ප්රගතිශීලී බයිබල් පාඩම් පැවැත්වීම 5වන කොටස:
පියවිය යුතු තොරතුරු ප්‍රමාණය තීරණය කිරීම
1 යේසුස් තම ගෝලයන්ට උගන්වන විට ඔවුන්ගේ සීමාවන් සැලකිල්ලට ගෙන ඔවුන්ට ‘දරාගත හැකි ප්‍රමාණයට’ පමණයි ඉගැන්නුවේ. (මාක් 4:33; යොහ. 16:12) එලෙසම අද දින දේවවචනය උගන්වන්නන් බයිබල් පාඩමක් පවත්වන විට, පාඩම පැවැත්වෙන කාලය තුළ කෙතරම් තොරතුරු ප්‍රමාණයක් පියවනවාද යන්න ගැන සැලකිලිමත් විය යුතුයි. පියවන තොරතුරු ප්‍රමාණය රඳා පවතින්නේ ගුරුවරයා සහ ශිෂ්‍යයා යන දෙදෙනාගේම හැකියාව හා තත්වයන් අනුවයි.
2 ශක්තිමත් ඇදහිල්ලක් ගොඩනඟන්න. සමහර ශිෂ්‍යයන්ට එක පාරින්ම දෙයක් ග්‍රහණය කරගැනීමට හැකි වන නමුත් වෙනත් ශිෂ්‍යයන්ට දෙතුන් පාරක් පැහැදිලි කර දීමට සිදු විය හැකියි. වේගයෙන් කරුණු පියවීමට යෑමෙන් ශිෂ්‍යයාට පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට තිබෙන ප්‍රස්තාව නැති නොකළ යුතුයි. දේවවචනය කෙරෙහි ඇදහිල්ලක් තැබීමට නම් සෑම නවක ශිෂ්‍යයෙකුටම ඒ සඳහා ශක්තිමත් පදනමක් තිබිය යුතුයි.—හිතෝ. 4:7; රෝම 12:2.
3 ඔබ සතිපතා පාඩම පවත්වන විට දේවවචනයෙන් ඉගෙනගන්නා දේ අවබෝධ කරගැනීමට හා පිළිගැනීමට ශිෂ්‍යයාට උපකාර කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් වැය කරන්න. උගන්වන සත්‍යය අවබෝධ කරගැනීමට නොහැකි වන සේ ඉක්මනින් කරුණු පියවීමෙන් වළකින්න. ඉගෙනගන්නාවූ දේට පදනම සපයන ප්‍රධාන බයිබල් පද සලකා බැලීමට සහ මූලික කරුණුවලට අවධානය දීමට ප්‍රමාණවත් කාලයක් දෙන්න.—2 තිමෝ. 3:16, 17.
4 මාතෘකාවෙන් පිට පනින්න එපා. ඉක්මනින් කරුණු පියවීමෙන් වැළකෙනවාට අමතරව අවධානය වෙනතකට යොමු කරන කාරණාවලින්ද වළකින්න. පාඩම අතරතුරේදී ශිෂ්‍යයෙක් පෞද්ගලික කාරණා ගැනම කතා කරන්න පෙලඹෙනවා නම් පාඩමෙන් පසුව ඒ ගැන කතා කිරීමට සැලසුම් යොදන්න අපට හැකියි.—දේශ. 3:1.
5 අනෙක් අතට, අප තුළ සත්‍යය කෙරෙහි තිබෙන උද්යෝගය නිසා පාඩම අතරතුරේදී අමතර දේවල් ගැන කතා නොකර සිටීම අමාරු කාර්යයක් වෙන්න පුළුවන්. (ගීතා. 145:6, 7) පාඩමට අදාළ අමතර කරුණු හෝ අද්දැකීම් ඉඳ හිට ඇතුළත් කිරීම ප්‍රයෝජනවත් වෙයි. එහෙත් මූලික බයිබල් ඉගැන්වීම් පිළිබඳ නිවැරදි දැනුම ලබාගැනීමට ශිෂ්‍යයාට බාධා වන අයුරින් එවැනි කාරණා රාශියක් පැවසීමට වැඩි කාලයක් ගැනීම සුදුසු නැහැ.
6 පාඩම පවත්වන සෑම අවස්ථාවකදීම තොරතුරු ප්‍රමාණවත් ලෙස පියවීමෙන් බයිබල් ශිෂ්‍යයන්ට “යෙහෝවාගේ ආලෝකයෙහි ගමන් කිරීමට” අපි උපකාර කරන්නෙමු.—යෙසා. 2:5, NW.