යෙහෝවාගේ ප්‍රේමණීය කරුණාවට ස්තුතිවන්ත වන්න
යේසුස්ගේ මරණය සිහි කිරීමේ දිනය මාර්තු 24
1. යෙහෝවා තම ප්‍රේමණීය කරුණාව අපට පෙන්වා ඇත්තේ කෙසේද?
1 ගීතිකාකරු මෙසේ පැවසුවා: “යෙහෝවාගේ යහපත්කම [ප්‍රේමණීය කරුණාව, NW] හා මනුෂ්‍ය පුත්‍රයන්ට කරන පුදුම ක්‍රියාවන් ගැන මනුෂ්‍යයෝ ඔහුට ස්තුති කරත්වා.” (ගීතා. 107:8) දෙවිගේ සෙනඟ වෙනුවෙන් ඔහුට තිබෙන ප්‍රේමණීය කරුණාව නිකම්ම අනුකම්පාව දැක්වීමකට වඩා වැඩි යමකි. මෙය ආනුභාවයෙන් ලියූ ප්රශංසාත්මක ප්‍රකාශයෙන් පැහැදිලි වේ. “යෙහෝවා, ඔබගේ ප්‍රේමණීය කරුණාව මා දැරුවේය.” (ගීතා. 94:18, NW) යෙහෝවා අප වෙනුවෙන් තම ඒක ජාතක පුත්‍රයාව දීමෙන් පෙන්නුම් කළේ මොනතරම් අසීමිත ප්‍රේමණීය කරුණාවක්ද!—1 යොහ. 4:9, 10.
2. යෙහෝවාට අපගේ ස්තුතිවන්තකම පෙන්විය හැක්කේ කෙසේද?
2 යේසුස්ගේ මරණය අනුස්මරණය කිරීමේ දිනය ළං වන විට “ප්‍රේමණීය කරුණාව දක්වන දෙවිට” ස්තුති කළ හැක්කේ කොහොමද? (ගීතා. 59:17, NW) යේසුස් පොළොව මත ගත කළ අවසන් දින කිහිපය ගැන මෙනෙහි කිරීම සඳහා කාලයක් වෙන් කිරීමට අප සෑම කෙනෙකුටම වුවමනා වෙයි. (ගීතා. 143:5) සිහිකිරීමේ කාලයේදී දිනපතා ශුද්ධ ලියවිල්ල පරීක්ෂා කිරීම—2005හි තිබෙන විශේෂ බයිබල් කියවීමේ කාලසටහන අනුගමනය කිරීමත් ප්‍රයෝජනදායක වෙයි. හැකියාවක් තිබේ නම් අමතර කියවීම් සහ ශ්‍රේෂ්ඨතම මිනිසා පොතේ 112-116වන පරිච්ඡේද සහ බයිබලය මත පදනම් වෙනත් පොත් පත් පර්යේෂණය කරන්න. ඔබ කියවන පරිච්ඡේද ගැඹුරින් කල්පනා කර ඒවා හදවතේ රඳවාගන්න. (1 තිමෝ. 4:15) යාච්ඤාපූර්වකව දෙවිගේ වචනය අධ්‍යයනය කිරීමෙන් අපගේ හදවත පෝෂණය වෙනවා පමණක් නොව යෙහෝවාට අප තුළ තිබෙන ප්‍රේමයත් ඉන් ප්‍රකාශ කරනවා.—මතෙ. 22:37.
3, 4. (අ) ලයිබීරියාවේ සහෝදරයන්ගේ ආකල්පය අපට අනුකරණය කළ හැක්කේ කෙලෙසද? (ආ) ඔබ සිහි කිරීම සඳහා ආරාධනා කිරීමට බලාපොරොත්තු වන්නේ කාවද?
3 දෙවිට ස්තුති කිරීමට අන් අයවත් පොලඹවන්න: පසුගිය වසරේ සිහි කිරීමේ උත්සවයට ලොව වටා 1,67,60,607දෙනෙක් සහභාගි වුණා. ලයිබීරියාවේ ගම් පළාතක ජීවත් වන සහෝදරයන් ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය ඔහුගේ නගරයේ සැමරීමට අදහස් කරන බව පවසමින් එම පළාතේ නගරාධිපතිට ලිපියක් යැව්වා. එම අවස්ථාව සඳහා ප්‍රදේශයේ පාපන්දු ක්‍රීඩාංගණය භාවිත කිරීමට නගරාධිපති සහෝදරයන්ට අවසර දුන්නා. ඒවගේම එයට සහභාගි වන ලෙස පුද්ගලයන්ට ආරාධනා කරමින් එම ප්‍රදේශය පුරා නිවේදනයක් නිකුත් කිරීමටද සැලැස්සුවා. එම ගමේ සිටි ප්‍රචාරකයන්ගේ සංඛ්‍යාව පහයි. නමුත් සිහි කිරීමේ උත්සවයට පැමිණි සංඛ්‍යාව 636යි!
4 එලෙසම අපටත් ඕනෑ කරන්නේ බොහෝදෙනෙකුට අපත් සමඟ සිහි කිරීමේ උත්සවයට හවුල්වීමට උපකාර කරන්නයි. ඔබ ආරාධනා කිරීමට බලාපොරොත්තු වන අයගේ නම් ලැයිස්තුවක් සකස් කර තිබෙනවාද? මාර්තු 08 පිබිදෙව්! හා මාර්තු 15 මුරටැඹ කලාපයන්වල පිටු පස කවරයේ සිහි කිරීමට පැමිණෙන ලෙස ඇරයුම් කර තිබෙනවා. මුද්‍රිත ආරාධනා පත්ද යොදාගත හැකියි. එම පත්‍රිකාවේ සිහි කිරීම පවත්වන ස්ථානය හා වේලාව පැහැදිලිව සඳහන් කර ඔබ ආරාධනා කරන සෑම කෙනෙකුටම එම පත්‍රිකාවක් දෙන්න. මාර්තු 24 ළඟා වන විට ඒ අයව හමු වී ඒ ගැන මතක් කර පැමිණීමට අවශ්‍ය සැලසුම් යොදන්න.
5. බයිබල් ශිෂ්‍යයන්ට එම අවස්ථාවට පැමිණීම සඳහා දිරිගැන්විය හැක්කේ කොහොමද?
5 රැස්වීම්වලට සහභාගි නොවන බයිබල් ශිෂ්‍යයන්ට මෙම අවස්ථාවෙන් පූර්ණ ප්‍රයෝජන ගැනීමට අපට උපකාර කළ හැක්කේ කොහොමද? මෙම උත්සවයේ තිබෙන වැදගත්කම තේරුම්ගැනීමට උපකාර කිරීම සඳහා පාඩම පැවැත්වෙන සෑම අවස්ථාවකම විනාඩි කිහිපයක් ගත කරන්න. මේ සඳහා අගනා තොරතුරු 2004 මාර්තු 15 මුරටැඹ සඟරාවේ 3-7 දක්වා පිටුවල තිබෙනවා.
6. සිහි කිරීමේ උත්සවයේදී අමුත්තන්ව පිළිගැනීම වැදගත් වන්නේ මන්ද?
6 අමුත්තන්ව සාදරයෙන් පිළිගන්න: සිහි කිරීමට පැමිණෙන අමුත්තන් වෙත ගොස් ඔවුන් සමඟ කතා කරන්න. (රෝම 12:13) ඔබ ආරාධනා කරන අය සමඟ ඉඳගැනීමට කෙනෙකුව සූදානම් කරන්න. ඒවගේම ඔවුන්ට බයිබලයක් සහ ගීතිකා පොතක් තිබෙනවාදැයි බලන්න. විශේෂයෙන්ම අක්‍රියාශීලී සහෝදර සහෝදරියන් පැමිණෙන විට ඔවුන්ව උණුසුම් ලෙස පිළිගැනීමට අපි මුලපිරීමට කටයුතු කරමු. අප ප්‍රේමණීය ලෙස එවැනි උනන්දුවක් දැක්වීම නැවතත් සභාව සමඟ නොකඩවා ඇසුරු කරන්න ඔවුන්ට උපකාරයක් වේවි. (ලූක් 15:3-7) මෙම අති ශුද්ධ උත්සවයේදී අප සමඟ යෙහෝවාගේ “අතිශය ප්‍රේමණීය කරුණාවට” ස්තුති කිරීමට හවුල්වීම සඳහා ඔවුන්ව දිරිගැන්වීමට අපට හැකි සෑම දෙයක්ම අපි කරමු.—ගීතා. 31:21, NW.