර කරන්න. (2 තිමෝ. 4:5) සෙසු ඇදහිලිවන්තයන්ගේ අවශ්‍යතා කෙරෙහි අව්‍යාජ උනන්දුවක් දක්වන්න. (රෝම 12:13) දෙවිගේ වචනය හොඳින් අධ්‍යයනය කරන ශිෂ්‍යයෙක් වෙමින් “ඉගැන්වීමේ කලාව” දියුණු කරගන්න. (තීත. 1:9; 1 තිමෝ. 4:13) වැඩිමහල්ලන් විසින් දෙනු ලැබූ පැවරුම් කඩිසරව ඉටු කරන්න. (1 තිමෝ. 3:10) ඔබ පවුලක මූලිකයෙක් නම් ‘ගෙදර සිටින අයව හොඳින් හසුරුවන්න.’—1 තිමෝ. 3:4, 5, 12.

3 වැඩිමහල්ලෙකු හෝ සභා සේවකයෙකු වශයෙන් සේවය කිරීමට නම් වෙහෙස වී වැඩ කිරීම හා ආත්ම පරිත්‍යාගශීලී ස්වභාවයක් තිබීම අවශ්‍යයි. (1 තිමෝ. 5:17) එම නිසා, එවන් ප්‍රස්තාවන් අත් කරගැනීම සඳහා අන් අයට නිහතමානීව සේවය කිරීම කෙරෙහි අවධානය යොමු කරන්න. (මතෙ. 20:25-28; යොහ. 13:3-5, 12-17) තිමෝති සිතූ ආකාරය මෙනෙහි කර ඒ ආකාරයට සිතන්න. (ෆිලි. 2:20-22) ඔහු මෙන් ඔබත් යහපත් හැසිරීමක් පවත්වාගෙන සුදුස්සෙක් බව පෙන්වන්න. (ක්‍රියා 16:1, 2) අමතර වරප්‍රසාද ඉටු කිරීමට අවශ්‍ය වන ආත්මික ගුණාංග වර්ධනය කරගනිමින් ඔබේ දියුණුව සඳහා ලැබෙන උපදෙස් අදාළ කරගන්නවා නම් “ඔබේ දියුණුව සියල්ලන්ට [පෙනේවී].”—1 තිමෝ. 4:15.

4 දෙමාපියෙනි, අන් අයට උපකාර කිරීමට බාලයන්ව පුහුණු කරන්න: කුඩා කාලයේ පටන්ම දරුවන්ට හැකියි උපකාර කිරීමට ඉගෙනගන්න. රැස්වීම්වලදී හොඳින් අවධානය දීමට, දේශනා කිරීමට සහ රාජ්‍ය ශාලාවේ මෙන්ම පාසැලේදී ආදර්ශවත් ලෙස හැසිරීමට ඔවුන්ව පුහුණු කරන්න. රාජ්‍ය ශාලාව පිරිසිදු කිරීම, වයසක අයට උපකාර කිරීම වැනි දේවලට සහාය වෙමින් අන් අයට සේවය කිරීමට ඔවුන්ව පුහුණු කරන්න. දීමෙන් ලැබෙන සතුට අද්දකින්න ඔවුන්ට ඉඩහරින්න. (ක්‍රියා 20:35) අද දින ලබන එවන් පුහුණුවකින් හෙට දින ඔවුන් පුරෝගාමීන්, සභා සේවකයන් හා වැඩිමහල්ලන් වේවි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න